. ශ්‍රී ලංකාව තුන්වැනි තැන අත්කරගනී | කෙළිමඬල
2019 මැයි මස 19 වැනි ඉරිදා
ශ්‍රී ලංකාව තුන්වැනි තැන අත්කරගනී
2018-09-15 19:51:52 | රනිල් ප්‍රේමතිලක හොං කොං සිට
බුද්ධිම පියරත්න

 

තරගයේ යෙදෙමින් සිටියදීම ක්‍රීඩකයන් තිදෙනකු තුවාල ලද නමුත් පසුබට නොවූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පිලිපීනය ලකුණු 40 - 12 කින් පරාජය කරමින් හෙං කොං සත් සාමාජික රග්බි තරගාවලියේදී තුන්වැනි ස්ථානය අත්පත් කරගත්හ. ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියර වන හොං කොං සත් සාමාජික තරගාවලිය හොං කොං නුවර හැපී වැලී ක්‍රීඩා සංකීර්ණයේදී අද (15 වැනිදා) නිමාවට පත්විය.

අවසන් මහ තරගයේදී හොං කොං කණ්ඩායම ලකුණු 12 - 00 කින් පරාජය කළ ජපානය කුසලාන ශූරතාව දිනාගත්තේය.

තරගය ආරම්භයේදීම නවීන් හේනකංකානම්ගේ ලබාගත් උත්සාහක දිනුම නිසා ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීම ආරම්භ කළහ. පසුව සුදම් සූරියාරච්චිත් උත්සාහක දිනුමක් ලබාගත් අතර ශ්‍රීනාත් සූරියබණ්ඩාර විසින් උත්සාහක දිනුම් දෙකම ගෝල දිනුම් බවට ප්‍රවර්ථනය කරන ලදි. ඩොනල්ඞ් කෝල්මන්ගේ උත්සාහක දිනුමක් සමගින් පිලිපීනය ලකුණු පරතරය අඩු කරගත් නමුත් දිනුක් අමරසිංහ සහ සුදම් සූරියාරච්චි ශ්‍රී ලංකා පිලට තවත් ලකුණු එකතු කළහ.

විවේක කාලය වන විට ශ්‍රී ලංකාව ලකුණු 21-07 ක් ලෙසින් ඉදිරියෙන් සිටියේය. තරගය අතරතුරදීම අදීෂ වීරතුංග (හිස), ගයාන් වීරරත්න (පාදයේ කලව පසුපස මස්පිඬුව) සහ කවිඳු පෙරේරා (උරහිස) තුවාල කරගත්හ. එහෙත් ධනූෂ දයාන්, බුද්ධිම පියරත්න සහ කෙවින් ඩික්සන් එක්ව ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියට ගෙන යමින් තරගයේ වාසිය තහවුරු කරගත්හ. නායක ශ්‍රීනාත් සූරියබණ්ඩාර විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ හයවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමත් සමගින් තරගයේ ජය තහවුරු විය.

කුසලාන අවසන් පූර්ව තරගයේදී හොං කොං පිල විසින් ලකුණු 31-00 කින් ශ්‍රී ලංකාව පරාජය කරන ලදි. විවේක කාලයේදී ලකුණු තත්ත්වය 14-00 ක් විය. ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම දිනාගත් හොං කොං පිලට ශ්‍රී ලංකාව අමාරුවේ දැමීම එතරම් අපහසු නොවීය.

අද පෙරවරුවේදී චීන තායිපේ කණ්ඩායම ලකුණු 33-12 කින් පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

නව පෙනුමකින් යුත් ආරම්භක සංයුතියක් වූ අදීශ වීරතුංග, රීසා රෆයිඩීන් සහ කෙවින් ඩික්සන්ට තරගයේ මැදදී දිනුක් අමරසිංහ එකතු විය. තරගයේ පළමු විනාඩි හත තුළදී ලකුණු 21 ක් ලබාගත් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් බුද්ධිම පියරත්න විශිෂ්ට දස්කම් දැක්වීය.

විවේක කාලයෙන් පසුව චීන තායිපේ ක්‍රීඩකයන් පිට පිටම උත්සාහක දිනුම් දෙකක් ලබාගත් නමුත් ප්‍රවර්ථනය වූයේ එයින් එකක් පමණි. ඊට ප්‍රතිචාර දැක්වූ ධනූෂ් දයාන්, නවීන් හේනකංකානම්ගේ, කෙවින් ඩික්සන් සහ සුදම් සූරියාරච්චි ලකුණු 33 ක් කරා ශ්‍රී ලංකා පිල කැඳවාගෙන ගියහ. කෙවින් ඩික්සන් අවස්ථා තුනකදීම නිවැරදි ඉලක්කය සොයාගත්තේය.

ඡායාරූපය : තුසිත් විජේදෝරු

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මුම්බායි පිල සිව්වැනි අයි.පී.එල්. ශුරතාව දිනයි...
2019-05-12 19:40:39
හයිද්‍රාබාද්හි රජීව් ගාන්ධි අන්තර් ජාතික ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායමට එරෙහ...
බංග්ලාදේශ පිල ශ්‍රී ලංකාවට එවන්නේ නෑ - නස්මුල් හස...
2019-05-12 18:40:32
මේ දිනවල ශ්‍රී ලංකාව තුළ පවතින වාතාවරණය අනුව ඉදිරියේදී තවත් ත්‍රස්තවාදී ප්‍රහාර එල්ලවේදැයි සැකයක් හටගෙන තිබීම නිසා එළබෙන ජූලි ...
මාලිංගට තරග දෙකක් මඟහැරෙයි...
2019-05-17 11:44:00
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා මේ මස 21 වැ...
අමීර්ගේ බලාපොරොත්තු බොඳවෙන ලකුණු ...
2019-05-14 20:11:46
පැපොල රෝගය වැළඳීම හේතුවෙන් සත්කාරක එංගලන්ත පිලට එරෙහිව බි්‍රස්ටල් සහ නොටින්හෑම් හිදී පැවැත්වීමට නියමිත තෙවැනි සහ සිවුවැනි එක්දින තරග ව...