. ශ්‍රී ලංකා යෞවනයෝ තරග දෙකම දිනති | කෙළිමඬල
2018 අගෝස්තු මස 14 වැනි අගහරුවාදා
ශ්‍රී ලංකා යෞවනයෝ තරග දෙකම දිනති
2018-08-10 16:23:21 | .

ආසියානු රග්බි සංගමයේ මෙහෙයවීමෙන් හොං කොං හිදී අද (10) ආරම්භ වූ ආසියානු කුසලාන වයස 20 න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියේදී ශ්‍රී ලංකා යොවුන් පිල සහභාගි වූ පළමු තරග දෙකේදී චීනය සහ චීන තායිපේ යන කණ්ඩායම් පරාජය කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද (10) පස්වරුවේ පැවැති දෙවැනි තරගයේදී ලකුණු 38 - 15 කින් චීන තායිපේ පිල පරාජය කිරීමට සමත් වූහ. මෙහිදී දිනුක් අමරසිංහ උත්සාහක දිනුම් දෙකක්ද, රැන්ඩි සිල්වා, තුලේබ් හසන්, ජනිඳු ඩිල්ෂාන් සහ ගැමුණු කුමාරසිංහ උත්සාහක දිනුම බැගින් ද සම්පූර්ණ කළහ. හරිත් යාපා, චතුර සෙනෙවිරත්න සහ ජනිඳු ඩිල්ෂාන් ගෝල ප්‍රවර්ථන සාර්ථක කළහ.

චීන තායිපේ පිලට එරෙහිව පැවැති තරගයේ පළමු අර්ධය අවසන් වන විට ශ්‍රී ලංකා පිල ලකුණු 26-5 ක් ලෙස පෙරමුණ ගෙන සිටියේය.

 ශ්‍රී ලංකා පිල අද පෙරවරුවේ පැවැති පළමු තරගයේදී චීනය ලකුණු 26-14 කින් පරාජය කිරීමට සමත් වූහ.
චීන පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 14-5 ක් ලෙස පෙරමුණේ පසු වූ අතර ශ්‍රී ලංකා පිල දෙවැනි අර්ධයේදී තවත් ලකුණු 21 ක් රැස්කරමින් ජය තහවුරු කරගැනීමට සමත් විය.

දිනුක් අමරසිංහ දෙවැනි අර්ධයේ දෙවැනි සහ සිවුවැනි මිනිත්තුවලදී සම්පූර්ණ කළ උත්සාහක දිනුම් හරිත් යාපා ගෝල බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ ශ්‍රී ලංකා පිල ලකුණු 19-14 ක් ලෙස ඉදිරියට පැමිණියේය.  තුලේබ් හසන් සිවුවැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමට හරිත් යාපා අතිරේක ලකුණු එකතු කිරීමත් සමඟ ලකුණු පුවරුව 26-14 ක් බවට පත්විය.  

නායක නවීන් හීනකාංකානම්ගේ පළමු අර්ධයේ අවසන් මිනිත්තුවේදී උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් ලකුණු ලබා ගැනීම ආරම්භ කළේය.

ශ්‍රී ලංකා පිල හෙට (11) පෙරවරුවේ පළමු වටයේ අවසන් තරගයේදී සිංගප්පූරුවට එරෙහිව තරග කිරීමට නියමිතය.  


 - 048

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාවට තියුණු ජයක්...
2018-08-08 23:00:15
පල්ලෙකැළේ ක්‍රීඩාංගණයට පැමිණි ප්‍රේක්‍ෂකයන්ගේ බලාපොරොත්තු කඩ නොකළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දකුණු අප්‍රිකාවට එරෙහිව අද ...
ශ්‍රී ලංකා නැඟී එන පිලට දැවැන්ත ජයක් ...
2018-08-09 10:05:34
දිමුත් කරුණාරත්න (125) සහ සධීර සමරවික්‍රමගේ (141) විශිෂ්ට පිතිහරඹයත්, නිෂාන් පීරිස්ගේ (36/5) විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ සංචාරක දකුණු ...
අකිල ධනංජය දකුණු අප්‍රිකාව වනසයි...
2018-08-12 21:20:44
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති  පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී අකිල ධනංජය (29/6) කළ අති විශිෂ්ට පන...
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම තරගාවලිය ජයගනී...
2018-08-11 18:00:13
චරිත් අසලංක (69), කමිඳු මෙන්ඩිස් (54) සහ අසේල ගුණරත්නගේ (57) පිතිහරඹයන් හමුවේ දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජ...