. ඩැනියෙල්ගෙන් ශතකයක් | කෙළිමඬල
2019 ජනවාරි මස 24 වැනි බ‍්‍රහස්පතින්දා
ඩැනියෙල්ගෙන් ශතකයක්
2018-10-21 17:25:08 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කුරුණෑගල මලියදේව විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය ඊයේ (20 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ශාන්ත ජෝසප් විද්‍යාලයේ ශෙවොන් ඩැනියෙල් ශතකයක් (116) ද, ශෙරාන් ෆොන්සේකා (83) සහ මිරංග වික්‍රමගේ (නොදැවී 61) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර සාලින්ද සෙනෙවිරත්න කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

මලියදේව විද්‍යාලයේ නිසංජය හෙට්ටිආරච්චී (73) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර පසිඳු තෙන්නකෝන් කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


ශා.ජෝසප් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 79 කදී සියලුදෙනා දැවී ලකුණු 341
(ශෙවොන් ඩැනියෙල් 116, ශෙරාන් ෆොන්සේකා 83, මිරංග වික්‍රමගේ නොදැවී 61, පසිඳු තෙන්නකෝන් 95/5, විදත් බටේපොල 41/2)

මලියදේව විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 66.4 කදී සියලුදෙනා දැවී ලකුණු 212
(නිසංජය හෙට්ටිආරච්චී 73, කවින් බණ්ඩාර 29, මුදිත ප්‍රේමදාස 26, සාලින්ද සෙනෙවිරත්න 59/5)

ශා.ජෝසප් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 10 කදී කඩුල්ලක් දැවී ලකුණු 40

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අවිශ්ක - මිලින්ද ‘ඒ’ පිල දිනවති...
2019-01-19 10:02:21
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) පැවැත...
ක්‍රිකට් කාපාළුවෝ ක්‍රීඩා ඇමතිටත් අල්ලස් දෙන්න හදත...
2019-01-18 20:45:26
  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කිරීම සඳහා තමන්ට අල්ලස් දීමට තැත්කළ අය පිළිබඳව ජාත්‍යන්තර ක්...
පැටර්සන් - ඩෝරන් ඕස්ට්‍රේලියානු පිල ඔසවා තබති ...
2019-01-17 05:20:22
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු  ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර හෝබාට්හි බෙලෙරිව් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (1...
නුවන් ප්‍රදීප්ට ටෙස්ට් තරගාවලිය අහිමිවෙයි ...
2019-01-20 15:00:49
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව පැවැති තෙදින දිවා-රාත්‍රී පුහුණු තරගයේදී කලවේ ආබාධයකට ලක්වූ නුවන් ප්‍රදීප්ට ශ්...