. කමාන්ඩෝ අභියෝගය ඉරිදා කුඩාඔයදී | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 15 වැනි සෙනසුරාදා
කමාන්ඩෝ අභියෝගය ඉරිදා කුඩාඔයදී
2018-08-03 14:58:00 | ශානුක අරවින්ද

   

ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මොටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය සමග එක්ව තෙවැනි වරට සංවිධානය කරන ‘කමාන්ඩෝ අභියෝගය’ සුපර් ක්‍රොස් මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය ලබන ඉරිදා (5 වැනිදා) පෙරවරු 9.00 සිට ඌව, කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු ධාවන පථයේදී පැවැත්වේ. 


දක්ෂතම මෝටර් රථ රියැදුරා සහ දක්ෂතම යතුරුපැදිකරුවා තෝරාගන්නා ඉසව් 4 ද සමග මෝටර් රථ ඉසව් 12 කින් සහ යතුරුපැදි තරග 10 කින් මෙවර ‘කොමාන්ඩෝ අභියෝගය’ තරගාවලිය සමන්විත වේ. ඒ සඳහා දිවයිනේ ප්‍රධාන පෙළේ මෝටර් රථ රියැදුරන් සහ යතුරුපැදිකරුවන් ඇතුළු තරගකරුවන් 150 ක් පමණ සහභාගි වීමට නියමිතය. 

කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ ඉදිකර තිබෙන මෝටර් රථ ධාවන පථය කිලෝමීටර් 1.9 ක දුරකින් සමන්විත වන අතර යතුරුපැදි ධාවන පථය කිලෝමීටර් 1.6 ක දුරකින් සමන්විත වේ. ඉතුක් වසරේ පැවැති ‘කොමාන්ඩෝ අභියෝගය’ සුපර් ක්‍රොස් තරගාවලියේදී දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස කුෂාන් පීරිස්ද, දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස ඉෂාන් දසනායකද සම්මාන දිනාගත්හ.  

ශ්‍රී ලංකා මොටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය, හච් සමාගමේ අනුග්‍රහයෙන් සංවිධානය කරන ‘ශ්‍රී ලංකා සුපර් සීරීස්’ තරග මාලාවේ පස්වැනි අදියර ලෙස මෙම තරගාවලිය පැවැත්වේ. නරියාකන්ද සුපර් ක්‍රොස්, කොළඹ සුපර් ක්‍රොස් සහ කැවල්රි සුපර් ක්‍රොස් සහ මීරිගම රෝඞ් රේස් පළමු අදියර යන තරගාවලි 4 මින් පෙර එම තරග මාලාවේ යටතේ පැවැති තරගාවලි වේ. 

මෙතෙක් පැවැති තරගාවලිවලදී අශාන් සිල්වා ලකුණු 60 ක් ලබා මෝටර් රථ අංශයෙන්ද,  බුද්ධික කසුන් සිල්වා ලකුණු 51 ක් ලබා යතුරුපැදි අංශයෙන්ද ඉදිරියෙන් සිටිති. උෂාන් පෙරේරා (ලකුණු 43) සහ කුෂාන් පීරිස් (ලකුණු 34) පිළිවෙළින් මෝටර් රථ අංශයේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල රැදී සිටින අතර සමීර ප්‍රේමරත්න (ලකුණු 35) සහ ගයාන් සඳරුවන් (ලකුණු 32) පිළිවෙළින් යතුරුපැදි අංශයේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල රැදී සිටිති. 

තරග මාලාව අවසානයේදී වැඩිම ලකුණු ලබාගනිමින් දක්ෂතම මෝටර් රථ රියැදුරා සහ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වන ක්‍රීඩකයන් දෙදෙනාට නවීන මෝටර් රථ දෙකක් පිරිනැමීමට සංවිධායකයෝ සූදානමින් සිටිති. යතුරුපැදිකරුවන්ට ලකුණු රැස්කිරීම සඳහා පැවැත්වෙන අවසන් සුපර් ක්‍රොස් තරගාවලිය ‘කොමාන්ඩෝ අභියෝගය’ තරගාවලියයි. මෝටර් රථ රියැදුරන්ට ඉදිරියේදී පැවැත්වීමට නියමිත කටුකුරුන්ද ලයන්ස් ටොප් ස්පීඞ් තරගාවලියේදී සහ පන්නල රාත්‍රී මෝටර් රථ තරගාවලියේදීද සිය ලකුණු සංඛ්‍යාවන් ඉහළ නංවාගැනීමට අවස්ථාව හිමිවේ. 

DSC_3078

DSC_3024

ඡායාරූප -ශානුක අරවින්ද

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අකිල ධනංජයට පන්දු යැවීම තහනම් කරයි...
2018-12-10 22:10:25
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව අන්තර් ජාතින ක්‍රික...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
මාලිංගට - මැතිව්ස්ට කෝටි 5 ක ලංසු...
2018-12-12 17:43:10
ලබන වසරේදී (2019) පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියට ක්‍රීඩකයන් තෝරගැනීම සඳහා පැවැත්වෙන වෙන්දේසියේදී ශ්‍...
නවසීලන්ත ක්‍රීඩකයෝ පෙරමුණ ගනිති...
2018-12-11 19:51:35
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට දින හතරකට පෙර, අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් නිකුත් කරන ලද නවතම ක්&zwj...