. දක්ෂතම ක්‍රීඩකයා දෙව්මෙත් : ක්‍රීඩිකාව බිමන්දි | කෙළිමඬල
2018 නොවැම්බර් මස 15 වැනි බ‍්‍රහස්පතින්දා
දක්ෂතම ක්‍රීඩකයා දෙව්මෙත් : ක්‍රීඩිකාව බිමන්දි
2018-10-18 15:08:04 | ශානුක අරවින්ද
‘අයි. ඇන්ඞ් ඩී.’ මේසපන්දු විද්‍යායතනය දෙවැනි වටත් සංවිධානය කළ සමස්ත ලංකා කනිෂ්ඨ ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දෙව්මෙත් වීරසේනද, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මහනුවර හිල්වුඞ් විදුහලේ බිමන්දි බණ්ඩාරද සම්මාන දිනාගත්හ. 
 
වයස 10 න් පහළ බාලක අනුශූරතාව හිමිකරගත් දෙව්මෙත් වීරසේන, ඉන් නොනැවතී වයස 12 න් පහළ බාලක ශූරතාවද දිනාගනිමින් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්විය. වයස 18 න් පහළ බාලිකා කේවල ශූරතාව දිනාගත් බිමන්දි බණ්ඩර, එම වයස් කාණ්ඩයේ බාලිකා යුගල අනු ශූරතාවට හිමිකම් කියමින් දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වූවාය. 
 
මෙම තරගාවලියේදී බාලක සහ බාලිකා අංශ දෙකේම අවුරුදු 10 න් පහළ, 12 න් පහළ, 15 න් පහළ සහ 18 න් පහළ යන වයස් කාණ්ඩ සඳහා කේවල තරග පැවැති අතර 18 න් පහළ වයස් කාණ්ඩය සඳහා පමණක් යුගල තරග පැවැත්විණ. 
 
ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය දිවයින පුරා පාසල් රැසක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වූහ. 
 
බාලක තරග ප්‍රතිඵල
 
වයස 10 න් පහළ 
ශෆියුල්ලා අක්‍රම් (මහනුවර අල් හුදා ජාත්‍යන්තර පාසල) විසින් දෙව්මෙත් වීරසේන (නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල) පරාජය කරන ලදි. 
 
වයස 12 න් පහළ 
දෙව්මෙත් වීරසේන (නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල) විසින් කකෙරු හෙන්නායක (කොළඹ ආනන්ද විදුහල) පරාජය කරන ලදි. 
 
වයස 15 න් පහළ 
තිසස් රංචාගොඩ (කොළඹ රාජකීය විදුහල) විසින් සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල) පරාජය කරන ලදි. 
 
වයස 18 න් පහළ 
චන්දූප අලහකෝන් (මහනුවර කිංග්ස්වුඞ් විදුහල) විසින් විරුනක හෙන්ඳහේවා (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි. 
 
වයස 18 න් පහළ (යුගල) 
චන්දූප අලහකෝන් සහ ධනුෂ්ක විජේසිංහ (මහනුවර කිංග්ස්වුඞ් විදුහල) විසින් හිරුණ වරුසවිතාන සහ ළහිරු තරංග (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදි. 
 
බාලිකා තරග ප්‍රතිඵල
 
වයස 10 න් පහළ 
සඳින්ති ජයසිංහ (කොළඹ මියුසියස් විදුහල) විසින් තමාදි කාවින්ද්‍යා (අම්බලන්ගොඩ දේවානන්ද විදුහල)පරාජය කරන ලදි.
 
වයස 12 න් පහළ 
චමීෂා තුෂාදි (කෑගලු බාලිකා විදුහල) විසින් නවින්දි සෙනෙවිරත්න  (කෑගලු බාලිකා විදුහල) පරාජය කරන ලදි.  
 
වයස 15 න් පහළ 
කවිෂ්කා කාවින්දි (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) විසින් ජිතාරා වර්ණකුලසූරිය (කොළඹ කාන්තා විදුහල) පරාජය කරන ලදි.
 
වයස 18 න් පහළ 
බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඞ් විදුහල) විසින් ජිතාරා වර්ණකුලසූරිය (කොළඹ කාන්තා විදුහල) පරාජය කරන ලදි. 
 
වයස 18 න් පහළ (යුගල) 
කවිෂ්කා කාවින්දි සහ ඉමාෂා ද සිල්වා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) විසින් බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඞ් විදුහල) දිනිති දිසානායක (මහනුවර මහාමායා බාලිකා විදුහල) පරාජය කරන ලදි. 
 
වයස 18 න් පහළ (මිශ්‍ර යුගල) 
හිරුන වරුසවිතාන සහ සයුරි රනිමිනි (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) විසින් සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල) සහ ජිතාරා වර්ණකුලසූරිය (කොළඹ කාන්තා විදුහල) පරාජය කරන ලදි. 
 
ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ක්‍රිකට් කළමණාකරු තනතුර දමා යන්න යයි...
2018-11-11 21:05:59
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ චරිත් සේනානායක මහතා එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ. වහාම ක්‍රියාත්මක වන පරි...
ශ්‍රී ලංකා පිල ලකුණු 447 ක් පසුපසින් ...
2018-11-08 13:07:21
එංගලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 462 ක ඉලක්කයක් ...
තනි කකුලෙන් ඒ දණ්ඬේ යන්න යයි...
2018-11-13 21:11:54
දිනේෂ් චන්දිමාල් අමාරුවේ වැටෙන්නේ කොතැනද සුරංග ලක්මාල් ගැලවුම්කාරයා ලෙස එතැන සිටී. ශ්‍රී ලංකා පිලේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ සිටම සි...
කරන් තරගයේ වාසිය තනි අතින් උදුරා ගනී...
2018-11-14 09:57:30
පැය පහක කාලයක් පුරා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් රඳවා ගන්නා ලද තරගයේ වාසිය පැයක් තුළදී තනි අතින් උදුරාගත් සෑම් කරන් ශ්‍රී ලංකා...