. ශා.ජෝසප් විදුහල අවසන් තරගයට | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 11 වැනි අගහරුවාදා
ශා.ජෝසප් විදුහල අවසන් තරගයට
2018-09-04 18:21:20 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය අද (4 වැනිදා) සමත්විය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව තරගයේදී ගාල්ල මහින්ද විද්‍යාලය ලකුණු 11 කින් පරාජය කිරීමට කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය සමත්විය.

ලක්ෂාන් ගමගේ කඩුලු 3 ක්ද දුනිත් වෙල්ලාලගේ සහ අශේන් ඩැනියල් කඩුලු 2 බැගින් දවාගනිමින් ශාන්ත ජෝසප් විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

මහින්ද විද්‍යාලය වෙනුවෙන් ඔසිඳු කාවින්ද්‍ය අර්ධ ශතකයක්ද, කුෂාන් මදුෂාන් සහ සුබානු රාජපක්ෂ කඩුලු 3 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවද ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය.

ශා.ජෝසප් විදුහල - ඕවර 48 කදී සියලුදෙනා දැවී 177
(මිරංග වික්‍රමගේ 45, දිනල් අනුරාධ 24, දුනිත් වෙල්ලාලගේ 22, ශෙරාන් ෆොන්සේකා 20, ශෙවාන් රසූල් 20, කුෂාන් මදුෂාන් 17/3, සුබානු රාජපක්ෂ 49/3)

මහින්ද විදුහල - ඕවර 49.1 කදී සියලුදෙනා දැවී 166
(ඔසිඳු කාවින්ද්‍ය 50, නවෝද් පරණවිතාන 33, සිතාර ගුරුගේ 25, ලක්ෂාන් ගමගේ 43/3, දුනිත් වෙල්ලාලගේ 22/2, අශේන් ඩැනියල් 31/2)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් වැට උඩ...
2018-12-06 13:53:09
ලෝකයේ හොඳම ටෙස්ට් කණ්ඩායම් හතර අතරේ සිටින නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදීම ටෙස්ට්  තරගාවලියකට සහභාගි වීමට යන්නේ වුවද කණ්ඩායමේ කඩුලු රක...
ශ්‍රී ලංකා නැඟී එන පිලට ලකුණු 109 ක ජයක් ...
2018-12-07 16:07:54
නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පළමු තරගය ලෙස ඕමාන් නැඟී එන කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමද...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
අසන්ත ද මැල්...
2018-12-04 16:25:21
“කරුණාරත්න කියන්නේ හොඳට හිතා මතා ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. ඒ (උපනායක) තනතුරට අපට ඒ වගේ කෙනෙක් ඕනෑ. මොකද ඒ වගේ කෙනෙක් හිටියාම එයාත් එක්...