. ක්ලිෆඩ් කුසලාන බොක්සිං තරග 25 දා සිට | කෙළිමඬල
2018 සැප්තැම්බර් මස 23 වැනි ඉරිදා
ක්ලිෆඩ් කුසලාන බොක්සිං තරග 25 දා සිට
2018-09-10 20:21:58 | ශානුක අරවින්ද

ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කරන 92 වැනි ක්ලිෆඞ් කුසලාන බොක්සිං තරගාවලිය මේ මස 25 වැනිදා සිට 29 වැනිදා දක්වා කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙවර තරගාවලිය සඳහා යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය, ස්ලිම්ලයින්, ලීනියා, එම්.ඩී.එස්., හෙළ, විදියල්, යුනිචෙලා, විද්‍යාර්ථ සහ විද්‍යාරතන වැනි බොක්සිං සමාජ රාශියක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් සහභාගි වීමට නියමිතය.

මින් පෙර පැවැති ආධුනික, අතරමැදි, ජාතික, ජාතික කනිෂ්ඨ සහ ස්ටබ්ස් පළිහ වැනි ජාතික මට්ටමේ බොක්සිං තරගාවලි වලදී ජයග්‍රහණ ලැබූ වයස අවුරුදු 19 ත් 40 ත් අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් මෙම තරගාවලියට සහභාගි විය හැකිය.

පිරිමි සහ කාන්තා යන අංශ දෙකෙන්ම බර පංති 10 යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ පිරිමි තරග විනාඩි 3 බැගින් වන වට 3 කින් සමන්විත වන අතර කාන්තා තරග විනාඩි 2 බැගින් වන වට 4 කින් සමන්විත වේ.

තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට පදක්කම් සහ සහතිකපත් පිරිණැමෙන අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට විශේෂ කුසලාන සහ සහතිකපත් හිමිවේ. ඉකුත් වසරේ පැවැති තරගාවලියේදී ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ දිනිඳු සපරමාදු දක්ෂතම ක්‍රීඩකයා ලෙසත්, යුනිචෙලා ක්‍රීඩා සමාජයේ අනූෂා කොඩිතුවක්කු දක්ෂතම ක්‍රීඩිකාව ලෙසත් සම්මාන දිනාගත්හ.

මෙතෙක් පැවැති තරගාවලි 91 න් 35 කම පිරිමි ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත්ව ඇති අතර ඉකුත් වසරේ (2017) පැවැති තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගත් ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය මේ වන විට පිට පිටම දින සිටින ශූරතා සංඛ්‍යාව 6 කි. ඉකුත් වසරේ (2017) පැවැති තරගාවලියේ කාන්තා ශූරතාව දිනාගනු ලැබුවේ යුනිචෙලා ක්‍රීඩා සමාජය විසිනි.

මෙම තරගාවලියේ සියලු තරග ජාත්‍යන්තර ආධුනික බොක්සිං සංගමය හඳුන්වාදුන් නව නීති රීති වලට අනුව පැවැත්වේ. තරගාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ හිටපු සභාපතිවරයකු මෙන්ම හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකුද වන රොහාන් අබේවර්ධන මහතා සහභාගි වීමට නියමිතය.

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවතට...
2018-09-18 00:20:17
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අබුඩාබිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී අද (17...
උඩපන්දුවේ සැඟවී ගිළිහුණු ජයක්...
2018-09-16 15:07:15
ඩුබායි  අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (15 වැනිදා) පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී බංග්ලාද...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
2018-09-20 14:43:14
පිටිය සිසාරා පහර එල්ල කරමින් ලකුණු ලබාගත හැකි මනා තාක්ෂණයකින් යුත් අග්‍රගණයේ පිතිකරුවකු ලෙස කුසල් මෙන්ඩිස් හැඳින්විය හැකිය. ඒ හේතුව නි...
ඇෆ්ඝනිස්තානයට ලකුණු 136 ක ජයක්...
2018-09-20 21:20:50
  ආසියානු ක්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය ලෙස බංග්ලාදේශ සහ ඇෆ්ඝනිස්තාන් කණ්ඩායම් අතර අබුඩාබී ජාත්‍යන්තර ක්‍රිකට් ක...