. ඩයලොග් පිල මාස් හෝල්ඩින්ස් පරදවයි | කෙළිමඬල
2019 අපේ‍්‍රල් මස 23 වැනි අගහරුවාදා
ඩයලොග් පිල මාස් හෝල්ඩින්ස් පරදවයි
2018-11-01 14:56:59 | ශානුක අරවින්ද
වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය සංවිධානය කරන වෙළෙඳ සේවා ලීග් පැසිපන්දු තරගාවලියේ ‘ඒ’ කාණ්ඩායේ පිරිමි මූලික වටයේ තරගයකදී මාස් හෝල්ඩින්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 72-69 ක තියුණු ජයක් වාර්තා කිරීමට ඩයලොග් ආසියාටා කණ්ඩායම සමත් විය. 
 
පළමු අර්ධය අවසානයේ ලකුණ 34-23 ක් ලෙස පෙරමුණ ගැනීමට මාස් හෝල්ඩින්ස් කණ්ඩායම සමත් වූ නමුත් දෙවැනි අර්ධය තුළදී දක්ෂ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ ඩයලොග් ආසියාටා ක්‍රීඩකයෝ තරගය නිමා වන විට දෙපිලේ ලකුණු සංඛ්‍යාව 63-63 ක් ලෙස සම තත්වයට පත්කළහ. 
 
හිමිවූ අතිරේක කාලයේදී ලකුණු 9 ක් රැස්කළ ඩයලොග් ආසියාටා කණ්ඩායම තරගයේ ජයග්‍රහණය තමන් සතු කරගත් අතර මාස් හෝල්ඩිග්ස් කණ්ඩායමට එහිදී ලබාගත හැකි වූයේ ලකුණු 6 ක් පමණි. 
 
තිඹිරිගස්යාය හෙන්රි පේද්‍රිස් පැසිපන්දු පිටියේදී පැවැති මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ලකුණු 26 ක් රැස්කළ ඩයලොග් ආසියාටා කණ්ඩායමේ ධනුෂ්ක මුතුකුඩාරච්චි සම්මාන දිනාගත්තේය. 
 
තරගාවලියේ 41 වැනි දිනයේදී පැවැති තවත් ‘ඊ’ කාණ්ඩායේ තරග දෙකකදී අයි.එෆ්.එස්. කණ්ඩායම පරාජය කිරීමට ඩබ්ලිව්.එන්.එස්. ග්ලෝබල් කණ්ඩායමද, මොර්සෑන්ඞ් කණ්ඩායම පරාජය කිරීමට එයිට්කේන් ස්පෙන්ස් කණ්ඩායමද සමත් විය. 
 
‘ඒ’ කාණ්ඩය 
ඩයලොග් ආසියාටා කණ්ඩායම විසින් ලකුණු 72-69 ක් ලෙස මාස් හෝල්ඩින්ස් කණ්ඩායම පරාජය කරන ලදි. 
තරගයේ වීරයා - ධනුෂ්ක මුතුකුඩාරච්චි (ඩයලොග් ආසියාටා කණ්ඩායම) - ලකුණු 26 
 
‘ඊ’ කාණ්ඩය  
ඩබ්ලිව්.එන්.එස්. ග්ලෝබල් කණ්ඩායම විසින් ලකුණු 55-46 ක් ලෙස අයි.එෆ්.එස්. කණ්ඩායම පරාජය කරන ලදි. 
තරගයේ වීරයා - රිෆ්ඛාන් නිලාෆිර් (ඩබ්ලිව්.එන්.එස්. ග්ලෝබල් කණ්ඩායම) - ලකුණු 23 
 
එයිස්කේන් ස්පෙන්ස් කණ්ඩායම විසින් ලකුණු 42-41 ක් ලෙස මෝර්සෑන්ඞ් කණ්ඩායම පරාජය කරන ලදි. 
තරගයේ වීරයා - රෂ්මික ලෝරන්ස් (එයිස්කේන් ස්පෙන්ස් කණ්ඩායම) - ලකුණු 19  
 
 
ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මුම්බායි පිල හයවැනි ජයත් ලබයි...
2019-04-18 20:15:50
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 34 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර දිල්ලිහිදී අද (18 වැනිදා...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
2019-04-17 20:23:33
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇ...
ආරම්භක පිතිකරුවන් තෝරාගැනීමේ හිසරදය...
2019-04-17 13:35:49
ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක ශූරයන් බවට පත්වූ 1996 වසරේදී මෙන්ම අනු ශූරයන් බවට පත්වූ 2007 සහ 2011 වසරවලදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට ආර...
අසන්ත ද මැල්...
2019-04-18 18:39:23
“මම මාලිංගට දුරකථනයෙන් කථා කළා. මම ඔහුට කිව්වා අපිට ඔහුගේ නායකත්වය පිළිබඳව ප්‍රශ්නයක් නෑ. ඒත් මේ වෙලාවේ අපිට ඕනේ කණ්ඩායම එකමුතුව යන්න කිය...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
ශ්‍රී ලංකා කන්ඩායමට සුබපතන්නද... පෘතුගීසි කන්ඩායමට සුබපතන්නද කියලා හිතාගන්න බෑ ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
තේරීම් කමිටු සභාපති පවසන ආකයට මාලිංගගේ නායකත්වය කිසිම ගැටළුවක් නැතත් අනෙත් ක්‍රීඩකයන් සහයෝගය නොදෙක්වීමයි. රටක් නියෝජනය කරන අනෙත් ක්‍රීඩකයන් නායකයට සහය...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
රටට සෙල්ලම් කරන්න බැරි අය වැඩක් නෑ.....තමන්ගේ පෞද්ගලික හිතු මතේට මෙහෙම රටක්....  සෙල්ලම් කරන්න තරගෙකට බැහැ කියන එක මහ අමන වැඩක්..... රටේ සල්ලි...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
මාලිංග කරුණාකර මහජනතාවට පෙන්නන්න ඔබ තනතුරු සඳහා ගිජු පුද්ගලයෙක් නොවන බව....ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉදිරිපත් වී දක්ෂතා පෙන්වන්න. මහජනතාව ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
ආගම පදනම් කරගෙන ක්‍රීඩකයන් තේරීම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට ඉතාමත් අහිතකර වේ. ...