. පාරමි මූලික වටයේදී තුන්වැනි තැනට | කෙළිමඬල
2019 අපේ‍්‍රල් මස 25 වැනි බ‍්‍රහස්පතින්දා
පාරමි මූලික වටයේදී තුන්වැනි තැනට
2018-10-15 13:11:41 | .

ආජන්ටිනාවේදී දැන් පැවැත්වෙන තෙවැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 2000 බාධක දිවීමේ කාන්තා ඉසව්වේ මූලික වටයේ තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා පාරමි වසන්ති මාරිස්ටෙලා තෙවැනි ස්ථානය හිමිකරගැනීමට සමත් වූවාය.  මෙම ඉසව්ව නිම කිරීම සඳහා පාරමි විනාඩි 6:33.06 කාලයක් වාර්තා කළ අතර එම කාලය ඇයගේ තරග දිවියේ හොඳම කාලය ලෙසද සටහන් වේ.

මෙම ඉසව්ව තරග දෙකකින් සමන්විත වන අතර එම තරග දෙකේ කාලයේ එකතුවෙන් සමස්ත ඉසව්වේ ස්ථානය තීරණය වේ. එහි අවසන් තරගය වන කිලෝමීටර 4 ක රට හරහා දිවීමේ තරගය අද (15) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ වීමට නියමිතය.

ප්‍රංශ ක්‍රීඩිකා ලීනා ලිබ්‍රන් විනාඩි 6:36.44 ක කාලයක් වාර්තා කරමින් මීටර 2000 බාධක දිවීමේ කාන්තා ඉසව්වේ මූලික වටයේ තරගයේ සිවුවැනි ස්ථානයට පත්වූ අතර පාරමි අද තරගයේදී එම ක්‍රීඩිකාවට පෙර තරගය නිම කළහොත් පදක්කම්  බලාපොරොත්තුවක් තැබිය හැකිය.

මූලික වටයේ පළමු ස්ථානය කෙන්යා ක්‍රීඩිකා ෆැන්සි චිරොනෝ (විනාඩි 6:26.08) සහ දෙවැනි ස්ථානය ඉතියෝපියා ක්‍රීඩිකා මෙක්ඩිස් අබිබි (විනාඩි 6:27.93) දිනාගැනීමට සමත් වූහ.   

 

- 048

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මුම්බායි පිල හයවැනි ජයත් ලබයි...
2019-04-18 20:15:50
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 34 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර දිල්ලිහිදී අද (18 වැනිදා...
අසන්ත ද මැල්...
2019-04-18 18:39:23
“මම මාලිංගට දුරකථනයෙන් කථා කළා. මම ඔහුට කිව්වා අපිට ඔහුගේ නායකත්වය පිළිබඳව ප්‍රශ්නයක් නෑ. ඒත් මේ වෙලාවේ අපිට ඕනේ කණ්ඩායම එකමුතුව යන්න කිය...
ශම්මි සිල්වා...
2019-04-18 18:37:22
“ලෝක පූජිත ක්‍රීඩකයෙක් වුණ පළියට හොඳ නායකයෙක් වෙන්නේ නෑ. හොඳ නායකයෙක් ලෝක පූජිත ක්‍රීඩකයෙක් වෙන්නෙත් නෑ. මාලිංගට තරග 12 ක් ලබා දුන්නා...
කෝලි බැංගලෝර් පිලට ජය ගෙනෙයි...
2019-04-19 20:34:34
විරාට් කෝලීගේ (100) විශිෂ්ට පිතිහරඹය හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 35 වැනි තරගය ලෙස කොල්කටා නයිට්රයිඩර්ස් සහ රෝය...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
ශ්‍රී ලංකා කන්ඩායමට සුබපතන්නද... පෘතුගීසි කන්ඩායමට සුබපතන්නද කියලා හිතාගන්න බෑ ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
තේරීම් කමිටු සභාපති පවසන ආකයට මාලිංගගේ නායකත්වය කිසිම ගැටළුවක් නැතත් අනෙත් ක්‍රීඩකයන් සහයෝගය නොදෙක්වීමයි. රටක් නියෝජනය කරන අනෙත් ක්‍රීඩකයන් නායකයට සහය...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
රටට සෙල්ලම් කරන්න බැරි අය වැඩක් නෑ.....තමන්ගේ පෞද්ගලික හිතු මතේට මෙහෙම රටක්....  සෙල්ලම් කරන්න තරගෙකට බැහැ කියන එක මහ අමන වැඩක්..... රටේ සල්ලි...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
මාලිංග කරුණාකර මහජනතාවට පෙන්නන්න ඔබ තනතුරු සඳහා ගිජු පුද්ගලයෙක් නොවන බව....ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉදිරිපත් වී දක්ෂතා පෙන්වන්න. මහජනතාව ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
ආගම පදනම් කරගෙන ක්‍රීඩකයන් තේරීම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට ඉතාමත් අහිතකර වේ. ...