. එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 12 වැනි බදාදා
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි
2018-09-20 15:42:52 | .

 
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද එංගලන්ත සංචිතයට තවමත් එක්දින වරම් දිනා නොමැති වේග පන්දු යවන ක්‍රීඩක ඔලී ස්ටෝන් කැඳවීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. 

වොවික්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කරන 24 හැවිරිදි ක්‍රීඩක ඔලී ස්ටෝන්, මෙවර රෝයල් ලන්ඩන් එක්දින තරගාවලියේ මේ දක්වා පැවැති තරගවලදී කඩුලු 12 ක් දවාගැනීමට සමත්ව සිටින්නේ කඩුල්ලක් දවාගැනීම සඳහා 28.17 ක සාමාන්‍යක් රඳවාගනිමිනි. ඔහු එංගලන්ත කණ්ඩායමට කැඳවා සිටින්නේ ලයාම් ප්ලන්කට්ගේ හිඩැස පිරවීම සඳහාය. 

සංචිතයට ඇතුළත්ව සිටියද සිය විවාහ මංගල්‍ය හේතුවෙන් ප්ලන්කට්ට ශ්‍රී ලංකාට එරෙහිව පැවැත්වෙන පළමු තරග 3 අහිමිවන බවත්, සිවුවැනි සහ අවසන් තරගවලට සහභාගි වීම සඳහා විවාහ මංගල්‍යය නිමා වීමෙන් අනතුරුව ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර සිටියි. 

එංගලන්ත සංචිතයට සෑම් කරන් සහ සහ ටොම් කරන් දෙසොහොයුරන් ඇතුළත්ව සිටින අතර මෙම තරගාවලියේදී ඔවුන් දෙදෙනාම එකවර එංගලන්ත කණ්ඩායමට ක්‍රීඩා කළහොත් එය 1999 වසරෙන් පසුව සොහොයුරන් දෙදෙනෙකු එකවර එංගලන්ත කණ්ඩායමට පළමු අවස්ථාව වනු ඇත. 1999 වසරේදී ඇඩම් හොලිඕක් සහ බෙන් හොලිඕක්ගෙන් පසුව මේ දක්වා සොහොයුරන් දෙදෙනකු එකවර එංගලන්ත කණ්ඩායමට කර නොමැත. 

ලයාම් ඬේව්සන්, ආදිල් රෂීඞ් සහ මුයින් අලී එංගලන්ත සංචිතයේ දඟ පන්දු යවන්නන් ලෙස කටයුතු කරන අතර  දණහිසේ ආබාධයක් හේතුවෙන් ඕස්ටේ්‍රලියානු සහ ඉන්දීය තරගාවලි සඳහා සහභාගි නොවූ ක්‍රිස් වෝක්ස්ද මෙම තරගාවලිය සඳහා නම් කරන ලද එංගලන්ත සංචිතයට ඇතුළත්ව සිටියි. 

ඔක්තෝබර් මස 10 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු තරග දෙක දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීද, තෙවැනි සහ සිව්වැනි තරග මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදීද, අවසන් තරගය කොළ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීද පැවැත්වීමට නියමිතය. 

එංගලන්ත සංචිතය 
ඔයින් මෝගන් (නායක), මුයින් අලී, ජොනී බෙයාස්ට්‍රෝ, ජොස් බට්ලර්, සෑම් කරන්, ටොම් කරන්, ලයාම් ඬේව්සන්, ඇලෙක්ස් හේල්ස්, ලයාම් ප්ලන්කට්, ආදිල් රෂීඞ්, ජෝ රූට්, ජේසන් රෝයි, බෙන් ස්ටෝක්ස්, ඕලි ස්ටෝන්, ක්‍රිස් වෝක්ස් සහ මාක් වුඞ් 

-036 

ඔබේ ප්‍රතිචාර
Sriyantha Gunaratne2018-09-21 01:53:53
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සිටින එංගලන්තය වැනි රටවල් සමග තරඟ වදින විට දඹුල්ල වැනි ක්‍රීඩාංගන ප්‍රථමයෙන්ම ක්‍රීඩා කිරීමට තෝරාගැනීම මෝඩ වැඩකි .. දැන්ම කියන්න පුළුවන්, අපි පළමු තරඟ දෙක පරාදයි.. ඉතිහාසය බලන්න දඹුල්ල ක්‍රීඩා කරපු ... 90%ක් පරාදයි. මේ ක්‍රීඩාංගනය හොඳයි යම් තාක් දුරට අපිට වඩා දුර්වල කණ්ඩායම් සමග තරඟ කිරීමට.. එක්දින තරඟාවලියේ වැඩි වාසිය එංගලන්තයට දැන්ම දීල ඉවරයි.. දකුණු අප්‍රිකා තරඟාවලියේදී වුනෙත් ඒ ටිකම තමයි.. (ඩුබායි හි ආසියානු කුසලාන තරඟ දෙක පරාජය වීම මාධ්‍ය මොනවා කීවත් ඒ තරම්ම දරුණු විනාශයක් ලෙස මම නම් දකින්නේ නෑ.. ඒක වෙලාව තමයි... )

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් වැට උඩ...
2018-12-06 13:53:09
ලෝකයේ හොඳම ටෙස්ට් කණ්ඩායම් හතර අතරේ සිටින නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදීම ටෙස්ට්  තරගාවලියකට සහභාගි වීමට යන්නේ වුවද කණ්ඩායමේ කඩුලු රක...
ශ්‍රී ලංකා නැඟී එන පිලට ලකුණු 109 ක ජයක් ...
2018-12-07 16:07:54
නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පළමු තරගය ලෙස ඕමාන් නැඟී එන කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමද...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
අකිල ධනංජයට පන්දු යැවීම තහනම් කරයි...
2018-12-10 22:10:25
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව අන්තර් ජාතින ක්‍රික...