. හැටන් නැෂනල් බැංකු ක්‍රීඩිකාවෝ ජය ලබති | කෙළිමඬල
2019 පෙබරවාරි මස 22 වැනි සිකුරාදා
හැටන් නැෂනල් බැංකු ක්‍රීඩිකාවෝ ජය ලබති
2018-09-29 21:32:34 | .

වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය සංවිධානය කරන වෙළෙඳ සේවා ලීග් පැසිපන්දු තරගාවලියේ ‘ඒ’ කාණ්ඩායේ කාන්තා මූලික වටයේ තරගයකදී සෙලාන් බැංකු කණ්ඩායමට එරෙහිව ලකුණු 50-37 ක පහසු ජයක් වාර්තා කිරීමට හැටන් නැෂිනල් බැංකු කණ්ඩායම සමත් විය.

පළමු අර්ධය අවසානයේ ලකුණු 14-14 ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්වයේ පසුවිය. එහෙත් දෙවැනි අර්ධයේදී ලකුණු 36 ක් රැස්කළ හැටන් නැෂිනල් බැංකු ක්‍රීඩිකාවෝ තරගයේ ජය තමන් සතු කරගත්හ. සෙලාන් බැංකු ක්‍රීඩිකාවන්ට දෙවැනි අර්ධයේදී රැස්කරගත හැකි වූයේ ලකුණු 23 ක් පමණි.

ලකුණු 25 ක් රැස්කළ හැටන් නැෂිනල් බැංකු කණ්ඩායමේ අංජලී ඒකනායක එම තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය. මෙම තරගය තිඹිරිගස්යාය හෙන්රි පේද්‍රිස් පැසිපන්දු පිටියේදී පැවැත්විණ.


- 036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
කුසල් විශිෂ්ටත්වය විදහා පෙන්වයි...
2019-02-16 15:33:48
  කුසල් පෙරේරාගේ (නොදැවී 155) අති විශිෂ්ට පිතිහරඹය නිසා දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ...
මම ගැහැව්වේ කෝච් වෙනුවෙන් ...
2019-02-17 15:00:45
ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් කළ පිතිහරඹය කණ්ඩායමේ පුහුණුකරු (චන්දික හතුරුසිංහ ම...
ශ්‍රී ලංකාව අසීරු හඹායෑමක...
2019-02-15 16:16:09
ඩර්බන් නුවර කිංග්ස්මේඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (15 වැනිදා) අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරග...
ක්‍රීඩකයන්ගේ හැසිරීම ගැන විනය පියවර...
2019-02-18 20:06:24
දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ඩර්බන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණයෙන් පසුව වීඩියෝ පටයකින් ප්‍රදර්ශනය වූ ශ්‍රී ලංකා...