. ගල්කිස්ස තෝමසුවන් අවසන් පූර්ව වටයට | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 11 වැනි අගහරුවාදා
ගල්කිස්ස තෝමසුවන් අවසන් පූර්ව වටයට
2018-09-02 15:23:49 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල ඊයේ (01 වැනිදා) සමත්විය.

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ කොළඹ නාලන්ද විදුහල අතර අර්ධ අවසන් පූර්ව තරගය පසුගිය සතියේ පැවතියද කණ්ඩායම් දෙකේ ලකුණු සමවීම හේතුවෙන් තරගය නැවත ඊයේ පැවැත්වීමට සිදුවිය.

කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී නැවත පැවැත්වූ අර්ධ අවසන් පූර්ව තරගයේදී කඩුලු 4 ක ජයක් හිමිකර ගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සමත්විය.

දිල්මින් රත්නායක කඩුලු 4 ක් සහ ශලින් ද මෙල් කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


නාලන්ද විදුහල - ඕවර 48.2 කදී සියලුදෙනා දැවී 164
(ලක්ෂාන් මායාදුන්නේ 35, ජයෝද් කල්දේරා 29, රවීන් ද සිල්වා 30, දිල්මින් රත්නායක 46/4, ශලින් ද මෙල් 28/3, ශමිල්ක වික්‍රමතිලක 22/2)

සා.තෝමස් විදුහල - ඕවර 44.2 කදී කඩුලු 6 ක් දැවී 165
(කිශාන් මුණසිංහ නොදැවී 37, මනීෂ රූපසිංහ 36, ඩියෝන් ප්‍රනාන්දු 28, ජිතේෂ් වාසල 30/2, රශාන් දිසානායක 18/2, චමෝද්‍ය රාජපක්ෂ 25/2)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් වැට උඩ...
2018-12-06 13:53:09
ලෝකයේ හොඳම ටෙස්ට් කණ්ඩායම් හතර අතරේ සිටින නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදීම ටෙස්ට්  තරගාවලියකට සහභාගි වීමට යන්නේ වුවද කණ්ඩායමේ කඩුලු රක...
ශ්‍රී ලංකා නැඟී එන පිලට ලකුණු 109 ක ජයක් ...
2018-12-07 16:07:54
නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පළමු තරගය ලෙස ඕමාන් නැඟී එන කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමද...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
අසන්ත ද මැල්...
2018-12-04 16:25:21
“කරුණාරත්න කියන්නේ හොඳට හිතා මතා ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. ඒ (උපනායක) තනතුරට අපට ඒ වගේ කෙනෙක් ඕනෑ. මොකද ඒ වගේ කෙනෙක් හිටියාම එයාත් එක්...