. සසිඳු- සමිත් කරන්දෙණිය මැදි විදුහලට ජය ගෙනෙති | කෙළිමඬල
2019 ජනවාරි මස 23 වැනි බදාදා
සසිඳු- සමිත් කරන්දෙණිය මැදි විදුහලට ජය ගෙනෙති
2018-09-14 17:50:59 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයකදී බලපිටිය රේවත විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 67 ක ජයක් ලබාගැනීමට කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය අද (14 වැනිදා) සමත්විය. මෙම තරගය කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

සමිත් ඉසුර ඉනිම දෙකෙහිදීම කඩුලු 5 බැගින් කඩුලු 10 ක් දවාගනිමින් කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.

කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ සසිඳු කවීෂ (නොදැවී 102) සහ බලපිටිය රේවත විද්‍යාලයේ නවිඳු පැහැසර (නොදැවී 107) ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.


කරන්දෙණිය ම.ම.විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 77.5 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 422
(සසිඳු කවීෂ නොදැවී 102, ඉශාර මදුවන්ත 65, දිලීප් කුමාර 57, ඉෂාන් ප්‍රමෝද්‍ය 44, රවිඳු මිලාන් 43, දිනුප සෙව්මිණ 40, සමිත් ඉසුර 22, රමේෂ් මදුශංක 99/4, චාමර ප්‍රියදර්ෂණ 78/3)

රේවත විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 40.4 කදී සියලුදෙනා දැවී ලකුණු 148
(චතුන් කාව්‍ය 27, ගිම්හාන් ධනුෂ්ක 26, කලණ මල්හාර 25, චාමර ප්‍රියදර්ශණ 20, සමිත් ඉසුරු 50/5, ඉෂාන් ප්‍රමෝද්‍ය 12/3)

රේවත විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 57.5 කදී සියලුදෙනා දැවී ලකුණු 207
(නවිඳු පැහැසර නොදැවී 107, චතුන් කාව්‍ය 36, ගිම්හාන් ධනුෂ්ක 24, සමිත් ඉසුර 46/5, රවිඳු මිලාන් 73/3)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා ‘ඒ’ පිලට 1-0 ක තරගාවලි ජයක්...
2019-01-16 12:42:19
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍ර...
අවිශ්ක - මිලින්ද ‘ඒ’ පිල දිනවති...
2019-01-19 10:02:21
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) පැවැත...
ක්‍රිකට් කාපාළුවෝ ක්‍රීඩා ඇමතිටත් අල්ලස් දෙන්න හදත...
2019-01-18 20:45:26
  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කිරීම සඳහා තමන්ට අල්ලස් දීමට තැත්කළ අය පිළිබඳව ජාත්‍යන්තර ක්...
පැටර්සන් - ඩෝරන් ඕස්ට්‍රේලියානු පිල ඔසවා තබති ...
2019-01-17 05:20:22
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු  ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර හෝබාට්හි බෙලෙරිව් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (1...