. ආසියානු ශූරියෝ හෙට එති | කෙළිමඬල
2018 ඔක්තෝබර් මස 20 වැනි සෙනසුරාදා
ආසියානු ශූරියෝ හෙට එති
2018-09-10 15:53:46 | පැතුම් ශ්‍රී විජේරත්න

ආසියානු දැල්පන්දු කිරුළ දිනූ  ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (11 වැනිදා) පෙරවරු 1.55 ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ෑණ 349 ගුවන් යානයෙන් දිවයිනට පැමිණීමට නියමිතය. ආසියානු දැල්පන්දු ශූරියන් පිළිගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් සුවිශේශි පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබේ.

ශ්‍රී ලංකාවේ දැල්පන්දු ක්‍රීඩාව කඩා වැටී තිබුනු මොහොතක, 05 වැනි වරටත් ආසියාවේ බලවත්ම කණ්ඩායම බවට  ශ්‍රී ලංකා කණ්ඩායම පත්වූයේ ප්‍රබල සත්කාරක සිංගප්පූරුවට ඔවුනගේ රටේදීම පරාජය උරුම කරදෙමිනි. මෙම ජයග්‍රහනය වෙනුවෙන්  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයන් දෙදෙනෙකු වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධනද ට්විටර් පනිවුඩ යොමු කරමින් සුබපැතුම් එක්කර තිබිණ.

තරගාවලියේ ජයග්‍රහණය සම්බන්ධයෙන්  ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් තරගයෙන් අනතුරුව මෙසේ අදහස් දැක්වූහ.


දැල්පන්දු නායිකා චතුරංගි ජයසූරිය
“මමත් මගේ කණ්ඩායමත් පුහුනුකාරිනිය ඇතුළු අනෙක් කාර්ය මණ්ඩලයත් ගොඩාක් කැපකිරීම් කළා මේ තැනට එන්න. මට ලොකු විශ්වාසයක් තිබුණා මගේ කණ්ඩායම ගැන. ඒ වගේම අපි ආවේ මේ පාර කොහොමහරි කුසලානය අරගෙන යන්නමයි”

“අපිට ඒක අපරාජිතව කරන්න පුළුවන් වුණා. අපි පලමු තරගයේ ඉදලම එකා වන්ව කණ්ඩායම් හැගීමෙන් කටයුතු කළා. එකට එකතුවෙලා පුහුණුවීම් කළා. එකාවගේ අපි අපේ රට ගැන හිතලා ක්‍රීඩා කළා. අපේ ජයග්‍රහණයේ රහස එයයි. මේ ජයග්‍රහණය ගැන ගොඩාක් ආඩම්බරයි. ලංකාවට මේ ජයග්‍රහණය අරන් දෙන්න අපි ගොඩාක් වෙහෙසුණා”

 


තර්ජිනී සිවලිංගම්
අපිට අපේ රටේ තිබුණු 2012 තරගාවලිය ජයගන්න බැරි වුනා. අපි එදා පැරදුනෙත් සිංගප්පූරුවටයි. එදා අපිට ලංකාවෙදි කරන්න බැරි වුනු දේ අපි සිංගප්පූරුවට ඇවිත් ඔවුන්ව ඔවුන්ගේ රටේදිම පරජය කරලා පෙන්නුවා.
මෙම ජයග්‍රහණයේ වැඩි ගෞරව හිමිවෙන්න ඕනේ අපේ පුහුනුකාරිණිය වන තිලකා ජිනදාස මහත්මියට.... 

 

 

 


දුලංගි වන්නිතිලක
අපි කණ්ඩායමක් විදිහට මහන්සි වෙලා ගත්තු ජයක් මේක. මෙම ජයග්‍රහණයේ වැඩි ගෞරව හිමිවෙන්න ඕනේ අපේ පුහුනුකාරිණිය වන තිලකා ජිනදාස මෙනවියට. මොකද අපි ඇතුළට ගිහින් ක්‍රීඩා කලාට ඇය තමයි මාස 07 ක් තිස්සේ සැලසුම් හදලා අපිව පුහුණු කරලා අපි වෙනුවෙන් කැපවෙලා මේ තත්ත්වෙට ගෙනාවේ.

 

 

 


ගයනි දිසානායක
සිංගප්පූරුවේ වාසය කරන අපිව දිරිමත් කරන්න පැමිනි සියලුම  ශ්‍රී ලාංකිකයන්ට වගේම අපිට ශක්තියක් වූ ලංකාවේ සිට අපේ ජයග්‍රහනය ප්‍රාර්ථනා කළ සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා.

 

ඔබේ ප්‍රතිචාර
Janaka Dissanayake2018-09-17 10:00:28
ජයවේවා... දැන් අපේ ක්‍රිකට් කණ්ඩායමටත් වෙන්නේ ඔබලාව ආදර්ශයට ගන්නයි. ඔබලා සියලු දෙනාට තවතවත් ධෛර්යය, ශක්තිය සහ ජයග්‍රහණ ලැබේවා...

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
එංගලන්තය කඩුලු 7 කින් ජයගනී ...
2018-10-17 23:00:17
ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 7 ක ජය...
එංගලන්තයට ලකුණු 31 ක ජයක්...
2018-10-13 15:24:09
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් ...
මාලිංග ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරයි...
2018-10-14 17:23:45
දැන්ම ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් තවමත් තමාගේ කිසිදු අදහසක් නොමැති බවත්, අවස්ථාව හිමි වුවහොත් 2019 වසරේදී පැවැත්වෙන එක්...
ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය ප්‍රධානියා සැඟවෙයි...
2018-10-17 21:10:57
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු මූල්‍ය ප්‍රධානියා සැඟවී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ...
කුසල් මෙන්ඩිස් යළි කැඳවයි ...
අදත් එනවා පේනවා මෙන්ඩියා යනවා පේනවා ...
පිතිකරු ලැයිස්තුව ස්ථිර විය යුතුයි - ශානක...
බයවෙන්න එපා. වැසි දෙවියො දන්නවා අපිට ඕවර 50ක් ගහන්න බෑ කියල . හෙටත් පිහිටට එයි ....
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම...
හොඳ අදහසක්.. අසේල ගුණරත්නත් කණ්ඩායමට ඇතුළත් කළයුතුයි. ...
මැතිව්ස් අවදානම් අඩවියක...
ලබ්රෝයි වත් ගෙදර යවන්න ඕනේ. මෙහෙම තමා තමන්ගේ හෙන්ච්ච්යියන් ඇතුලට දාලා ක්‍රිකට් කන්නේ... මැතිව්ස් කොහොමත් අයින් කරන්න ඕනේ.. ...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...