. සවිත් - අංජලිකා - අලානා ජය ලබති | කෙළිමඬල
2019 ජනවාරි මස 23 වැනි බදාදා
සවිත් - අංජලිකා - අලානා ජය ලබති
2018-09-11 14:41:42 | ශානුක අරවින්ද
 
ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ජාත්‍යන්තර කනිෂ්ඨ ටෙනිස් තරගාවලියේ දෙවැනි සතියේ මූලික වටයේදී ජයග්‍රහණ වාර්තා කිරීමට සවිත් වීරසිංහ, අංජලිකා කුරේරා සහ අලානා සෙනෙවිරත්න යන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. 
 
බාලක ඉසව්වේ මූලික වටයේ තරගයකදී ඉන්දුනීසියාවේ නයුවැල්ඩෝ ජැටී අගට්රාට එරෙහිව වට 2-0 ක ජයක් වාර්තා කිරීමට සවිත් වීරසිංහ සමත් විය. එම තරගයේ පළමු වටය ලකුණු 6/4 ක් ලෙස ජයගත් සවිත්, දෙවැනි වටය ජයගත්තේ ලකුණු 6/3 ක් ලෙසිනි. 
 
බාලිකා ඉසව්වේ මූලික වටයේ තරගවලදී වට 2-0 ක් ලෙස ඉන්දීය ක්‍රීඩිකාවන් වන හරිවර්ෂිණී මුරුගේසන් සහ ස්නිග්ධා බරුවා පරාජය කිරීමට අංජලිකා කුරේරා සහ අලානා සෙනෙවිරත්න සමත් වූහ. මූලික වටයේ තවත් තරගයකදී ඉන්දීය ක්‍රීඩිකා රේෂ්මා චල්ලරාපු හමුවේ ඔනෙලි පෙරේරා වට 2-0 ක් ලෙස පරාජයට පත් වූවාය. 
 
අන්තර් ජාතික ටෙනිස් සම්මේලනයේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන මෙම තරගාවලිය මේ මස 16 වැනිදා දක්වා පැවැත්වේ. 
 
මූලික වටයේ තරග ප්‍රතිඵල 
 
බාලක කේවල 
සවිත් වීරසිංහ (ශ්‍රී ලංකාව) විසින් තරග වට 2-0 ක් ලෙස නයුවැල්ඩෝ ජැටී අගට්රා (ඉන්දුනීසියාව) පරාජය කරන ලදි. (6/4, 6/3) 
 
බාලිකා කේවල 
අංජලිකා කුරේරා (ශ්‍රී ලංකාව) විසින් තරග වට 2-0 ක් ලෙස හරිවර්ෂිණී මුරුගේසන් (ඉන්දියාව) පරාජය කරන ලදි. (6/1, 6/3)
අලානා සෙනෙවිරත්න (ශ්‍රී ලංකාව) විසින් තරග වට 2-0 ක් ලෙස ස්නිග්ධා බරුවා (ඉන්දියාව) පරාජය කරන ලදි. (7/5, 6/3) 
රේෂ්මා චල්ලරාපු (ඉන්දියාව) විසින් තරග වට 2-0 ක් ලෙස ඔනෙලි පෙරේරා (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (6/2, 6/3) 
ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා ‘ඒ’ පිලට 1-0 ක තරගාවලි ජයක්...
2019-01-16 12:42:19
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍ර...
අවිශ්ක - මිලින්ද ‘ඒ’ පිල දිනවති...
2019-01-19 10:02:21
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) පැවැත...
ක්‍රිකට් කාපාළුවෝ ක්‍රීඩා ඇමතිටත් අල්ලස් දෙන්න හදත...
2019-01-18 20:45:26
  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කිරීම සඳහා තමන්ට අල්ලස් දීමට තැත්කළ අය පිළිබඳව ජාත්‍යන්තර ක්...
පැටර්සන් - ඩෝරන් ඕස්ට්‍රේලියානු පිල ඔසවා තබති ...
2019-01-17 05:20:22
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු  ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර හෝබාට්හි බෙලෙරිව් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (1...