. බිලාල් - අබ්බාස් ඕස්ට්‍රේලියාව අසරණ කරති | කෙළිමඬල
2018 ඔක්තෝබර් මස 18 වැනි බ‍්‍රහස්පතින්දා
බිලාල් - අබ්බාස් ඕස්ට්‍රේලියාව අසරණ කරති
2018-10-09 22:03:29 | ....

මංගල තරගයට ක්‍රීඩාකරන බිලාල් අසීෆ් (36/6) සහ මොහොමඞ් අබ්බාස්ගේ (29/4) විශිෂ්ට පන්දු යැවීම හමුවේ ඩුබායිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (09 වැනිදා) ඔස්ට්‍රේලියානු පළමු ඉනිම ලකුණු 202 කට සීමාකිරීමට පාකිස්තානය සමත්විය.

ආම්භක පිතිකරුවන්වූ උස්මාන් සහ ඒරන් ෆින්ච් අර්ධ ශතක ලබාගනිමින් පළමු කඩුල්ල සඳහා ලකුණු 142 ක සාර්ථක සම්බන්ධතාවයක්  ගොඩනැගුවද බිලාල් අසීෆ් සහ මොහොමඞ් අබ්බාස්ගේ පන්දු යැවීම හමුවේ සෙසු පිතිකරුවෝ අසාර්ථක වුහ.

උස්මාන් කවාජා පන්දු 175 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 85 ක් රැස්කළ අතර මංගල තරගයට ක්‍රීඩාකරන ඒරන් ෆින්ච් පන්දු 161 කදි හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 62 ක් රැස්කිරීමට සමත්විය.

තරගයේ තෙවැනි දිනය වූ අද තරගය නතර කරනවිට දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි පාකිස්තානය ලකුණු 45 කට කඩුලු 3 ක් අහිමිකර ගෙන සිටියේය. නමුත් ඕස්ටේ්‍රලියාව පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 280 ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ පාකිස්තානය මේ වනවිට ඕස්ටේ්‍රලියාවට වඩා ලකුණු 325 ක් ඉදිරියෙන් පන්දුවන්නේය.

ඉමාම් උල් හක් ලකුණු 23 ක් ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටින අතර ජෝන් හෝලන්ඞ් කඩුලු 2 ක් බිඳ හෙලිමට සමත්විය.

හෙට තරගයේ සිවුවැනි දිනයයි.

පාකිස්තාන පළමු ඉනිම - ඕවර 164.2 කදී සියලුදෙනා දැවී 482
(ඉමාම් උල් හක් 76, මොහොමඞ් හෆීස් 126, හරිස් සොහෙල් 110, අසාද් ශාෆික් 80, පීටර් සිඞ්ල් 58/3, නේතන් ලයන් 114/2

ඕස්ට්‍රේලියා පළමු ඉනිම - ඕවර 83.3 කදී සියලුදෙනා දැවී 202
(උස්මාන් කවාජා 85, ඒරන් ෆින්ච් 62, බිලාල් අසීෆ් 36/6, මොහොමඞ් අබ්බාස් 29/4)

පාකිස්තාන දෙවැනි ඉනිම - ඕවර 16.2 කදී කඩුලු 3 ක් දැවී 45
(ඉමාම් උල් හක් නොදැවී 23, ජෝන් හෝලන්ඞ් 9/2

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
එංගලන්තයට ලකුණු 31 ක ජයක්...
2018-10-13 15:24:09
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් ...
එංගලන්තය කඩුලු 7 කින් ජයගනී ...
2018-10-17 23:00:17
ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 7 ක ජය...
මාලිංග ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරයි...
2018-10-14 17:23:45
දැන්ම ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් තවමත් තමාගේ කිසිදු අදහසක් නොමැති බවත්, අවස්ථාව හිමි වුවහොත් 2019 වසරේදී පැවැත්වෙන එක්...
දඹුල්ලේ තරග අපට ගැටළුවක් නෙමේ - අකිල ධනංජය...
2018-10-12 17:31:05
  සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට (13 වැනිදා) පැවැත්වෙන දෙවැනි එක්ද...
පිතිකරු ලැයිස්තුව ස්ථිර විය යුතුයි - ශානක...
බයවෙන්න එපා. වැසි දෙවියො දන්නවා අපිට ඕවර 50ක් ගහන්න බෑ කියල . හෙටත් පිහිටට එයි ....
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම...
හොඳ අදහසක්.. අසේල ගුණරත්නත් කණ්ඩායමට ඇතුළත් කළයුතුයි. ...
මැතිව්ස් අවදානම් අඩවියක...
ලබ්රෝයි වත් ගෙදර යවන්න ඕනේ. මෙහෙම තමා තමන්ගේ හෙන්ච්ච්යියන් ඇතුලට දාලා ක්‍රිකට් කන්නේ... මැතිව්ස් කොහොමත් අයින් කරන්න ඕනේ.. ...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
මෙන්ඩියා ගෙදර යවන්න එපා. පල්ලෙහාට ගේන්න....