
.jpg)

.jpg)
.
ශ්රී ලංකා පාසල් ක්රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්රිකට් තරගාවලියේ II කොටසේ ශූරතාව දිනාගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් ‘බී’ කණ්ඩායම ඊයේ (23 වැනිද) සමත් විය.
කිරිඳිවැල මැදි විදුහලට එරෙහිව කොළඹ රාජකීය විදුහල් ක්රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී ප්රසාද ලකුණු 2.07 ක් හිමිකර ගනිමින් සෙබස්තියන් විදුහල් ක්රීඩකයෝ එම ශූරතාවට හිමිකම් කීහ. එහිදී කිරිඳිවැල මැදි විදුහලට ලබාගත හැකි වූයේ ප්රසාද ලකුණු 2 ක් පමණි.
වර්ෂාව හේතුවෙන් තරගය ප්රමාද වී ආරම්භ වූ අතර මන්දාලෝක තත්වය හේතුවෙන් තරගය වේලාසනින් නතර කිරීමට විනිසුරුවෝ පියවර ගත්හ. එහිදී ක්රියාත්මක වූ ඕවර 65 පුරා පන්දුවට පහරදුන් සෙබස්තියන් විදුහල් ‘බී’ කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 107 ක් ලබාගත්තේය.
ශාන්ත සෙබස්තියන් විදුහල් ‘බී’ කණ්ඩායම - ඕවර 65.3 කදී කඩුලු 5 ක් දැවී 107
(නිලාෂ් පෙරේරා 33, තිහයිෂ මෙන්ඩිස් නොදැවී 26, ක්රිෂේන් බණ්ඩාර 18, නිෂේන් ප්රනාන්දු 15, පවන් මනීස 17/3)