. ජාතික දැල්පන්දු තරගාවලිය නව ආරකින් | කෙළිමඬල
2018 ඔක්තෝබර් මස 18 වැනි බ‍්‍රහස්පතින්දා
ජාතික දැල්පන්දු තරගාවලිය නව ආරකින්
2018-10-09 10:15:19 | නාමල් පතිරගේ

ජාතික කනිෂ්ඨ හා ජාතික ජ්‍යෙෂ්ඨ දැල්පන්දු තරගමාලා පැවැත්වීමේදී මින් ඉදිරියට එහි සෑම තරගයක්ම පැයක කාලයක් දක්වා පැවැත්වීමටත් එම තරගමාලා ගෘහස්ථ ක්‍රීඩංගණවලදී පමණක් පැවැත්වීමටත් ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය තීරණය කර තිබේ.

 මෙතෙක් එම තරගමාලා පැවැත්වීමේදී අවසන් මහ තරග හැරෙන්නට සෙසු තරග විනාඩි 15කට හෝ 20කට සීමා කරමින් පැවැත්විණි. ඒ පිළිබඳව ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනි ට්‍රික්ෂි නානායක්කාර මහත්මිය “ලංකාදීපය කළ විමසුමකදී පැවසුවේ දේශීය තරග විනාඩි 15ක් තරම් කෙටි කාලයකට සීමාවීම තුළ ජාත්‍යන්තර තරග බිමට පිවිසෙන ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන්ට දැල්පන්දු ක්‍රීඩාවේ නිවැරදි පුහුණුවක් නොලැබෙන බවයි.

 ඇය එහිදී පැවසුවේ ඉදිරියේදි එම තරගමාලා දෙක හැරෙන්නට තවත් ප්‍රධානතම තරගමාලා කීපයක්ම පැවැත්වීමට දැල්පන්දු සම්මේලනය සැලසුම් කර තිබෙන බවයි.

ලබන වසරේ ජූනි හා ජූලි අතර කාලසීමාවේදී පැවැත්වෙන ලෝක යොවුන් දැල්පන්දු ශූරතා තරගාවලිය හා ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය ඉලක්ක කරමින් පවත්වා ගෙන යන ජාතික කනිෂ්ඨ හා ජාතික ජ්‍යෙෂ්ඨ යන දැල්පන්දු සංචිත සඳහා එළඹෙන ජාතික කනිෂ්ඨ හා ජාතික ජ්‍යෙෂ්ඨ දැල්පන්දු තරගමාලාවලදී දක්ෂතා දක්වන නවක ක්‍රීඩිකාවන්ට ද එම සංචිතවලට ඇතුළත්වීමේ අවස්ථාව උදාවන බව දැල්පන්දු සම්මේලනයේ සභාපතිනිය පවසයි.

 එංගලන්තයේ “ලිවර්පූල්” හිදී ලබන ජූලි මාසයේදී පැවැත්වෙන ලෝක දැල්පන්දු ශූරතා තරගාවලිය ඉලක්ක කරමින් ජාතික දැල්පන්දු සංචිතයේ නැවත පුහුණුවීම් මෙම 23 වැනිදා ආරම්භ වේ.

ශ්‍රී ලංකාව නොබෝදා ආසියානු දැල්පන්දු ශූරතා කුසලාන දිනා ගැනීමෙන් රට තුළ ගොඩනැගූණු දැල්පන්දු ප්‍රබෝධය එළඹෙන ලෝක දැල්පන්දු ශූරතාවලිය තෙක් ආරක්ෂා කරගැනීම දැල්පන්දු සම්මේලනයේ අපේක්ෂාව බව එහි සභාපතිනිය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරග මාලා

● ඔක්තෝම්බර් 20-21:- ජාතික කනිෂ්ඨ දැල්පන්දු  තරගාවලිය (දෙවැනි අදියර):- පේරාදෙණිය විශ්වවිද්‍යාල පිටියේදී.

● ඔක්තෝබර්:- 25 සිට 31 වැනිදා දක්වා ජාතික දැල්පන්දු තරගාවලියේ මූලිකවටය පළාත් ගෘහස්ථ ක්‍රීඩාංගණවලදී (අවසන් මහ තරගය යොදාගත් දිනකදී කොළඹදී පැවැත් වේ.)
ඒ සඳහා දිස්ත්‍රික් සංගම් වෙතින් අයදුම්පත් බාර ගැනීම මෙම 13 වැනිදා අවසන් කෙරේ. දිස්ත්‍රික් හා අනුබද්ධ සංගමයක ශූරතාව හා අනුශූරතාව හිමිකර ගන්නා කණ්ඩායම් ජාතික ශූරතා තරගාවලියට නිර්දේශ කෙරේ.

● නොවැම්බර් 6, 7, 10, 11:- ශ්‍රේණිගත කිරීමේ තරගාවලිය එළිමහන් ක්‍රීඩාංගණයකදී පැවැත් වේ.

● ජනවාරි 18 සිට 25 දක්වා - සුපිරි ලීග තරගාවලිය ශ්‍රේණිගත කිරීමේ තරගාවලියේ පස්වැනි ස්ථානය දක්වා පැමිණි කණ්ඩායම් පහ - ජාතික කනිෂ්ඨ තරගාවලියේ ශූරතාව හා අනුශූරතාව ලද කණ්ඩායම් දෙක හා වයස 19 න් පහළ කණ්ඩායම් හතරක් මෙම තරගාවලියට එක්කර ගැනේ.

● රාත්‍රී තරගාවලිය:- විදුලි ආලෝක ධාරා මධ්‍යයේ පැවැත්වෙන මෙම තරගාවලියට ශ්‍රේණිගත කිරීමේ තරගාවලියේ අටවැනි ස්ථානය දක්වා පැමිණි කණ්ඩායම් සහභාගි කර ගැනේ.

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
එංගලන්තයට ලකුණු 31 ක ජයක්...
2018-10-13 15:24:09
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් ...
එංගලන්තය කඩුලු 7 කින් ජයගනී ...
2018-10-17 23:00:17
ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 7 ක ජය...
මාලිංග ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරයි...
2018-10-14 17:23:45
දැන්ම ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් තවමත් තමාගේ කිසිදු අදහසක් නොමැති බවත්, අවස්ථාව හිමි වුවහොත් 2019 වසරේදී පැවැත්වෙන එක්...
දඹුල්ලේ තරග අපට ගැටළුවක් නෙමේ - අකිල ධනංජය...
2018-10-12 17:31:05
  සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට (13 වැනිදා) පැවැත්වෙන දෙවැනි එක්ද...
පිතිකරු ලැයිස්තුව ස්ථිර විය යුතුයි - ශානක...
බයවෙන්න එපා. වැසි දෙවියො දන්නවා අපිට ඕවර 50ක් ගහන්න බෑ කියල . හෙටත් පිහිටට එයි ....
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම...
හොඳ අදහසක්.. අසේල ගුණරත්නත් කණ්ඩායමට ඇතුළත් කළයුතුයි. ...
මැතිව්ස් අවදානම් අඩවියක...
ලබ්රෝයි වත් ගෙදර යවන්න ඕනේ. මෙහෙම තමා තමන්ගේ හෙන්ච්ච්යියන් ඇතුලට දාලා ක්‍රිකට් කන්නේ... මැතිව්ස් කොහොමත් අයින් කරන්න ඕනේ.. ...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
මෙන්ඩියා ගෙදර යවන්න එපා. පල්ලෙහාට ගේන්න....