. විඳුක ඇලවිෂියස් විදුහලට ඉනිමක ජයක ගෙනෙයි | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 13 වැනි බ‍්‍රහස්පතින්දා
විඳුක ඇලවිෂියස් විදුහලට ඉනිමක ජයක ගෙනෙයි
2018-09-18 16:04:44 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කෑගල්ල ශාන්ත මේරී විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 100 ක ජයක් හිමිකර ගැනීමට ගාල්ල ශාන්ත ඇලවිෂියස් විද්‍යාලය අද (18 වැනිදා) සමත්විය. මෙම තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

දක්ෂ පන්දු යැවීමක නිරතවූ විඳුක මල්ෂිත් ඉනිම දෙකෙහිදී ලකුණු 65 කට කඩුලු 9 ක් දවාගනිමින් ගාල්ල ශාන්ත ඇලවිෂියස් විද්‍යාලයට ඉනිමක ජයක් ගෙන දීමට සමත්විය. චතුර ප්‍රභාත් (53) අර්ධ ශතකයක් ලබාගැනීමට සමත්විය.

ශා. ඇලවිෂියස් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 73.1 කදී සියලුදෙනා දැවී ලකුණු 244
(චතුර ප්‍රභාත් 53, සංදීප සමෝද් 46, මනුෂ්ක සමිත් 32, ඔමාල් සංදීප් 31, රවිඳු කාංචන 20, ඉෂාන් වීරසූරිය 93/6, වයි.දියගම 30/2)

ශා.මේරී විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 42.2 කදී සියලුදෙනා දැවී ලකුණු 101
(විඳුක මල්ෂිත් 43/4, කවිඳු දිල්හාර 13/3)

ශා.මේරී විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 23.4 කදී සියලුදෙනා දැවී ලකුණු 43
(ඉෂාන් වීරසූරිය නොදැවී 26, විඳුක මල්ෂිත් 22/5, මනුෂ්ක සමිත් 06/3)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් වැට උඩ...
2018-12-06 13:53:09
ලෝකයේ හොඳම ටෙස්ට් කණ්ඩායම් හතර අතරේ සිටින නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදීම ටෙස්ට්  තරගාවලියකට සහභාගි වීමට යන්නේ වුවද කණ්ඩායමේ කඩුලු රක...
අකිල ධනංජයට පන්දු යැවීම තහනම් කරයි...
2018-12-10 22:10:25
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව අන්තර් ජාතින ක්‍රික...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
ශ්‍රී ලංකා නැඟී එන පිලට ලකුණු 109 ක ජයක් ...
2018-12-07 16:07:54
නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පළමු තරගය ලෙස ඕමාන් නැඟී එන කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමද...