. කවාජා-හෙඩ්-පේන් ඕස්ට්‍රේලියාව පරාජයෙන් ගලවා ගනිති | කෙළිමඬල
2018 ඔක්තෝබර් මස 18 වැනි බ‍්‍රහස්පතින්දා
කවාජා-හෙඩ්-පේන් ඕස්ට්‍රේලියාව පරාජයෙන් ගලවා ගනිති
2018-10-11 21:56:16 | .

උස්මාන් කවාජා (141), ට්‍රැවිස් හෙඞ් (72) සහ ටිම් පේන්ගේ (නොදැවී 61) විශිෂ්ට පිතිහරඹය හමුවේ පාකිස්තානයට එරෙහිව ඩුබායිහිදී පැවැති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ඕස්ට්‍රේලියාව අද (11 වැනිදා) සමත්විය.

අද උදෑසන තරගය ආරම්භ කරන විට කඩුලු 7 ක් අතැතිව සිටි ඕස්ට්‍රේලියාවට ජයග්‍රහණය සඳහා ලකුණු 326 ක් රැස්කිරීමට තිබූන නමුත් තරගයේ පස්වැනි සහ අවසන් දිනය නිමා වනවිට කඩුලු 8 ක් දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 362 ක් පමණි.

පාකිස්තානයට තරගය ජයගැනීම සඳහා ඕවර 90 ක් තුළදී කඩුලු 7 ක් දවාගැනීමට අවශ්‍යව තිබුනද දිනය නිමාවන විට ඔවුන්ට දවාගැනීමට හැකිවූයේ කඩුලු 5 ක් පමණි. 

පාකිස්තාන පන්දු යවන්නන්ට මහත් හිසරදයක්වූ උස්මාන් කවාජා සහ ට්‍රැවිස් හෙඞ් ඕවර 48.3 ක් පුරා කඩුල්ලේ රැඳී සිටිමින් සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 132 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූහ. 

පැය 8 කුත් මිනිත්තු 44 ක කාලයක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 302 කදී හතරේ පහර 11 ක් සමගින් ලකුණු 141 ක් රැස්කළ උස්මාන් කවාජා ආසියානු කලාපයේදී ලබාගත් පළමු ශතකයට හිමිකම් කිහ.

සිවුවැනි කඩුල්ල ලෙස පන්දු 175 කදී හතරේ 5 ක් සමගින් ලකුණු 72 ක් රැස්කළ ට්‍රැවිස් හෙඞ් දැවීයාමෙන් පසුව පිටියට පිවිසි මාර්මස් ලැබස්චේන්ග්ට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට පාකිස්තාන පන්දු යවන්නෝ අවස්ථාවක් ලබානොදුන්හ.

නැවත වරක් ඕස්ට්‍රේලියාව පරාජයෙන් ගලවා ගැනීම සඳහා එක්වූ උස්මාන් කවාජා සහ ටිම් පේන් හයවැනි කඩුල්ල සඳහා ඕවර 36.2 කදී ලකුණු 79 ක සම්බන්ධතාවයක් ගොඩනැගුහ. නමුත් යසීර් ෂා විසින් පිට පිට යවන ලද ඕවර 2 ක් තුලදී 6, 7 සහ 8 වැනි කඩුලු ලෙස උස්මාන් කවාජා, මිචෙල් ස්ටාර්ක් සහ පීටර් සිඞ්ල් දැවීයාමත් සමගින් නැවත වරක් ඕස්ට්‍රේලියාව පරාජයට අත වනන්නට විය.

නමුත් පාකිස්තාන පන්දු යවන්නන් හමුවේ නොබියව මුහුණදුන් ටිම් පේන් සහ නේතන් ලයන් ඕවර 12.1 ක් තුල කඩුල්ල ආරක්ෂා කරගනිමින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට සමත්විය.

ටිම් පේන් පැය 3 මිනිත්තු 39 ක කාලයක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 194 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 61 ක් රැස්කරමින් ඕස්ටේ්‍රලියාව පරාජයෙන් ගලවා ගැනීමට සමත්විය.

යසීර් ෂා කඩුලු 4 ක් සහ මොහොමඞ් අබ්බාස් කඩුලු 3 ක් දවාගැනීමට සමත්වූවද පාකිස්තානය ජයග්‍රහණය කරා රැගෙන යාමf අපොහොසත් වූහ.

පාකිස්තාන පළමු ඉනිම - ඕවර 164.2 කදී සියලුදෙනා දැවී 482
(ඉමාම් උල් හක් 76, මොහොමඞ් හෆීස් 126, හරිස් සොහෙල් 110, අසාද් ශාෆික් 80, පීටර් සිඞ්ල් 58/3, නේතන් ලයන් 114/2)

ඕස්ට්‍රේලියාව පළමු ඉනිම - ඕවර 83.3 කදී සියලුදෙනා දැවී 202
(උස්මාන් කවාජා 85, ඒරන් ෆින්ච් 62, බිලාල් අසීෆ් 36/6, මොහොමඞ් අබ්බාස් 29/4)

පාකිස්තාන දෙවැනි ඉනිම - ඕවර 57.5 කදී කඩුලු 6 ක් දැවී 181
(ඉමාම් උල් හක් 48, හරිස් සොහෙල් 39, අසාද් ශාෆික් 41, බාබර් අසාම් නොදැවී 28, ජෝන් හෝලන්ඞ් 83/3, නේතන් ලයන් 58/2)

ඕස්ට්‍රේලියාව දෙවැනි ඉනිම - ඕවර 139.5 කදී කඩුලු 8 ක් දැවී 362
(ඒරන් ෆින්ච් 49, උස්මාන් කවාජා 141, ට්‍රැවිස් හෙඞ් 72, ටිම් පේන් නොදැවී 61, යසීර් ෂා 114/4, මොහොමඞ් අබ්බාස් 56/3)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
එංගලන්තයට ලකුණු 31 ක ජයක්...
2018-10-13 15:24:09
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් ...
එංගලන්තය කඩුලු 7 කින් ජයගනී ...
2018-10-17 23:00:17
ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 7 ක ජය...
මාලිංග ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරයි...
2018-10-14 17:23:45
දැන්ම ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් තවමත් තමාගේ කිසිදු අදහසක් නොමැති බවත්, අවස්ථාව හිමි වුවහොත් 2019 වසරේදී පැවැත්වෙන එක්...
දඹුල්ලේ තරග අපට ගැටළුවක් නෙමේ - අකිල ධනංජය...
2018-10-12 17:31:05
  සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට (13 වැනිදා) පැවැත්වෙන දෙවැනි එක්ද...
පිතිකරු ලැයිස්තුව ස්ථිර විය යුතුයි - ශානක...
බයවෙන්න එපා. වැසි දෙවියො දන්නවා අපිට ඕවර 50ක් ගහන්න බෑ කියල . හෙටත් පිහිටට එයි ....
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම...
හොඳ අදහසක්.. අසේල ගුණරත්නත් කණ්ඩායමට ඇතුළත් කළයුතුයි. ...
මැතිව්ස් අවදානම් අඩවියක...
ලබ්රෝයි වත් ගෙදර යවන්න ඕනේ. මෙහෙම තමා තමන්ගේ හෙන්ච්ච්යියන් ඇතුලට දාලා ක්‍රිකට් කන්නේ... මැතිව්ස් කොහොමත් අයින් කරන්න ඕනේ.. ...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
මෙන්ඩියා ගෙදර යවන්න එපා. පල්ලෙහාට ගේන්න....