. වූෂූ ජාතික තරගාවලිය 2දා ඇරඹෙයි | කෙළිමඬල
2019 පෙබරවාරි මස 22 වැනි සිකුරාදා
වූෂූ ජාතික තරගාවලිය 2දා ඇරඹෙයි
2018-09-30 16:15:22 | ශානුක අරවින්ද

ශ්‍රී ලංකා වුෂූ සම්මේලනය සංවිධානය කරන 16 වැනි වුෂූ ජාතික තරගාවලිය මේ මස 2 වැනිදා සිට 4 වැනිදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගාවලියේදී තාඔලු (නර්තන ශෛලිය) හා සන්දා (ද්වන්ධ සටන්) යන අංශ දෙකෙන්ම තරග ඉසව් පැවැත්වේ. 

එහිදී තාඹලු අංශයේ ඉසව් දුෂ්කර අභ්‍යාස සහිතව පැවැත්වෙන අතර සන්දා අංශයේ පිරිමි ඉසව් බර පංති 11 ක් (කි. ග්‍රෑ. 48, 52, 56, 60, 65, 70, 75, 80, 85, 90, 90+) යටතේද, කාන්තා ඉසව් බර පංති 7 ක් (කි. ග්‍රෑ. 48, 52, 56, 60, 65, 70, 75) යටතේද, පැවැත්වේ. එම සියලුම තරග අන්තර් ජාතික වුෂූ සම්මේලනය හඳුන්වාදුන් නව නීති රීත්වලට අනුව පැවැත්වේ. 

නොවැම්බර් මස 28 වැනිදා සිට 30 වැනිදා දක්වා චීනයේ නැංජින් නුවරදී පැවැත්වීමට නියමිත පළමු ආසියානු සාම්ප්‍රදායික වුෂූ (කුංග්-ෆු) තරගාවලියට ක්‍රීඩකයන් තෝරා ගැනීම සඳහා මෙවර තරගාවලියට සාම්ප්‍රදායික වුෂූ ඉසව්ද අතුළත් කර තිබේ. තවද 2019 වසරේ නේපාලයේ කත්මණ්ඩු නුවර කේන්ද්‍ර කොටගෙන පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමද මෙම තරගාවලියේදී සිදුකෙරේ. 

හෙට (1 වැනිදා) පෙරවරු 8.00 සිට තරගකරුවන් ලියාපදිංචි කිරීම සහ සන්දා අංශයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ බර මැනීම සිදුකෙරෙන අතර තරගාවලිය සඳහා අයැදුම්පත් යොමුකළ කණ්ඩායම්වල කළමණාකරුවන්ගේ රැස්වීම පෙරවරු 11.00 ට පැවැත්වේ. 

තරගාවලියේ සමාරම්භක උත්සවය අඟහරුවාදා පෙරවරු 10.00 ට ක්‍රීඩා රාජ්‍ය ඇමතිනී ශ්‍රීයානි විජේවික්‍රම මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර ඊට ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතාද විශේෂ ආරාධිතයකු ලෙස සහභාගි වීමට නියමිතය. මෙම ආරම්භක උත්සවයේදී චීනයේ සුප්‍රකට ෂාඕලින් ආරාම වාසී යැන් ලී ගේ වූෂූ සංදර්ශනයක්ද පැවැත්වේ. 

තරගාවලියේ සමාප්ති උළෙල 4 වැනිදා පස්වරු 4.00 ට පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. 

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
කුසල් විශිෂ්ටත්වය විදහා පෙන්වයි...
2019-02-16 15:33:48
  කුසල් පෙරේරාගේ (නොදැවී 155) අති විශිෂ්ට පිතිහරඹය නිසා දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ...
මම ගැහැව්වේ කෝච් වෙනුවෙන් ...
2019-02-17 15:00:45
ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් කළ පිතිහරඹය කණ්ඩායමේ පුහුණුකරු (චන්දික හතුරුසිංහ ම...
ශ්‍රී ලංකාව අසීරු හඹායෑමක...
2019-02-15 16:16:09
ඩර්බන් නුවර කිංග්ස්මේඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (15 වැනිදා) අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරග...
ක්‍රීඩකයන්ගේ හැසිරීම ගැන විනය පියවර...
2019-02-18 20:06:24
දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ඩර්බන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණයෙන් පසුව වීඩියෝ පටයකින් ප්‍රදර්ශනය වූ ශ්‍රී ලංකා...