. මහවැලි ක්‍රීඩා උළෙල 15 - 16 ඇඹිලිපිටියේදී | කෙළිමඬල
2018 සැප්තැම්බර් මස 23 වැනි ඉරිදා
මහවැලි ක්‍රීඩා උළෙල 15 - 16 ඇඹිලිපිටියේදී
2018-09-12 20:07:03 | ශානුක අරවින්ද

තිස්වැනි වරටත් පැවැත්වෙන වන මහවැලි ක්‍රීඩා උළෙල මේ මස 15 සහ 16 යන දිනයන්හි ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මහවැලි ව්‍යාපාරයට අයත් කලාප 10 ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් එහිදී තරග වැදීමට නියමිතය.

මෙවර ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා පහන දැල්වීමේ අවස්ථාව වලව කළාපයේ කෙටි දුර දිවීමේ ක්‍රීඩක සුරාජ් දිනූෂට සහ දුර පැනීමේ ක්‍රීඩිකා විදූෂා තත්සරණිට හිමිව තිබේ. මෙවර ක්‍රීඩා ප්‍රතිඥාව කියවීමේ අවස්ථාව හිමිව ඇත්තේ වලව කළාපයේම ක්‍රීඩකයකු වන සමිත් ලක්මාල්ටය.

ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට ඔවුන් නියෝජනය කරන කළාපවල ඉඩම් දෙකක් ලබා දීමට සංවිධායකයෝ සූදානමින් සිටිති. තවද එම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ඉගෙනුම ලබන හෝ ලැබූ පාසලට ක්‍රීඩා උපකරණ ලබාදීමටද සංවිධායකයෝ කටයුතු සූදානම් කර තිබේ.

මෙවර ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව දිනාගන්නා කළාපයට සියලුම පහසුකම් සහිත ව්‍යායාම මධ්‍යස්ථානයක් ලබා දීමටත්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනෙක් තෝරාගෙන ඔවුන්ට වසර පුරා ක්‍රීඩා උපකරන, ක්‍රීඩා ඇදුම්, ශක්ති ජනක ආහාර වැනි දෑ ගැනීම සඳහා ශිෂ්‍යත්වයක් ලබාදීමටත් සංවිධායකයෝ බලාපොරොත්තු වෙති.

ක්‍රීඩා උළෙලේ නිල සන්නිවේදන සහකරු ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සේවා සම්පාදක වන ඩයලොග් ආසිආටා සමාගම කටයුතු කරයි.

මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සරත් චන්ද්‍රසිරි, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය ගරු වීරකුමාර දිසානායක, ක්‍රීඩා හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා යන මහත්වරුන් සහ ඩයලොග් ආසිආටා සමාගමේ සමූහ ප්‍රධාන අළෙවි නිලධාරිනී අමලි නානායක්කාර මහත්මිය අනුග්‍රහය දැක්වීමේ ගිවිසුමට එකඟවීමෙන් පසු

 

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවතට...
2018-09-18 00:20:17
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අබුඩාබිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී අද (17...
උඩපන්දුවේ සැඟවී ගිළිහුණු ජයක්...
2018-09-16 15:07:15
ඩුබායි  අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (15 වැනිදා) පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී බංග්ලාද...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
2018-09-20 14:43:14
පිටිය සිසාරා පහර එල්ල කරමින් ලකුණු ලබාගත හැකි මනා තාක්ෂණයකින් යුත් අග්‍රගණයේ පිතිකරුවකු ලෙස කුසල් මෙන්ඩිස් හැඳින්විය හැකිය. ඒ හේතුව නි...
ඇෆ්ඝනිස්තානයට ලකුණු 136 ක ජයක්...
2018-09-20 21:20:50
  ආසියානු ක්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය ලෙස බංග්ලාදේශ සහ ඇෆ්ඝනිස්තාන් කණ්ඩායම් අතර අබුඩාබී ජාත්‍යන්තර ක්‍රිකට් ක...