. ජදේජා ඉන්දියාව අවමානයෙන් මුදා ගනී | කෙළිමඬල
2019 ජනවාරි මස 23 වැනි බදාදා
ජදේජා ඉන්දියාව අවමානයෙන් මුදා ගනී
2018-09-09 20:25:40 | ...

රවින්ද්‍ර ජදේජාගේ (නොදැවී 86) විශිෂ්ට පිතිහරඹය හමුවේ කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පස්වැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (9 වැනිදා) පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් සංචාරක ඉන්දීය කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 292 ක් රැස්කිරීමට සමත්විය.

ලකුණු 174 කට කඩුලු 6 ක් දැවී දැඩි අසීරු අඩියක සිටි ඉන්දීය කණ්ඩායම ඉන් මුදවාගත් රවින්ද්‍ර ජදේජා එංගලන්තය පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාව අතර පරතරය ලකුණු 40 දක්වා අඩු කිරීමට සමත්විය.

අනෙක් අන්තයේ පිතිකරුවන් එකිනෙකා දැවීයන විට කඩුල්ල ආරක්‍ෂා කරගනිමින් ඉනිම අවසන් වනතෙක් කඩුල්ලේ රැඳී සිටි රවින්ද්‍ර ජදේජා ලකුණු 86 ක් රැස්කිරීමට සමත්විය. පන්දු 156 කට මුහුණදුන් ජදේජාගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 11 කින් අලංකාර විය.

මංගල ටෙස්ට් තරගයට සහභාගීවූ හනුමා විහාරී මංගල ටෙස්ට් අර්ධ ශතකය ලබාගනිමින් කඩා වැටුණු ඉන්දීය ඉනිම ගොඩනැගීම සඳහා රවින්ද්‍ර ජදේජාට අනගි සහයක් ලබාදුන්නේය. පන්දු 124 කට මුහුණදුන් විහාරී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සිය ඉනිමට එක්කර ගත්තේය.

හනුමා විහාරී සමගින් එක්ව හත්වැනි කඩුල්ල සඳහා ලකුණු 77 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ රවින්ද්‍ර ජදේජා අවසන් කඩුල්ල සඳහා ජස්ප්‍රීට් බුම්රා සමගින් එක්වද තවත් ලකුණු 32 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය. අවසනු කඩුල්ල සඳහා එක්වූ ලකුණු 32 රවින්ද්‍ර ජදේජාගේ පිත්තෙන් එකතුවූ අතර ජස්ප්‍රීට් බුම්රාට ලකුණු ලබාගැනීමට අවස්ථාවක් හිමිනොවීය.

මුයින් අලී, බෙන් ස්ටෝක්ස් සහ ජේම්ස් ඇන්ඩර්සන් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.

තෙවැනි දිනයවූ අද (9 වැනිදා) තේ පානයට තරගය නතර කරන විට දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටින එංගලන්තය කිසිවකු නොදැවී ලකුණු 20 ක් රැස්කර සිටියේය. මේ වනවිට එංගලන්ත කණ්ඩායම කඩුලු 10 ක් අතැතිව ලකුණු 60 ක් ඉදිරියෙන් පසුවන්නේය.

ඇලෙස්ටයාර් කුක් ලකුණු 13 ක් සහ කීටන් ජෙනිංග් ලකුණු 7 ක් රැස්කරමින් නොදැවී පන්දුවට පහරදෙමින් සිටිති.


එංගලන්ත පළමු ඉනිම - ඕවර 122 කදී සියලුදෙනා දැවී 332
(ඇලෙස්ටයාර් කුක් 71, කීටන් ජෙනිංග් 23, මුයින් අලී 50, ජොස් බට්ලර් 89, ස්ටුවර්ට් බ්‍රෝඞ් 38, රවින්ද්‍ර ජදේජා 79/4, ඉශාන්ත් ශර්මා 62/3, ජස්ප්‍රීට් බුම්රා 83/3)

ඉන්දීය පළමු ඉනිම - ඕවර 95 කදී සියලුදෙනා දැවී 292
(ලෝකේෂ් රාහුල් 37, චිතේෂ්වර් පුජාරා 37, විරාට් කෝලී 49, හනුමා විහාරී 56, රවින්ද්‍ර ජදේජා නොදැවී 86)
එංගලන්ත දෙවැනි ඉනිම - ඕවර 9 කදී කිසිවකු නොදැවී 20)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා ‘ඒ’ පිලට 1-0 ක තරගාවලි ජයක්...
2019-01-16 12:42:19
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍ර...
අවිශ්ක - මිලින්ද ‘ඒ’ පිල දිනවති...
2019-01-19 10:02:21
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) පැවැත...
ක්‍රිකට් කාපාළුවෝ ක්‍රීඩා ඇමතිටත් අල්ලස් දෙන්න හදත...
2019-01-18 20:45:26
  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කිරීම සඳහා තමන්ට අල්ලස් දීමට තැත්කළ අය පිළිබඳව ජාත්‍යන්තර ක්...
පැටර්සන් - ඩෝරන් ඕස්ට්‍රේලියානු පිල ඔසවා තබති ...
2019-01-17 05:20:22
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු  ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර හෝබාට්හි බෙලෙරිව් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (1...