.jpg)



.
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ‘බී’ කණ්ඩායම අද (5 වැනිදා) සමත්විය.
මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් ක්රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව තරගයේදී කොළඹ රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායමට එරෙහිව කඩුලු 10 ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ‘බී’ කණ්ඩායම සමත්විය.
අහ්මඞ් ජනීෆ් (නොදැවී 78) සහ අනුක් පලිහවඩන (නොදැවී 59) අර්ධ ශතක ලබාගනිමින් සාන්ත තෝමස් විදුහල අවසන් තරගය සඳහා රැගෙන යාමට සමත්වූහ.
රාජකීය විදුහල - ඕවර 47 කදී සියලුදෙනා දැවී 156
(දිසදු සංදේව් නොදැවී 60, ලක්ෂිත පෙරේරා 21, දුලිත් පෙරේරා 23/3, තවීශ රණසිංහ 25/2, අනුක් පලිහවඩන 31/2)
සා.තෝමස් විදුහල - ඕවර 37 කදී කිසිවකු නොදැවී 159
(අහ්මඞ් ජනීෆ් නොදැවී 78, අනුක් පලිහවඩන නොදැවී 59)