. රවිඳුගේ පන්දු යැවීම මාරිස්ටෙලා විදුහලට ජය ගෙනෙයි | කෙළිමඬල
2018 නොවැම්බර් මස 15 වැනි බ‍්‍රහස්පතින්දා
රවිඳුගේ පන්දු යැවීම මාරිස්ටෙලා විදුහලට ජය ගෙනෙයි
2018-10-25 18:43:14 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කෝට්ටේ ජනාධිපති විද්‍යාලයට එරෙහිව ලකුණු 135 ක ජයක් හිමිකර ගැනීමට මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය ඊයේ (24 වැනිදා) සමත්විය. මෙම තරගය කටුනේරිය සෙබස්තියන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

පළමු ඉනිමේදී කඩුලු 4 ක් සහ දෙවැනි ඉනිමේදී කඩුලු 6 ක් සමගින් තරගයේ කඩුලු 10 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ රවිඳු ප්‍රනාන්දු සමත්විය.

මාරිස්ටෙලා පළමු ඉනිමේදී කඩුලු 6 ක් දවාගැනීමට කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ තෂික නිර්මාල් සමත්වූ අතර දිනිත් නෙලුම්දෙණිය දෙවැනි ඉනිමේදී කඩුලු 5 ක් දවාගත්තේය.

මාරිස්ටෙලා විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 43 කදී සියලුදෙනා දැවී ලකුණු 168
(තිලින පෙරේරා නොදැවී 28, චතුර අනුරාධ 27, කෙවින් පෙරේරා 20, රවිඳු ප්‍රනාන්දු 24, තෂික නිර්මාල් 50/6, නුරාන් පෙරේරා 15/2)

ජනාධිපති විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 36.2 කදී සියලුදෙනා දැවී ලකුණු 88
(රවිඳු ප්‍රනාන්දු 23/4, ප්‍රමෝද් කාවින්ද 20/2, අවීෂ කේෂාන් 26/2)

මාරිස්ටෙලා විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 35 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 118
(රොෂේන් ප්‍රනාන්දු 36, දිනිත් නෙලුම්දෙණිය 38/5)

ජනාධිපති විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 22.1 කදී සියලුදෙනා දැවී ලකුණු 63
(රවිඳු ප්‍රනාන්දු 26/6, පසිඳු උස්හෙට්ටි 33/3)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ක්‍රිකට් කළමණාකරු තනතුර දමා යන්න යයි...
2018-11-11 21:05:59
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ චරිත් සේනානායක මහතා එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ. වහාම ක්‍රියාත්මක වන පරි...
ශ්‍රී ලංකා පිල ලකුණු 447 ක් පසුපසින් ...
2018-11-08 13:07:21
එංගලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 462 ක ඉලක්කයක් ...
තනි කකුලෙන් ඒ දණ්ඬේ යන්න යයි...
2018-11-13 21:11:54
දිනේෂ් චන්දිමාල් අමාරුවේ වැටෙන්නේ කොතැනද සුරංග ලක්මාල් ගැලවුම්කාරයා ලෙස එතැන සිටී. ශ්‍රී ලංකා පිලේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ සිටම සි...
කරන් තරගයේ වාසිය තනි අතින් උදුරා ගනී...
2018-11-14 09:57:30
පැය පහක කාලයක් පුරා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් රඳවා ගන්නා ලද තරගයේ වාසිය පැයක් තුළදී තනි අතින් උදුරාගත් සෑම් කරන් ශ්‍රී ලංකා...