. හොං කොං ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාව පරදවති | කෙළිමඬල
2019 අපේ‍්‍රල් මස 23 වැනි අගහරුවාදා
හොං කොං ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාව පරදවති
2018-10-14 14:17:52 | යොහාන් භාසුර

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලි මාලාවේ තෙවැනි සහ අවසන් අදියර වන කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී පැවැත්වෙන තරගාවලියේ දෙවැනි දිනය වන අද (14) පස්වරුවේදී  ශ්‍රී ලංකා ලකුණු 12-21 කින් පරාජය කිරීමට හොං කොං ක්‍රීඩකයෝ සමත් වූහ.

තරගයේ ආරම්භයේ සිටම ග්‍රහණය දැඩිකළ හොං කොං ක්‍රීඩකයෝ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 14-7 ක් ලෙස පෙරමුණ ගත්හ.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් කෙවින් ඩික්සන් සහ රීසා රෆයිඩීන් උත්සාහක දිනුම බැගින් සම්පූර්ණ කළහ. සුදම් සූරිආරච්චි ගෝල ප්‍රවර්ථනය සාර්ථක කළේය.  මෙම පරාජයත් සමඟ ශ්‍රී ලංකා පිල  ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වෙමින් ප්‍රබල ජපන් පිලට එරෙහිව කුසලාන ශූරතා අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීය.
ශ්‍රී ලංකාව සහ ජපානය අතර තරගය අද පස්වරු 3.22 ක පැවැත්වීමට නියමිතය.

දෙවැනි අවසන් පූර්ව තරගය හොංකොං සහ පිලිපීනය අතර පැවැත්වීමට නියමිතය.

අද පස්වරුවේදී පැවැති පළඟ ශූරතා අවසන් පූර්ව තරගයේදී ලකුණු 40-0 කින් සිංගප්පූරුව පරාජය කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ‘පළඟ’ ශූරතා අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද පෙරවරුවේ සහභාගි වූ පළමු වටයේ අවසන් තරගයේදී ප්‍රබල ජපන් පිල හමුවේ ලකුණු 0-27 කින් පරාජය වූහ.

 

 

ශ්‍රී ලංකාව සහ ජපානය අතර පැවැති කාන්තා රග්බි තරගයෙන් ....

 

 

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර පැවැති කාන්තා රග්බි තරගයෙන් ....

ඡායාරූප - ළහිරු හර්ෂණ

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මුම්බායි පිල හයවැනි ජයත් ලබයි...
2019-04-18 20:15:50
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 34 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර දිල්ලිහිදී අද (18 වැනිදා...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
2019-04-17 20:23:33
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇ...
ආරම්භක පිතිකරුවන් තෝරාගැනීමේ හිසරදය...
2019-04-17 13:35:49
ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක ශූරයන් බවට පත්වූ 1996 වසරේදී මෙන්ම අනු ශූරයන් බවට පත්වූ 2007 සහ 2011 වසරවලදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට ආර...
අසන්ත ද මැල්...
2019-04-18 18:39:23
“මම මාලිංගට දුරකථනයෙන් කථා කළා. මම ඔහුට කිව්වා අපිට ඔහුගේ නායකත්වය පිළිබඳව ප්‍රශ්නයක් නෑ. ඒත් මේ වෙලාවේ අපිට ඕනේ කණ්ඩායම එකමුතුව යන්න කිය...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
ශ්‍රී ලංකා කන්ඩායමට සුබපතන්නද... පෘතුගීසි කන්ඩායමට සුබපතන්නද කියලා හිතාගන්න බෑ ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
තේරීම් කමිටු සභාපති පවසන ආකයට මාලිංගගේ නායකත්වය කිසිම ගැටළුවක් නැතත් අනෙත් ක්‍රීඩකයන් සහයෝගය නොදෙක්වීමයි. රටක් නියෝජනය කරන අනෙත් ක්‍රීඩකයන් නායකයට සහය...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
රටට සෙල්ලම් කරන්න බැරි අය වැඩක් නෑ.....තමන්ගේ පෞද්ගලික හිතු මතේට මෙහෙම රටක්....  සෙල්ලම් කරන්න තරගෙකට බැහැ කියන එක මහ අමන වැඩක්..... රටේ සල්ලි...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
මාලිංග කරුණාකර මහජනතාවට පෙන්නන්න ඔබ තනතුරු සඳහා ගිජු පුද්ගලයෙක් නොවන බව....ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉදිරිපත් වී දක්ෂතා පෙන්වන්න. මහජනතාව ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
ආගම පදනම් කරගෙන ක්‍රීඩකයන් තේරීම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට ඉතාමත් අහිතකර වේ. ...