. හේමාල් මෙන්ඩිස් හදිසියේම රැගෙන යයි | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 13 වැනි බ‍්‍රහස්පතින්දා
හේමාල් මෙන්ඩිස් හදිසියේම රැගෙන යයි
2018-10-09 11:14:51 | යොහාන් භාසුර

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන අංශයේ කණ්ඩායමක් පැමිණ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පළාත් සහ දිස්ත්‍රික් පුහුණුකරුවන්ගේ ප්‍රධානියා වන හේමාල් මෙන්ඩිස් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය තුළදීම ඊයේ (08) පස්වරුවේ ඔවුන්ගේ බාරයට ගෙන තිබේ. 

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන අංශයේ තිදෙනකුගෙන් යුත් කණ්ඩායමක් කොළඹ 07 මේට්ලන්ඞ් පෙදෙසේ පිටිහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පැමිණ මෙන්ඩිස් මහතා සහ ඔහුගේ ජංගම දුකථනය ඊයේ දහවල් 1.00 ට පමණ බාරයට ගෙන තිබේ. මෙම සිද්ධිය වන අවස්ථාවේදී හේමාල් මෙන්ඩිස් මහතා ක්‍රිකට් ආයතනය තුළ රාජකාරී මට්ටමේ රැස්වීමකට සහභාගි වී සිටි බවද වාර්තා වේ. 

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මෙම කණ්ඩායම ඉහළ වටිනාකමකින් යුත් මෝටර් රථ දෙකකින් පැමිණ ඇති අතර එම තිදෙනාට කාන්තාවක් ද ඇතුළත්ව සිටි බව කියැවේ.  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ තමන්ට ද කිසිවක් ප්‍රකාශ නොකර මෙන්ඩිස් මහතා එම පුද්ගලයන් බාරයට ගත් බවයි. 

“අපිට එකට මැදිහත් වෙන්න බෑ. ඔවුන් එකවරම ආවා මෙන්ඩිස් මහතා සහ ඔහුගේ දුරථනය බාරයට ගත්තා” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.  

හේමාල් මෙන්ඩිස් මහතාව රැගෙන යන ලද ස්ථානය ගැන පවා තමන් කිසිවක් නොදන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය. 

සති දෙකකට පමණ පෙර ශ්‍රී ලංකාවට පැමිණියේ යැයි කියන අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන කණ්ඩායම මීට පෙර ශ්‍රී ලංකා පිලේ හිටපු වේග පන්දු යවන්නකු මෙන්ම වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවකු ද මේ ආකාරයටම ඔවුන්ගේ බාරගත් බවද වාර්තා විය. එහිදීද මෙම දූෂණ මර්ධන  නිලධාරීන් එම හිටපු වේග පන්දු යවන්නාගේ දුරකථනය ඔවුන්ගේ බාරයට ගෙන තිබුණි.  

එහිදී එම නිලධාරීන් හේමාල් මෙන්ඩිස් මහතා සමඟ ඇති සම්බන්ධය පිළිබඳව අදාල හිටපු වේග පන්දු යවන්නාගෙන් ප්‍රශ්න කර ඇතැයි ද දැනගන්නට තිබේ.    

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් වැට උඩ...
2018-12-06 13:53:09
ලෝකයේ හොඳම ටෙස්ට් කණ්ඩායම් හතර අතරේ සිටින නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදීම ටෙස්ට්  තරගාවලියකට සහභාගි වීමට යන්නේ වුවද කණ්ඩායමේ කඩුලු රක...
අකිල ධනංජයට පන්දු යැවීම තහනම් කරයි...
2018-12-10 22:10:25
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව අන්තර් ජාතින ක්‍රික...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
ශ්‍රී ලංකා නැඟී එන පිලට ලකුණු 109 ක ජයක් ...
2018-12-07 16:07:54
නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පළමු තරගය ලෙස ඕමාන් නැඟී එන කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමද...