. චන්දිම - දුලක්‍ෂණ යුගළ ශූරතා දිනති | කෙළිමඬල
2018 නොවැම්බර් මස 15 වැනි බ‍්‍රහස්පතින්දා
චන්දිම - දුලක්‍ෂණ යුගළ ශූරතා දිනති
2018-10-30 20:30:04 | ශානුක අරවින්ද

ශ්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධානය කළ 18 වැනි සභාපති කුසලාන කැරම් ශූරතාවලියේ පිරිමි යුගළ ශූරතාව දිනාගැනීමට ගුවන් හමුදාවේ උදේෂ් චන්දිම සහ දිනෙත් දුලක්ෂණ සමත් වූහ. අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස (25/03, 25/23) යුද හමුදාවේ අනස් අහමඞ් සහ සුරාජ් මධුවන්ත පරාජය කරමින් චන්දිම සහ දුලක්ෂණ එම ශූරතාවට හිමිකම් කීහ.

තරගාවලියේ කාන්තා යුගළ ශූරතාව දිනාගැනීමට ගුවන් හමුදාවේ යසිකා රාහුබද්ධ සහ චලනි ලක්මාලි සමත් වූයේ අවසන් මහ තරගයේදී වට 2-0 ක් (25/13, 25/04) ලෙස යුද හමුදාවේ මධුවන්ති ගුණදාස සහ එම්. චිත්‍රාදේවී පරාජය කරමිනි.

පිරිමි යුගළ තෙවැනි ස්ථානය යුද හමුදාවේ එම්. ෂෙරීෆ්ඩීන් සහ චරිත් මධුසංක විසින්ද, කාන්තා යුගළ තෙවැනි ස්ථානය නාවික හමුදාවේ ජෝශප් රොෂිටා සහ නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලයේ තරුෂි හිමහංසිකා විසින්ද හිමිකරගනු ලැබූහ.

කොහුවල, ශ්‍රී ලංකා කැරම් සම්මේලන මූලස්ථානයේ පැවැත්වෙන මෙම ශූරතාවලිය සඳහා දිවයිනේ සියලුම ප්‍රදේශ නියෝජනය කරමින් තරගකරුවන් තුන්සීයකට අධික පිරිසක් සහභාගි වී සිටිති.  තරගාවලියේ පිරිමි කේවල සහ කාන්තා කේවල අවසන් තරග නොවැම්බර් මස 3 සහ 4 යන දිනවලදී ශ්‍රී ලංකා කැරම් සම්මේලන මූලස්ථානයේදීම පැවැත්වීමට නියමිතය.

පිරිමි යුගල ශූරතාවය දිනාගත් උදේශ් චන්දිම සහ දිනෙත් දුලක්ෂණ (මැද), අනු ශූරතාවය හිමිකරගත් සුරාජ් මධුවන්ත සහ අනස් අහමඞ් (දෙපස) සමග
කාන්තා යුගල ශූරතාවය දිනාගත් යසිකා රාහුබද්ධ සහ චලනි ලක්මාලි ලියනගේ (මැද), අනු ශූරතාවය හිමිකරගත් මධුවන්ති ගුණදාස සහ එම්. චිත්‍රාදේවී (දෙපස) සමග
ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ක්‍රිකට් කළමණාකරු තනතුර දමා යන්න යයි...
2018-11-11 21:05:59
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ චරිත් සේනානායක මහතා එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ. වහාම ක්‍රියාත්මක වන පරි...
ශ්‍රී ලංකා පිල ලකුණු 447 ක් පසුපසින් ...
2018-11-08 13:07:21
එංගලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 462 ක ඉලක්කයක් ...
තනි කකුලෙන් ඒ දණ්ඬේ යන්න යයි...
2018-11-13 21:11:54
දිනේෂ් චන්දිමාල් අමාරුවේ වැටෙන්නේ කොතැනද සුරංග ලක්මාල් ගැලවුම්කාරයා ලෙස එතැන සිටී. ශ්‍රී ලංකා පිලේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ සිටම සි...
කරන් තරගයේ වාසිය තනි අතින් උදුරා ගනී...
2018-11-14 09:57:30
පැය පහක කාලයක් පුරා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් රඳවා ගන්නා ලද තරගයේ වාසිය පැයක් තුළදී තනි අතින් උදුරාගත් සෑම් කරන් ශ්‍රී ලංකා...