. 17 න් පහළ අවසන් තරගය අද | කෙළිමඬල
2019 අපේ‍්‍රල් මස 26 වැනි සිකුරාදා
17 න් පහළ අවසන් තරගය අද
2018-09-19 13:47:49 | ශානුක අරවින්ද

මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ මරදාන ශාන්ත ජොෂප් විදුහල අතර පැවැත්වෙන අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ  වැනි කාණ්ඩයේ අවසන් මහ තරගය අද (19 වැනිදා) කොළඹ බී.ආ.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙවර තරග වාරයේදී තරග 12 කට සහභාගි වූ ශාන්ත ජොෂප් විදුහල එම තරග 12 න්ම ජය ලබා අපරාජිතව අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටින අතර ශාන්ත සෙබස්තියන් විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටින්නේ සහභාගි වූ තරග 12 න් තරග 11 ක් ජයගනිමිනි.

ශාන්ත ජෝෂප් විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස අශාන් ඩැනියෙල්ද, ශාන්ත සෙබස්තියන් විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස ජනිෂ්ක පෙරේරාද කටයුතු කරති.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී ගාල්ල මහින්ද විදුහලට එරෙහිව ලකුණු 11 ක ජයක් අත්කර ගනිමින් ශාන්ත ජෝෂප් විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. එහිදී ලක්ෂාන් ගමගේ කඩුලු 3 ක්ද, දුනිත් වෙල්ලාලගේ සහ අශේන් ඩැනියල් කඩුලු 2 බැගින්ද දවාගනිමින් ශාන්ත ජෝෂප් විදුහල ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

ශාන්ත සෙබස්තියන් විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලට එරෙහිව කඩුලු 4 ක ජයක් අත්කර ගනිමිනි. එහිදී ශාන්ත සෙබස්තියන් විදුහලේ සුකිත් ප්‍රසන්න (60) අර්ධ ශතකයක් ලබාගත් අතර අතර සසික පෙරේරා ලකුණු 16 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී කොළඹ ඉසිපතන විදුහල පරාජය කළ ශාන්ත ජෝෂප් විදුහල, අර්ධ අවසන් පූරව වටයේදී කොළඹ රාජකීය විදුහල පරාජය කළේය. පෙර අර්ධ අවසන් පූරව වටයේදී කොළඹ තර්ස්ටන් විදුහල පරාජය කළ ශාන්ත සෙබස්තියන් විදුහල, අර්ධ අවසන් පූර්ව වටයේදී වත්තල ශාන්ත අන්තෝනි විදුහල පරාජය කළේය.

පළමු අවසන් පූර්ව තරගය

ශාන්ත ජෝෂප් විදුහල - ඕවර 48 කදී සියලු දෙනා දැවී 177
(මිරංග වික්‍රමගේ 45, දිනල් අනුරාධ 24, දුනිත් වෙල්ලාලගේ 22, ශෙරාන් ෆොන්සේකා 20, ශෙවාන් රසූල් 20, කුෂාන් මදුෂාන් 17/3, සුබානු රාජපක්ෂ 49/3)

මහින්ද විදුහල - ඕවර 49.1 කදී සියලු දෙනා දැවී 166
(ඔසිඳු කාවින්ද්‍ය 50, නවෝද් පරණවිතාන 33, සිතාර ගුරුගේ 25, ලක්ෂාන් ගමගේ 43/3, දුනිත් වෙල්ලාලගේ 22/2, අශේන් ඩැනියල් 31/2)

දෙවැනි අවසන් පූර්ව තරගය

සාන්ත තෝමස් විදුහල - ඕවර 48.4 කදී සියලු දෙනා දැවී 143
(මනීශ රූපසිංහ 35, ඩියොන් ප්‍රනාන්දු 27, මොහොමඞ් ඉසාක් 27, ශමයික වික්‍රමතිලක 20, සසික පෙරේරා 16/4, ජනිෂ්ක පෙරේරා 15/2, නදීර ප්‍රනාන්දු 35/2)

ශාන්ත සෙබස්තියන් විදුහල - ඕවර 41 කදී කඩුලු 4 ක් දැවී 147
(සුකිත් ප්‍රසන්න 60, ජනිෂ්ක පෙරේරා නොදැවී 38, දිල්මින් රත්නායක 42/2)

මරදාන ශාන්ත ජොෂප් විදුහල

 

මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
කෝලි බැංගලෝර් පිලට ජය ගෙනෙයි...
2019-04-19 20:34:34
විරාට් කෝලීගේ (100) විශිෂ්ට පිතිහරඹය හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 35 වැනි තරගය ලෙස කොල්කටා නයිට්රයිඩර්ස් සහ රෝය...
පාන්ට්ගේ ප්‍රවේගකාරී ඉනිම දිල්ලි පිල දිනවයි ...
2019-04-22 23:55:04
රිෂාබ් පාන්ට්ගේ ප්‍රවේගකාරී පිතිහරඹය හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 40 තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල...
බැංගලෝර් පිල සිවුවැනි ජය ලබයි...
2019-04-24 19:48:48
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ (2019) 42 වැනි තරගය ලෙස බැංගලෝර්හිදී අද (24) රාත්‍රී පැවැති ...
ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත පිල ආපසු යයි...
2019-04-22 17:06:47
ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගි වී සිටි ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් බෝම්බ පිපිරීමේ සිද්ධීන් හේතුවෙන් නැවත ඕස...
විදූෂා තුන් පිම්ම ලෝකඩ පදක්කම දිනයි...
නියමයි සහෝදරිය.... ...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
ශ්‍රී ලංකා කන්ඩායමට සුබපතන්නද... පෘතුගීසි කන්ඩායමට සුබපතන්නද කියලා හිතාගන්න බෑ ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
තේරීම් කමිටු සභාපති පවසන ආකයට මාලිංගගේ නායකත්වය කිසිම ගැටළුවක් නැතත් අනෙත් ක්‍රීඩකයන් සහයෝගය නොදෙක්වීමයි. රටක් නියෝජනය කරන අනෙත් ක්‍රීඩකයන් නායකයට සහය...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
රටට සෙල්ලම් කරන්න බැරි අය වැඩක් නෑ.....තමන්ගේ පෞද්ගලික හිතු මතේට මෙහෙම රටක්....  සෙල්ලම් කරන්න තරගෙකට බැහැ කියන එක මහ අමන වැඩක්..... රටේ සල්ලි...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
මාලිංග කරුණාකර මහජනතාවට පෙන්නන්න ඔබ තනතුරු සඳහා ගිජු පුද්ගලයෙක් නොවන බව....ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉදිරිපත් වී දක්ෂතා පෙන්වන්න. මහජනතාව ...