
.jpg)

.jpg)
.
කොළඹ නාලන්දා විදුහලේ කනිෂ්ඨ ආදි ශිෂ්‍ය නායක සංගමය සහ ආදි නාලන්දී බේස්බෝල් සමාජය සංවිධානය කරන අන්තර් පාසල් බේස්බෝල් තරගාවලිය කණ්ඩායම් 15 ක සහභාගීත්වයෙන් මේ මස 10 වැනිදා සිට 14 වැනිදා දක්වා පැවැත්වේ.
කොළඹ රාජකීය, නාලන්දා, ආනන්ද, ඩී.එස්. සේනානායක, මහනුවර ත්‍රිත්ව, කිංග්ස්වුඞ්, ධර්මරාජ, කටුගස්තොට ශාන්ත අන්තෝනි, ගාල්ල රිච්මන්ඞ්, මහින්ද, රණබිම රාජකීය සහ හෝමාගම මහින්ද රාජපක්ෂ යන විදුහල් මෙන්ම මැදිරිගිරිය, වෑවල වැව සහ ගලේවෙල යන මැදි විදුහල්ද මෙම තරගාවලියට සහභාගි වෙති.
තරගාවලිය ද්විත්ව පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට අනුව පැවැත්වෙන අතර අවසන් මහ තරගයද සමගින් එහිදී පැවැත්වීමට නියමිත තරග සංඛ්‍යාව 31 කි. දියගම ජපන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව බේස්බෝල් ක්‍රීඩාංගණය, කොළඹ විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණය සහ නාරාහෙන්පිට ශාලිකා ක්‍රීඩාංගණය යන ක්‍රීඩාංගණවලදී එම තරග පැවැත්වේ.
- 036