. ගේල් ඉන්දියාවට යන්න බෑ කියයි | කෙළිමඬල
2018 ඔක්තෝබර් මස 18 වැනි බ‍්‍රහස්පතින්දා
ගේල් ඉන්දියාවට යන්න බෑ කියයි
2018-10-08 15:36:54 | .

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරගාවලියේදී කොදෙව් පිල නියෝජනය කිරීමට තමන් සූදානම් නැති බව කොදෙව් පිලේ හිටපු ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් පවසයි. කෙසේ වෙතත් එංගලන්ත පිලේ කොදෙව් සංචාරයේදීත් ලබන වසරේදී එංගලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේදීත් කොදෙව් පිල වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තමන් සූදානම් බවද ක්‍රිස් ගේල් දැනුම් දී ඇතැයි කොදෙව් තේරීම් කමිටුවේ ප්‍රධානියා වන කර්ට්නි බ්‍රවුන් මහතා පැවසීය. 

ඉන්දීයාව සහ බටහිර ඉන්දිය කොදෙව් පිල අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් පසුව එක්දින සහ විස්සයි-20 තරගාවලි ආරම්භ වේ. මෙම තරගාවලි එක්දින තරග 5 කින් සහ විස්සයි-20 තරග 3 කින් සමන්විතය. 

ක්‍රිස් ගේල් “බැහැ”යි කීවද කිරන් පොලාර්ඞ් සහ ඩැරන් බ්‍රාවෝ මෙම එක්දින සහ විස්සයි-20 තරගාවලියේදී කොදෙව් පිල හා එක්ව සිටිති. 

තිස්නව හැවිරිදි ක්‍රිස් ගේල් මේ වනවිට ඇෆ්ඝනිස්ථානු ක්‍රිකට් ලීගය වෙනුවෙන් ක්‍රීඩා කරමින සිටී. ඉන් අනතුරුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන ටී-10 තරගාවලිය සඳහාත් ක්‍රීඩා කිරීමට ගේල් සූදානමින් සිටී. 

කිරන් පොලාර්ඞ් අවසන් වරට කොදෙව් පිල නියෝජනය කළේ 2017 සැප්තැම්බර් මාසයේදී පැවැති විස්සයි-20 තරගයකදීය. 2016 නොවැම්බර් මාසයේදී පාකිස්තානයට එරෙහිව පැවැති ටෙස්ට් තරගයකට ක්‍රීඩා කිරීමෙන් පසුව ඞ්වේන් බ්‍රාවෝ මේ දක්වා කොදෙව් පිල නියෝජනය කර නැත. 

තුන් ඉරියව් ක්‍රීඩකයකු වන ඇන්ඩ්‍රි රසල් නියමිත ශාරීරික යෝග්‍යතා මට්ටමට නොසිටීම නිසා කණ්ඩායමට එක්වීමේ අවස්ථාව අහිමි කරගෙන තිබේ. 25 හැවිරිදි වමත් පිතිකරුවකු වන චන්ද්‍රපෝල් හෙම්රාජ්, 21 හැවිරිදි වේග පන්දු යවන්නකු වන ඔෂේන් තෝමස් සහ ආක්‍රමණශීලී පිතිකරුවකු මෙන්ම වමතින් දඟ පන්දු යවන්නකු වන ෆේබියන් ඇලන් කොදෙව් පිලට එක්ව සිටින තරුණ ක්‍රීඩකයෝ වෙති. 

කොදෙව් එක්දින සංචිතය 
ජේසන් හෝල්ඩර් (නායක), ෆේබියන් ඇලන්, සුනිල් ඇම්බි්‍රස්, දේවේන්ද්‍ර බිෂූ, චන්ද්‍රපෝල් හෙම්රාජ්, ෂිම්රොන් හෙට්මියර්, ෂායි හෝප්, අල්සාරි ජෝෂප්, එවින් ලුවිස්, ඈෂ්ලි නර්ස්, කීමෝ පෝල්, රෝමන් පෝල්, කෙමර් රෝච්, මාලන් සැමුවෙල්ස් සහ ඔෂේන් තෝමස්

කොදෙව් විස්සයි-20 සංචිතය 
කාලෝස් බ්‍රැත්වෙයිට් (නායක), ෆේබියන් ඇලන්, ඩැරන් බ්‍රාවෝ, ෂිම්රන් හෙට්මියර්, එවින් ලුවිස්, ඔබෙඞ් මැකෝයි, ඈෂ්ලි නර්ස්, කීමෝ පෝල්, කාරී පියර්, කිරන් පොලාර්ඞ්, රෝමන් පවෙල්, දිනේෂ් රැම්ඩීන්, ඇන්ඩි්‍ර රසල්, ෂර්ෆේන් රදර්ෆර්ඞ් සහ ඔෂේන් තෝමස්

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
එංගලන්තයට ලකුණු 31 ක ජයක්...
2018-10-13 15:24:09
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් ...
එංගලන්තය කඩුලු 7 කින් ජයගනී ...
2018-10-17 23:00:17
ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 7 ක ජය...
මාලිංග ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරයි...
2018-10-14 17:23:45
දැන්ම ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් තවමත් තමාගේ කිසිදු අදහසක් නොමැති බවත්, අවස්ථාව හිමි වුවහොත් 2019 වසරේදී පැවැත්වෙන එක්...
දඹුල්ලේ තරග අපට ගැටළුවක් නෙමේ - අකිල ධනංජය...
2018-10-12 17:31:05
  සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට (13 වැනිදා) පැවැත්වෙන දෙවැනි එක්ද...
පිතිකරු ලැයිස්තුව ස්ථිර විය යුතුයි - ශානක...
බයවෙන්න එපා. වැසි දෙවියො දන්නවා අපිට ඕවර 50ක් ගහන්න බෑ කියල . හෙටත් පිහිටට එයි ....
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම...
හොඳ අදහසක්.. අසේල ගුණරත්නත් කණ්ඩායමට ඇතුළත් කළයුතුයි. ...
මැතිව්ස් අවදානම් අඩවියක...
ලබ්රෝයි වත් ගෙදර යවන්න ඕනේ. මෙහෙම තමා තමන්ගේ හෙන්ච්ච්යියන් ඇතුලට දාලා ක්‍රිකට් කන්නේ... මැතිව්ස් කොහොමත් අයින් කරන්න ඕනේ.. ...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
මෙන්ඩියා ගෙදර යවන්න එපා. පල්ලෙහාට ගේන්න....