. ශ්‍රී ලංකා සිංහයෝ සුපිරි වටයට එති | කෙළිමඬල
2019 අපේ‍්‍රල් මස 25 වැනි බ‍්‍රහස්පතින්දා
ශ්‍රී ලංකා සිංහයෝ සුපිරි වටයට එති
2018-08-03 21:04:17 | (නාමල් පතිරගේ)
 
තියුණු සටනකින් පසුව සත්කාරක මියන්මාරයේ ‘ඒෂියා වර්ල්ඞ්’ ක්‍රීඩා සමාජ කණ්ඩායම වට 3/2 කින් පරාජය කළ ශ්‍රී ලංකා ලයන්ස් කණ්ඩායම මියන්මාරයේ නායිෆෙයි තා නුවර දී දැන් පැවැත්වෙන ආසියානු ක්‍රීඩා සමාජ වොලිබෝල් (පිරිමි) තරගාවලියේ සුපිරි අට වටයට පිවිසීමට සමත්විය. 
 
හෙට (4) කසකස්තානයට එරෙහිව පැවැත්වෙන තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා ලයන්ස් සමත්වන්නේ නම් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව ද ශ්‍රී ලංකා පිලට තිබේ. එසේ වුවහොත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සමාජ කණ්ඩායමක් ජාත්‍යන්තර වොලිබෝල් තරගාවලියක දී අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන පළමු අවස්ථාව මෙය වන බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා ‘ලංකාදීප’යට පැවසීය. 
 
කෙසේ වුවත් කසකස්තානයේ ඇතිරායු වී.සී. කණ්ඩායමෙ හමුවේ  ශ්‍රී ලංකාව අද තරගය පරාජයට පත් වුවහොත් එතැන් සිට ඔවුන්ට පස්වැනි ස්ථානයේ සිට අටවැනි ස්ථානය දක්වා ශ්‍රේණිගත කිරීමේ තරග වටයට සහභාගි වීමට සිදුවේ. 
 
මින් පෙර ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වොලිබෝල් තරගාවලියක දී උපරිම දක්ෂතා ලෙස පළකර ඇත්තේ සුපිරි අට වටයට පිවිසීමයි.
 
රටවල් 16ක ජාතික වොලිබෝල් ශූරතා දිනූ ප්‍රබලතම කණ්ඩායම් ගැටෙන මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාව මේ දක්වා පිට පිටම තරග හතරක් ජය ගැනීමට සමත්වීම ද මෙතෙක් ජාත්‍යන්තර වොලිබෝල් තරගාවලියක දී ඔවුන්ගේ ඉහළම දක්ෂතාවක් බවට පත්ව තිබේ.  
 
ඕස්ට්‍රේලියාවේ ‘කබීරා හාට්’ (වට 3/0) තායිලන්තයේ ‘කාකොන් රංචයිමාද මෝල්’ (3/0) හා හොංකොංහි ‘යන්චායි’ (3/0) යන කණ්ඩායම් එහිදී ශ්‍රී ලංකා ලයන්ස් කණ්ඩායම අතින් පරාජයට පත්විය. 
 
මෙම තරගාවලිය සඳුදා (6) නිමාවට පත්වන අතර අවසන් පූර්ව තරග ඉරිදා (5) පැවැත්වීමට නියමිතය. අවසන් මහ තරගය සඳුදා පස්වරුවේ දී පැවැත්වේ. 
 
තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකාවේ ‘ලයන්ස්’ කණ්ඩායමට සර්බියානු පුහුණුකරු ඩෙජාන් මුලිසිටිත් මහතාගේ සේවය ද ලැබී තිබෙන අතර ඔහු මේ වනවිට ශ්‍රී ලංකාවේ සේවයට කැඳවා ඇත්තේ කොළඹ දී ආරම්භ වන පළමු ආසියානු අභියෝග ශූරතා (පිරිමි) වොලිබෝල් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ සේවය සඳහාය. 
 
මෙම ජාත්‍යන්තර ක්‍රීඩා සමාජ තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනකු හැරෙන්නට සෙසු ක්‍රීඩකයන් මෙම 18 වැනිදා ජකර්තා නුවර දී ඇරඹෙන 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙල ඉතිහාසයේ පළමු වතාවට ඒ සඳහා සහභාගි වන ශ්‍රී ලංකා  කණ්ඩායමට ද නිර්දේශ වී සිටියි.
ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මුම්බායි පිල හයවැනි ජයත් ලබයි...
2019-04-18 20:15:50
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 34 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර දිල්ලිහිදී අද (18 වැනිදා...
අසන්ත ද මැල්...
2019-04-18 18:39:23
“මම මාලිංගට දුරකථනයෙන් කථා කළා. මම ඔහුට කිව්වා අපිට ඔහුගේ නායකත්වය පිළිබඳව ප්‍රශ්නයක් නෑ. ඒත් මේ වෙලාවේ අපිට ඕනේ කණ්ඩායම එකමුතුව යන්න කිය...
ශම්මි සිල්වා...
2019-04-18 18:37:22
“ලෝක පූජිත ක්‍රීඩකයෙක් වුණ පළියට හොඳ නායකයෙක් වෙන්නේ නෑ. හොඳ නායකයෙක් ලෝක පූජිත ක්‍රීඩකයෙක් වෙන්නෙත් නෑ. මාලිංගට තරග 12 ක් ලබා දුන්නා...
කෝලි බැංගලෝර් පිලට ජය ගෙනෙයි...
2019-04-19 20:34:34
විරාට් කෝලීගේ (100) විශිෂ්ට පිතිහරඹය හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 35 වැනි තරගය ලෙස කොල්කටා නයිට්රයිඩර්ස් සහ රෝය...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
ශ්‍රී ලංකා කන්ඩායමට සුබපතන්නද... පෘතුගීසි කන්ඩායමට සුබපතන්නද කියලා හිතාගන්න බෑ ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
තේරීම් කමිටු සභාපති පවසන ආකයට මාලිංගගේ නායකත්වය කිසිම ගැටළුවක් නැතත් අනෙත් ක්‍රීඩකයන් සහයෝගය නොදෙක්වීමයි. රටක් නියෝජනය කරන අනෙත් ක්‍රීඩකයන් නායකයට සහය...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
රටට සෙල්ලම් කරන්න බැරි අය වැඩක් නෑ.....තමන්ගේ පෞද්ගලික හිතු මතේට මෙහෙම රටක්....  සෙල්ලම් කරන්න තරගෙකට බැහැ කියන එක මහ අමන වැඩක්..... රටේ සල්ලි...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
මාලිංග කරුණාකර මහජනතාවට පෙන්නන්න ඔබ තනතුරු සඳහා ගිජු පුද්ගලයෙක් නොවන බව....ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉදිරිපත් වී දක්ෂතා පෙන්වන්න. මහජනතාව ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
ආගම පදනම් කරගෙන ක්‍රීඩකයන් තේරීම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට ඉතාමත් අහිතකර වේ. ...