. ඒඩෙක්ස් ක්‍රීඩා උළෙල 18 දා | කෙළිමඬල
2018 අගෝස්තු මස 14 වැනි අගහරුවාදා
ඒඩෙක්ස් ක්‍රීඩා උළෙල 18 දා
2018-08-10 18:48:40 | .

ජායිපූර් කෘතිම පාද පළඳින්නන් වෙනුවෙන් කොළඹ අසරණ සරණ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ඒඩෙක්ස් ක්‍රීඩා උත්සවය මේ මස 18 දින කොළඹ පෙරහැර මාවතේ පිහිටි ස්ටැන්ලි ජෑන්ස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. ආත්ම ගරුත්වයෙන් යුක්තව ස්වඋත්සහායෙන් නැගී සිටීමට වෙර දරණ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙනුවෙන් පැවැත්වෙන මෙම  ක්‍රීඩා උළෙල එදින පෙරවරු 9.00 ට ආරම්භ වීමට නියමිතය.
 
කොළඹ අසරණ සරණ සමිතිය මඟින් 28 වන වරට සංවිධානය කරනු ලබන මෙම ක්‍රීඩා උත්සවය සඳහා දිවයිනේ විවිධ පළාත් වලින් තරගකරුවන් 400 ක් පමණ සහභාගි වෙතැයි අපේක්ෂා කෙරේ. හමුදා ක්‍රියාන්විතයේදී පාද අහිමි වූ සහ රිය අනතුරු, විෂබීජ ශරීර ගතවීම, දියවැඩියාව සහ උප්පත්තියෙන් පාද අහිමිව උපදින දරුවන් මෙම ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වෙති.  

  මීටර් 100, 200, 400 දිවීම, කවපෙත්ත විසිකිරීම, දුර පැනීම, යගුලිය විසි කිරීම සහ දුන්නෙන් විදීම ආදී ක්‍රීඩා ඉසව් ඉසව් 64 ක් පිරිමි/කාන්තා අංශ යටතේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සිලෝන් ටී සර්විස්, කොකා කෝලා බේවරේජර්ස්, ලංකා ෆොන්ටේරා, අලියා සිසිප් බීම, ලංකා මිල්ක්මේඞ්, කාර්ගීල්ස්, ලංකා බිස්කට්, ගලධාරී හෝටලය, හිල්ටන් හෝටලය සහ ස්ටැසන් අපනයන සමාගම ඒඩෙක්ස් ක්‍රීඩා උත්සවයේ අනුග්‍රහකයන් ලෙස කටයුතු කරයි.

කොළඹ අසරණ සරණ සමිති පාලක මණ්ඩලයේ සාමාජිකයින් පරිපාලන හා කාර්මික අංශවල සේවකයන්, මියුසියස් විද්‍යාලීය බාලදක්ෂ මානවිකාවන්, කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය/ශිෂ්‍යාවන් සහ ටෝල්මන් ටුවර්ස් සේවක/ සේවිකාවන්  මෙම උත්සවය සඳහා උපකාර කරනු ඇත.

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාවට තියුණු ජයක්...
2018-08-08 23:00:15
පල්ලෙකැළේ ක්‍රීඩාංගණයට පැමිණි ප්‍රේක්‍ෂකයන්ගේ බලාපොරොත්තු කඩ නොකළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දකුණු අප්‍රිකාවට එරෙහිව අද ...
ශ්‍රී ලංකා නැඟී එන පිලට දැවැන්ත ජයක් ...
2018-08-09 10:05:34
දිමුත් කරුණාරත්න (125) සහ සධීර සමරවික්‍රමගේ (141) විශිෂ්ට පිතිහරඹයත්, නිෂාන් පීරිස්ගේ (36/5) විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ සංචාරක දකුණු ...
අකිල ධනංජය දකුණු අප්‍රිකාව වනසයි...
2018-08-12 21:20:44
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති  පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී අකිල ධනංජය (29/6) කළ අති විශිෂ්ට පන...
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම තරගාවලිය ජයගනී...
2018-08-11 18:00:13
චරිත් අසලංක (69), කමිඳු මෙන්ඩිස් (54) සහ අසේල ගුණරත්නගේ (57) පිතිහරඹයන් හමුවේ දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජ...