. තරගය හදිසියේම කල්දමයි | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 11 වැනි අගහරුවාදා
තරගය හදිසියේම කල්දමයි
2018-09-06 18:21:37 | යොහාන් භාසුර

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 17 න් පහළ ‘සිංගර්’ කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී අද (06) පැවැත්වීමට නියමිතව තිබූ අවසන් පූර්ව තරගය හදිසියේම නතර කිරීමෙන් එම පාසල් දෙක අපහසුතාවට පත්ව ඇති බව වාර්තා වේ. 

මෙම තරගය කල්දැමූ බව පාසල් ක්‍රිකට් සංගමය ඊයේ (05) රාත්‍රී 10.30 ට පමණ පාසල්වලට දැනුම්දී ඇති නමුත් ඒ වන විට ක්‍රීඩකයන් දැනුවත් කිරීමට නොහැකිවීමෙන් ඇතැම් ක්‍රීඩකයන් තරගය සූදානම්ව පැමිණීමෙන් පාසල් බලධාරීහූ දැඩි අපහසුතාවට පත්වූහ.

සරේ ක්‍රීඩාංගණයට පාසල් ක්‍රිකට් සංගමය මුදල් ගෙවා නොමැති වීමෙන් බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමයේ නිලධාරියකු ක්‍රීඩාංගණය වෙන්කිරීම අවලංගු කිරීමෙන් මෙසේ තරගය කල්දැමීමට සිදුවූ බව වාර්තා වේ. 

මෙම සිද්ධිය පිළිබඳව කළ විමසුමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් ප්‍රධානී අරුණ ද සිල්වා මහතා පැවසුවේ පාසල් ක්‍රිකට් සංගමය පෙරේදා පස්වරු 3.00 ට පමණ සරේ ක්‍රීඩාංගණය ඉල්ලා සිටිය ද ඒ වන විට ක්‍රීඩාංගණයේ ප්‍රතිසංස්කරණ ආරම්භ කර තිබීම නිසා ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවයි. 

“අපි එම තරගය සඳහා බණ්ඩාරගම ක්‍රීඩාංගණය වෙන් කරලයි තිබුණේ. නමුත් හිටිහැටියේම සරේ ක්‍රීඩාංගණය ඉල්ලුවම දෙන්න බෑනේ” යැයි අරුණ මහතා වැඩි දුරටත් පැවසීය. 

පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම් ඩිල්ෂාන් ද සිල්වා මහතා මෙම තරගය සරේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන බව පෙරේදා පස්වරුවේ පැවසීය. උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව දැනගැනීමට ඩිල්ෂාන් ද සිල්වා මහතා දුරකථනයෙන් සම්බන්ධකර ගැනීමට උත්සහය අසාර්ථක විය. 

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් වැට උඩ...
2018-12-06 13:53:09
ලෝකයේ හොඳම ටෙස්ට් කණ්ඩායම් හතර අතරේ සිටින නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදීම ටෙස්ට්  තරගාවලියකට සහභාගි වීමට යන්නේ වුවද කණ්ඩායමේ කඩුලු රක...
ශ්‍රී ලංකා නැඟී එන පිලට ලකුණු 109 ක ජයක් ...
2018-12-07 16:07:54
නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පළමු තරගය ලෙස ඕමාන් නැඟී එන කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමද...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
අසන්ත ද මැල්...
2018-12-04 16:25:21
“කරුණාරත්න කියන්නේ හොඳට හිතා මතා ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. ඒ (උපනායක) තනතුරට අපට ඒ වගේ කෙනෙක් ඕනෑ. මොකද ඒ වගේ කෙනෙක් හිටියාම එයාත් එක්...