. ඇලස්ටෙයාර් කුක් ක්‍රීඩාවෙන් සමුගැනීමට සැරසෙයි | කෙළිමඬල
2019 මැයි මස 19 වැනි ඉරිදා
ඇලස්ටෙයාර් කුක් ක්‍රීඩාවෙන් සමුගැනීමට සැරසෙයි
2018-09-03 21:21:01 | .

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් අනතුරුව තමා ජාත්‍යන්තර ක්‍රීඩාවෙන් සමුගන්නා බව එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ ආරම්භ පිතිකරු ඇලස්ටෙයාර් කුක් පවසයි. මේ වන විට 33 වැනි වියේ පසුවන කුක්, ටෙස්ට් තරග 160 කදී ශතක 32 ක් සමගින් ලකුණු 12,254 ක් රැස්කරමින් එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවා බවට පත්ව සිටියි.

ටෙස්ට් තරග 59 කදී එංගලන්ත කණ්ඩායම මෙහෙයවූ කුක්, ඉන් තරගය 24 ක් ජයගෙන, 23 ක් පරාජය වී සෙසු තරග 13 ජය පැරදුමෙන් තොරව අවසන් කරගෙන තිබේ. මේ වන විට ලොව වැඩිම ටෙස්ට් ලකුණු ලාභීන් අතර 6 වැනි ස්ථානයේ පසුවන කුක්, ඉන් 11,627 ක්ම රැස්කරගෙන ඇත්තේ ආරම්භක පිතිකරුවකු ලෙසනි.

“දැන් මට කරන්න කිසිවක් ඉතිරි වෙලා නැහැ. මේ වෙනකොට මම හිතුවටත් වඩා දේවල් කරලා තියෙනවා. මෙපමණ කාලයක් එංගලන්ත කණ්ඩායම නියෝජනය කරන්න අවස්ථාව හිමිවී ගැනත්, ඒ කාල වකවානුව තුළ විශිෂ්ඨ ක්‍රීඩකයන් රැසක් සමග එක ක්‍රීඩා කිරීමට ලැබීම ගැනත් මම හුගක් සතුටට පත් වෙනවා.” යැයි සිය සමුගැනීම ගැන අදහස් දක්වමින් කුක් කියා සිටියේය.

සිය ටෙස්ට් ක්‍රීඩා දිවිය ලකුණු 44.88 ක සාමාන්‍යක් රඳවාගත් කුක්ට මේ වසර (2018) තුළ ඔහු සහභාගි වූ තරග 16 කදී රඳවාගත හැකි වූයේ ලකුණු 18.62 ක සාමාන්‍යකි. එය ඔහුගේ වසර 13 ක ක්‍රීඩා දිවියේ වසරක් තුළ රඳවාගත් අඩුම සාමාන්‍යය ලෙස සටහන් විය. මේ වන විට ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තරග 4 ක්ම නිමා වී තිබුණද, ඉන් එක් තරගයකදී හෝ ලකුණු 50 සීමාව පසුකර යෑමට කුක් අසමත් වී තිබේ.

එංගලන්තය වෙනුවෙන් වාර්තා රැසකට හිමිකම් කියන කුක්, පිට පිටම ටෙස්ට් තරග 158 කට ක්‍රීඩා කරමින් පිට පිටම වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවකට සහභාගි වූ ක්‍රීඩකයා ලෙස ලෝක වාර්තාවක්ද පිහිටුවා තිබේ.

එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලාභියා (12,254), වැඩිම ටෙස්ට් ශතක ලාභියා (32), වැඩිම උඩපන්දු සංඛ්‍යාවක් රැකගත් ක්‍රීඩකයා (173), වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවකට සහභාගි වූ ක්‍රීඩකයා (160) සහ ටෙස්ට් තරගවලදී වැඩිම වාර ගණනක් ලකුණු 150 සීමාව ඉක්මවා ගිය ක්‍රීඩකයා (11) ලෙසද කුක් වාර්තා පිහිටුවා තිබේ.


- 036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මුම්බායි පිල සිව්වැනි අයි.පී.එල්. ශුරතාව දිනයි...
2019-05-12 19:40:39
හයිද්‍රාබාද්හි රජීව් ගාන්ධි අන්තර් ජාතික ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායමට එරෙහ...
බංග්ලාදේශ පිල ශ්‍රී ලංකාවට එවන්නේ නෑ - නස්මුල් හස...
2019-05-12 18:40:32
මේ දිනවල ශ්‍රී ලංකාව තුළ පවතින වාතාවරණය අනුව ඉදිරියේදී තවත් ත්‍රස්තවාදී ප්‍රහාර එල්ලවේදැයි සැකයක් හටගෙන තිබීම නිසා එළබෙන ජූලි ...
මාලිංගට තරග දෙකක් මඟහැරෙයි...
2019-05-17 11:44:00
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා මේ මස 21 වැ...
අමීර්ගේ බලාපොරොත්තු බොඳවෙන ලකුණු ...
2019-05-14 20:11:46
පැපොල රෝගය වැළඳීම හේතුවෙන් සත්කාරක එංගලන්ත පිලට එරෙහිව බි්‍රස්ටල් සහ නොටින්හෑම් හිදී පැවැත්වීමට නියමිත තෙවැනි සහ සිවුවැනි එක්දින තරග ව...