. සාෆ් පාපන්දු කුසලාන මාලදිවයිනට | කෙළිමඬල
2018 ඔක්තෝබර් මස 20 වැනි සෙනසුරාදා
සාෆ් පාපන්දු කුසලාන මාලදිවයිනට
2018-09-15 21:22:21 | සුසිල් ප්‍රේමලාල්


12 වැනි දකුණු ආසියානු පාපන්දු සම්මේලන (සාෆ්) කුසලාන තරගාවලියේ පෙරළිකාර සහ වාසනාවන්ත කණ්ඩායමක් ලෙස පියවරෙන් පියවර ඉදිරියට පැමිණි මාලදිවයින අද (15) පැවැති අවසන් තරගයේදී ප්‍රබල ඉන්දියාව ගෝල 2-1කින් පරදා එම කුසලාන සහ මුදලින් ඇමරිකානු ඩොලර් 50000ක් දිනා ගැනීමට සමත්විය.

බංග්ලාදේශයේ ඩකා අගනුවර බංගබන්දු ක්‍රීඩාංගණයේදී මෙම අවසන් තරගය පැවැති අතර මාලදිවයින එම කුසලාන දිනාගත් දෙවැනි අවස්ථාවද වේ. මීට පෙර 2008 වසරේ පැවැති සාෆ් පාපන්දු තරගාවලියේදී ඉන්දියාව ගෝල 1-1කින් පරදා මාලදිවයින එම කුසලාන දිනාගෙන ඇත.

මාලදිවයින 1997, 2003 සහ 2009 යන වසරවල තරගාවලියේ අනුශූරයන් වී ඇති අතර එම සෑම අවසන් තරගයකදීම ඉන්දියාව මාලදිවයිනේ ප්‍රතිවාදීන් වී ඇත.

2018 සාෆ් පාපන්දු තරගාවලිය යටතේ ‘බී’ කාණ්ඩය නියෝජනය කළ මාලදිවයින සිය පළමු තරගය ශ්‍රී ලංකාව සමග ගෝල 0-0ක් ලෙස ජය පැරදුමෙන් තොරව අවසන් කරගත් අතර ඉන්දියාවට එරෙහිව මුහුණ දුන් මූලික වටයේ අවසන් තරගය ගෝල 0-2ක් ලෙස ඉන්දියාවට පරාජය විය.

අනතුරුව ශ්‍රී ලංකාව සහ මාලදිවයින ප්‍රසාද ලකුණු සමවීම නිසා කාසියේ වාසිය මත එහි ජයග්‍රහණය අත්කර ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ මාලදිවයින නේපාලයට එරෙහිව ගෝල 3-0ක ජයක් හිමිකර ගනිමින් අවසන් තරගය නියෝජනය කිරීමට වරම් ලබාගත්තේය.

මාලදිවයින සහ ඉන්දියාව අතර පැවැති අවසන් තරගයේ ප්‍රථම භාගය අවසන් වන විට මාලදිවයින ගෝල 1-0ක් ලෙස ඉදිරියෙන් සිටියේය. එම ගෝලය 19වැනි මිනිත්තුවේදී ඉබ්‍රහීම් හුසේන් විසින් වාර්තා කරන ලදී.

මාලදිවයිනේ දෙවැනි ගෝලය අලී හසීර් විසින් 66 වැනි මිනිත්තුවේදී වාර්තා කරන ලද අතර තරගය නිමාවීමට මොහොතකට පෙර ඉන්දීය කණ්ඩායමේ සුමිට් පාස්සි විසින් අතිරේක කාලයේදී (92 වැනි මිනිත්තුවේදී) ඉන්දියාව වෙනුවෙන් එකම ගෝලයක් වාර්තා කරන ලදී.

 

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
එංගලන්තය කඩුලු 7 කින් ජයගනී ...
2018-10-17 23:00:17
ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 7 ක ජය...
එංගලන්තයට ලකුණු 31 ක ජයක්...
2018-10-13 15:24:09
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් ...
මාලිංග ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරයි...
2018-10-14 17:23:45
දැන්ම ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් තවමත් තමාගේ කිසිදු අදහසක් නොමැති බවත්, අවස්ථාව හිමි වුවහොත් 2019 වසරේදී පැවැත්වෙන එක්...
ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය ප්‍රධානියා සැඟවෙයි...
2018-10-17 21:10:57
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු මූල්‍ය ප්‍රධානියා සැඟවී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ...
කුසල් මෙන්ඩිස් යළි කැඳවයි ...
අදත් එනවා පේනවා මෙන්ඩියා යනවා පේනවා ...
පිතිකරු ලැයිස්තුව ස්ථිර විය යුතුයි - ශානක...
බයවෙන්න එපා. වැසි දෙවියො දන්නවා අපිට ඕවර 50ක් ගහන්න බෑ කියල . හෙටත් පිහිටට එයි ....
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම...
හොඳ අදහසක්.. අසේල ගුණරත්නත් කණ්ඩායමට ඇතුළත් කළයුතුයි. ...
මැතිව්ස් අවදානම් අඩවියක...
ලබ්රෝයි වත් ගෙදර යවන්න ඕනේ. මෙහෙම තමා තමන්ගේ හෙන්ච්ච්යියන් ඇතුලට දාලා ක්‍රිකට් කන්නේ... මැතිව්ස් කොහොමත් අයින් කරන්න ඕනේ.. ...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...