. ඉන්දියාව විශාලතම ටෙස්ට් ජය ලබයි | කෙළිමඬල
2018 ඔක්තෝබර් මස 18 වැනි බ‍්‍රහස්පතින්දා
ඉන්දියාව විශාලතම ටෙස්ට් ජය ලබයි
2018-10-06 17:57:51 | .

ටෙස්ට් ඉනිමකදී පළමු වතාවට කඩුලු 5 ක් දවාගත් කුල්දීප් යාදව්ගේ පන්දු යැවීම නිසා බටහිර ඉන්දීය පිල ඉනිමකින් සහ ලකුණු 272 කින් පරාජය ඉන්දියානුවෝ වසර 86 ක ටෙස්ට් ඉතිහාසයේ විශාලතම ජයග්‍රහණය වාර්තා කළහ. රාජ්කොට්හිදී පැවැති මෙම තරගයේදී ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 468 ක ඉලක්කයක් කරා ගිය බටහිර ඉන්දීය කණ්ඩායම සිය දෙවැනි ඉනිමේදීත් ලකුණු 196 කට දැවී ගියේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 649 ක් ලබාගත් අතර කොදෙව් පිලේ මුල් ඉනිම ලකුණු 181 කට සීමා කෙරිණ. මෙම තරගයේදී ලබාගත් ජයත් සමගින් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී ඉන්දීය පිල 1-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටී.

සිය සිව්වැනි ටෙස්ට් තරගයට සහභාගි වන චයිනමන් පන්දු යවන්නා වන කුල්දීප් යාදව් ලකුණු 57 කට කඩුලු 5 ක් දවාගත්තේ කොදෙව් පිතිකරුවන් අන්ද මන්ද කරමිනි. 80 දශකයේදී ක්‍රිකට් ලෝකයේ කෙරුම්කාරයන් ලෙසින් හැඳින්වූ බටහිර ඉන්දීය කොදෙව් පිලේ සටන නිමා වූයේ ෂැනන් ගේබි්‍රයෙල්ගේ කඩුල්ල රවීන්ද්‍ර ජදේජාට හිමිවීමෙනි.

ටෙස්ට් පිටියේ කෝඩුකාරයන් වන ඇෆ්ඝනිස්තානු පිලට එරෙහිව පසුගිය ජූනි මාසයේදී තමන්ගේ ඉහළම ටෙස්ට් දිනුම ලබා සිටි ඉන්දීය කණ්ඩායම අද (6 වැනිදා) එය තවත් ලකුණු 10 කින් ඉදිරියට ගෙන ගියේය. ඇෆ්ඝනිස්ථානයට එරෙහිව ඉන්දියානුවන් ලද ටෙස්ට් ජයග්‍රහණය ඉනිමක සහ ලකුණු 262 ක් විය.

ඉන්දියාව සහ කොදෙව් පිල අතර දෙවැනි ටෙස්ට් තරගය 12 වැනිදා හයිද්‍රාබාද්හිදී ආරම්භ වේ.


ඉන්දියාව - පළමු ඉනිම කඩුලු 9 ට 649 යි
(ප්‍රිත්වි ෂෝ 134, චෙටේස්වාර් පුජාරා 86, විරාට් කෝලි 139, අජින්ක්‍යා රහනේ 41, රිෂාබ් පන්ට් 92, රවීන්ද්‍ර ජදේජා නොදැවී 100, කුල්දීප් යාදව් 12, උමේෂ් යාදව් 22, ෂර්මන් ලුවිස් 93/2, දේවේන්ද්‍ර බිෂූ 217/4)

බටහිර ඉන්දීය කොදෙව්  - පළමු ඉනිම 181
(ෂායි හෝප් 10, ෂිම්රොන් හෙට්මියර් 10, සුනිල් ඇම්බි්‍රස් 12, රොස්ටන් චේස් 53, ෂේන් ඩව්රිච් 10, කීමෝ පෝල් 47, දේවේන්ද්‍ර බිෂූ 17, මොහොමඞ් ෂාමි 22/2, රවිචන්ද්‍රන් අශ්වින් 37/4)

බටහිර ඉන්දීය කොදෙව්  - දෙවැනි ඉනිම 196
(ක්‍රෙග් බ්‍රැත්වෙයිට් 10, කිරන් පවෙල් 83, ෂායි හෝප් 17, ෂිම්රන් හෙට්මියර් 11, රොස්ටන් චේස් 20, ෂේන් ඩව්රිච් 16, කීමෝ පෝල් 15, රවිචන්ද්‍රන් අශ්වින් 71/2, කුල්දිප් යාදව් 57/5, රවීන්ද්‍ර ජදේජා 35/3)

 

චෙටේස්වාර් පුජාරා

 

ප්‍රිත්වි ෂෝ

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
එංගලන්තයට ලකුණු 31 ක ජයක්...
2018-10-13 15:24:09
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් ...
එංගලන්තය කඩුලු 7 කින් ජයගනී ...
2018-10-17 23:00:17
ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 7 ක ජය...
මාලිංග ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරයි...
2018-10-14 17:23:45
දැන්ම ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් තවමත් තමාගේ කිසිදු අදහසක් නොමැති බවත්, අවස්ථාව හිමි වුවහොත් 2019 වසරේදී පැවැත්වෙන එක්...
දඹුල්ලේ තරග අපට ගැටළුවක් නෙමේ - අකිල ධනංජය...
2018-10-12 17:31:05
  සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට (13 වැනිදා) පැවැත්වෙන දෙවැනි එක්ද...
පිතිකරු ලැයිස්තුව ස්ථිර විය යුතුයි - ශානක...
බයවෙන්න එපා. වැසි දෙවියො දන්නවා අපිට ඕවර 50ක් ගහන්න බෑ කියල . හෙටත් පිහිටට එයි ....
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම...
හොඳ අදහසක්.. අසේල ගුණරත්නත් කණ්ඩායමට ඇතුළත් කළයුතුයි. ...
මැතිව්ස් අවදානම් අඩවියක...
ලබ්රෝයි වත් ගෙදර යවන්න ඕනේ. මෙහෙම තමා තමන්ගේ හෙන්ච්ච්යියන් ඇතුලට දාලා ක්‍රිකට් කන්නේ... මැතිව්ස් කොහොමත් අයින් කරන්න ඕනේ.. ...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
මෙන්ඩියා ගෙදර යවන්න එපා. පල්ලෙහාට ගේන්න....