. ගයාන් - අශාන් ශූරතා රැක ගැනීමේ සටනක | කෙළිමඬල
2019 අපේ‍්‍රල් මස 24 වැනි බදාදා
ගයාන් - අශාන් ශූරතා රැක ගැනීමේ සටනක
2018-07-27 16:51:22 | ශානුක අරවින්ද

ශ්‍රී ලංකා යුද හමුදාවේ කාලතුවක්කු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය සමග එක්ව 13 වැනි වරටත් සංවිධානය කරන ‘ගනර් සුපර්ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය ජූලි මස 29 වැනිදා පෙරවරු 9.00 සිට මින්නේරිය, කාලතුවක්කු රෙජිමේන්තු ධාවන පථයේදී පැවැත්වේ. 

දක්ෂතම මෝටර් රථ රියැදුරා සහ දක්ෂතම යතුරුපැදිකරුවා තෝරාගනු ලබන ඉසව්ද ඇතුළුව ඉසව් 24 කින් සමන්විත වන මෙම තරගාවලියට යතුරුපැදි තරග සහ මෝටර් රථ තරග 12 බැගින් ඇතුළත් වේ. දිවයිනේ සිටින ප්‍රමුඛ පෙළේ මෝටර් රථ රියැදුරන් සහ යතුරුපැදිකරුවන්ද ඇතුළුව තරගකරුවන් 150 ක් පමණ මෙම තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිත අතර ඊට තරගකාරියන් දෙදෙනෙක්ද ඇතුළත්ව සිටිති. 

ඉකුත් වසරේ (2017) පැවැති තරගාවලියේදී දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස ගයාන් සඳරුවන්ද, දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස අශාන් සිල්වාද සම්මාන දිනාගත්හ. එම ශූරතාව රැක ගැනීම සඳහා ගයාන්ට මේ වසරේදී ඉෂාන් දසනායක, බුද්ධික කසුන සිල්වා සහ ඉවෝන් බී. ගුරුසිංහ වැනි ක්‍රීඩකයන් සමග කරට කර තරගයක නිරත වීමට සිදුව තිබේ. මෙවර මෝටර් රථ ශූරතාව දිනාගැනීම සඳහා අශාන්ට අභියෝග කරන ක්‍රීඩකයන් අතර උෂාන් පෙරේරා සහ කුෂාන් පීරිස් ඉදිරියෙන්ම සිටිති. 

මෙතෙක් පැවැති ‘ගනර් සුපර්ක්‍රොස්’ තරගාවලි 12 දී වැඩිම වාර ගණනක් (2004, 2005, 2006, 2007, 2013 සහ 2017 යන වසරවලදී) දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස ගයාන් සඳරුවන් සම්මාන දිනා ගෙන තිබේ. වැඩිම වාර ගණනක් (2012, 2013, 2014 සහ 2015 වසරවලදී) දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනා ඇත්තේ අරවින්ද ප්‍රේමදාසය. 

විජය පුවත්පත් සමාගමේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සිංගර් සමාගම කටයුතු කරන අතර සියැට්, ටී.වී.එස්. බ්‍රවුන්ස්, අලියා සිසිල් බීම, ජෝන් කීල්ස් සහ පී.එල්.සී. යන සමාගම් එහි සම අනුග්‍රහකයෝ ලෙස කටයුතු කරති.  

යුද්ධයේදී ආබාධිත තත්වයන්ට පත් වූ සහ දැනට සේවයේ නිරතව සිටින කාලතුවක්කු රෙජිමේන්තුවේ රණවිරුවන්ගේ සුබසාධන කටයුතු සඳහා අරමුදල් රැස්කිරීම මෙම තරගාවලියේ අරමුණ බව සංවිධායකයෝ පවසති. 

 

 

ඡායාරූප - ශානුක අරවින්ද

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මුම්බායි පිල හයවැනි ජයත් ලබයි...
2019-04-18 20:15:50
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 34 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර දිල්ලිහිදී අද (18 වැනිදා...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
2019-04-17 20:23:33
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇ...
ආරම්භක පිතිකරුවන් තෝරාගැනීමේ හිසරදය...
2019-04-17 13:35:49
ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක ශූරයන් බවට පත්වූ 1996 වසරේදී මෙන්ම අනු ශූරයන් බවට පත්වූ 2007 සහ 2011 වසරවලදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට ආර...
අසන්ත ද මැල්...
2019-04-18 18:39:23
“මම මාලිංගට දුරකථනයෙන් කථා කළා. මම ඔහුට කිව්වා අපිට ඔහුගේ නායකත්වය පිළිබඳව ප්‍රශ්නයක් නෑ. ඒත් මේ වෙලාවේ අපිට ඕනේ කණ්ඩායම එකමුතුව යන්න කිය...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
ශ්‍රී ලංකා කන්ඩායමට සුබපතන්නද... පෘතුගීසි කන්ඩායමට සුබපතන්නද කියලා හිතාගන්න බෑ ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
තේරීම් කමිටු සභාපති පවසන ආකයට මාලිංගගේ නායකත්වය කිසිම ගැටළුවක් නැතත් අනෙත් ක්‍රීඩකයන් සහයෝගය නොදෙක්වීමයි. රටක් නියෝජනය කරන අනෙත් ක්‍රීඩකයන් නායකයට සහය...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
රටට සෙල්ලම් කරන්න බැරි අය වැඩක් නෑ.....තමන්ගේ පෞද්ගලික හිතු මතේට මෙහෙම රටක්....  සෙල්ලම් කරන්න තරගෙකට බැහැ කියන එක මහ අමන වැඩක්..... රටේ සල්ලි...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
මාලිංග කරුණාකර මහජනතාවට පෙන්නන්න ඔබ තනතුරු සඳහා ගිජු පුද්ගලයෙක් නොවන බව....ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉදිරිපත් වී දක්ෂතා පෙන්වන්න. මහජනතාව ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
ආගම පදනම් කරගෙන ක්‍රීඩකයන් තේරීම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට ඉතාමත් අහිතකර වේ. ...