. කොමර්ෂල් ක්‍රෙඩිට් පිල ඩී.එෆ්.සී.සී. පරදවයි | කෙළිමඬල
2018 ඔක්තෝබර් මස 18 වැනි බ‍්‍රහස්පතින්දා
කොමර්ෂල් ක්‍රෙඩිට් පිල ඩී.එෆ්.සී.සී. පරදවයි
2018-10-08 21:05:31 | ශානුක අරවින්ද

වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය සංවිධානය කරන වෙළෙඳ සේවා ලීග් පැසිපන්දු තරගාවලියේ ‘ඒ’ කාණ්ඩායේ පිරිමි මූලික වටයේ තරගයකදී ඩී.එෆ්.සී.සී. බැංකු කණ්ඩායමට එරෙහිව ලකුණු 59-50 ක තියුණු ජයක් වාර්තා කිරීමට කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම සමත් විය.

පළමු අර්ධය අවසානයේ ලකුණු 32-23 ක් ලෙස පෙරමුණගත් කොමර්ෂල් ක්‍රෙඩිට් ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 27 ක් එක්කරගත්හ. ඩී.එෆ්.සී.සී. බැංකු කණ්ඩායමද  දෙවැනි අර්ධයේදී ලකුණු 27 ක් රැස්කළ නමුත් පළමු අර්ධයේදී පැවැති ලකුණු පරතරය අනුව තරගයේ ජය කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමට හිමිවිය.

තිඹිරිගස්යාය හෙන්රි පේද්‍රස් පැසිපන්දු පිටියේදී පැවැති මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ලකුණු 20 ක් රැස්කළ කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමේ බ්‍රෙන්ට් තේවකුමාර් සම්මාන දිනාගත්තේය.

තරගාවලියේ 17 වැනි දිනයේදී පැවැති ‘බී’ කාණ්ඩායේ තරගවලදී ජය වාර්තා කිරීමට ස්ටෑන්ඩඞ් ටාචඞ් සහ ඬේවිඞ් පීරිස් කණ්ඩායම්ද, ‘සී’ කාණ්ඩයේ තරගයකදී ජය වාර්තා කිරීමට සම්පත් බැංකු කණ්ඩායමද සමත් විය.

 
‘ඒ’ කාණ්ඩය
■    කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම විසින් ලකුණු 59-50 ක් ලෙස ඩී.එෆ්.සී.සී. බැංකු කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - බ්‍රෙන්ට් තේවකුමාර් (කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම) - ලකුණු 20  


‘බී’ කාණ්ඩය
■    ස්ටෑන්ඩඞ් ටාචඞ් කණ්ඩායම විසින් ලකුණු 51-43 ක් ලෙස ජෝන් කීල්ස් කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - ජෙරඞ් ප්‍රනාන්දු (ස්ටෑන්ඩඞ් ටාචඞ් කණ්ඩායම) - ලකුණු 12   
■    ඬේවිඞ් පීරිස් කණ්ඩායම විසින් ලකුණු 41-17 ක් ලෙස අයි.එෆ්.එස්. කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - හර්ෂිඕනි සිල්වා (ඬේවිඞ් පීරිස් කණ්ඩායම) - ලකුණු 13


‘සී’ කාණ්ඩය
■    සම්පත් බැංකු කණ්ඩායම විසින් ලකුණු 53-41 ක් ලෙස එන්.ඩී.බී. බැංකු කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - චමත් ධනවංශ (සම්පත් බැංකු කණ්ඩායම) - ලකුණු 15

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
එංගලන්තයට ලකුණු 31 ක ජයක්...
2018-10-13 15:24:09
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් ...
එංගලන්තය කඩුලු 7 කින් ජයගනී ...
2018-10-17 23:00:17
ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 7 ක ජය...
මාලිංග ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරයි...
2018-10-14 17:23:45
දැන්ම ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් තවමත් තමාගේ කිසිදු අදහසක් නොමැති බවත්, අවස්ථාව හිමි වුවහොත් 2019 වසරේදී පැවැත්වෙන එක්...
දඹුල්ලේ තරග අපට ගැටළුවක් නෙමේ - අකිල ධනංජය...
2018-10-12 17:31:05
  සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට (13 වැනිදා) පැවැත්වෙන දෙවැනි එක්ද...
පිතිකරු ලැයිස්තුව ස්ථිර විය යුතුයි - ශානක...
බයවෙන්න එපා. වැසි දෙවියො දන්නවා අපිට ඕවර 50ක් ගහන්න බෑ කියල . හෙටත් පිහිටට එයි ....
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම...
හොඳ අදහසක්.. අසේල ගුණරත්නත් කණ්ඩායමට ඇතුළත් කළයුතුයි. ...
මැතිව්ස් අවදානම් අඩවියක...
ලබ්රෝයි වත් ගෙදර යවන්න ඕනේ. මෙහෙම තමා තමන්ගේ හෙන්ච්ච්යියන් ඇතුලට දාලා ක්‍රිකට් කන්නේ... මැතිව්ස් කොහොමත් අයින් කරන්න ඕනේ.. ...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
මෙන්ඩියා ගෙදර යවන්න එපා. පල්ලෙහාට ගේන්න....