. සිවුවැනි යොවුන් එක්දින තරගය විසඳුමකින් තොරයි | කෙළිමඬල
2019 අපේ‍්‍රල් මස 23 වැනි අගහරුවාදා
සිවුවැනි යොවුන් එක්දින තරගය විසඳුමකින් තොරයි
2018-11-06 13:48:02 | ශානුක අරවින්ද කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේ සිට..

ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ වයස 19 න් පහළ කණ්ඩායම අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැති සිවුවැනි යොවුන් එක්දින ක්‍රිකට් තරගය විසඳුමකින් තොරව නිමාවට පත්විය. 

වර්ෂාව හේතුවෙන් තරගයේ එක් ඉනිමක් ඕවර 22 කට සීමා කෙරුණ අතර ජයග්‍රහණය සඳහා ලකුණු 156 ක ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පස්වරු 5.10 ට පමණ මන්දාලෝක තත්වය හේතුවෙන් තරගය නතර කරන විට ඕවර 8.5 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 34 ක් ලබා සිටියේය. 

ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි ඕවරය යැවූ බංග්ලාදේශ නායක තව්හිද් රිඩෝයි එම ඕවරයේ පළමු සහ පස්වැනි පන්දුවලදී ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන (5) සහ රවිඳු රෂාන්ත (0) දවාගැනීමට සමත් වූයේ ආරම්භයේදීම ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි පීඩනක් එල්ල කරමිනි. ඉන් නොනැවතුණ රිඩෝයි, මුලු ලකුණු සංඛ්‍යාව 15 ක් වන විට ශ්‍රී ලංකා නායක නිපුන් ධනංජයද ලකුණු 7 කට පිටියෙන් ඉවත් කළේය. 

ඉන් අනතුරුව කඩුලු දඩයම ඇරඹූ ශමීම් පට්වාරි, සෙසු ආරම්භක පිතිකරුවා වු කමිල් මිෂාර මෙන්ම පස්වැනි පිතිකරුවා වූ සොනාල් දිනූෂද ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යවමින් ශ්‍රී ලංකා කණ්ඩායම මහත් අසීරු තත්වයකකට ඇද දැමුවේය.

මන්දාලෝක තත්වය හේතුවේ තරගය නතර කරන විට අවිෂ්ක තරිඳු සහ චමිඳු විජේසිංහ ලකුණු 5 බැගින් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. 

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායක නිපුන් ධනංජය පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කර සිටි අතර ඕවර 22 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 155 ක් රැස්කිරීමට බංග්ලාදේශ පිතිකරුවෝ සමත් වූහ.

එහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ තව්හිද් රිඩෝයි පන්දු 38 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 59 ක් රැස්කළේය. ලකුණු 111 කට කඩුලු 6 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී රකිබුල් හසන් (නොදැවී 11) සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 22 කදී ලකුණු 44 ක වේගවත් නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගීමටද රිඩෝයි සමත් විය.

පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 35 කදී ලකුණු 52 ක සම්බන්ධතාවක් ගොඩනගමින් බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදීමට ටැන්සිඞ් හසන් ටමීම් (25) සහ ප්‍රීතම් කුමාර් (24) සමත් වූහ. පන්දු 24 කදී වාර්තා වාර්තා වූ ටැන්සිඞ්ගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් වූ අතර පන්දු 26 කදී වාර්තා වූ ප්‍රීතම්ගේ ඉනිම හතරේ පහර 4 කින් සමන්විත විය. 

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ රොහාන් සංජය ලකුණු 29 කට කඩුලු 3 ක් දවාගත්තතේ ටැන්සිඞ්ගේ සහ ටමීම්ගේ කඩුලු දෙකද සමගිනි. ප්‍රීතම්ගේ කඩුල්ල බිඳ දමමින් බංග්ලාදේශ පළමු කඩුල්ලේ සම්බන්ධතාව බිඳ දැමූ රොහාන්, ටැන්සිඞ් හසන් පිටියෙන් ඉවත් කළේ කඩුලු රකින ක්‍රීඩක කමිල් මිෂාරගේ සහායද ඇතිවය. අනතුරුව ඔහු නවෝද් පරණවිතාන සමග එක්ව රිතුන්ජෝයි චෞද්‍රිගේ ඉනිමද ලකුණු 11 කට සීමා කළේය. 

බංග්ලාදේශ පිතිකරුවන් අසරණ කිරීම සඳහා රොහාන්ට අනගි සහායක් දුන් රවීන් ද සිල්වා ලකුණු 14 කට කඩුලු 2 ක් බිඳහෙළු අතර ඔහුගේ පන්දු හමුවේ රවිඳු රෂාන්ත සහ චමිඳු විජේසිංහ අතට උඩ පන්දු ලබාදෙමින් අක්බාර් අලී ලකුණු 3 කටද, පර්විස් හොසේන් ලකුණු 5 කටද දැවී ගියහ.  

වැසි සහිත කාලගුණිත තත්වය හේතුවෙන් නියමිත වේලාවට තරගය ආරම්භ කිරීමට නොහැකි වූ අතර වර්ෂාව නිමා වීමෙන් අනතුරුව පස්වරු 1.45 ට පමණ ක්‍රීඩාංගණය නිරීක්ෂණය කළ විනිසිරුවෝ පස්වරු 2.45 ට තරගය ආරම්භ කිරීමට තීරණය කළහ. 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මුම්බායි පිල හයවැනි ජයත් ලබයි...
2019-04-18 20:15:50
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 34 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර දිල්ලිහිදී අද (18 වැනිදා...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
2019-04-17 20:23:33
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇ...
ආරම්භක පිතිකරුවන් තෝරාගැනීමේ හිසරදය...
2019-04-17 13:35:49
ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක ශූරයන් බවට පත්වූ 1996 වසරේදී මෙන්ම අනු ශූරයන් බවට පත්වූ 2007 සහ 2011 වසරවලදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට ආර...
අසන්ත ද මැල්...
2019-04-18 18:39:23
“මම මාලිංගට දුරකථනයෙන් කථා කළා. මම ඔහුට කිව්වා අපිට ඔහුගේ නායකත්වය පිළිබඳව ප්‍රශ්නයක් නෑ. ඒත් මේ වෙලාවේ අපිට ඕනේ කණ්ඩායම එකමුතුව යන්න කිය...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
ශ්‍රී ලංකා කන්ඩායමට සුබපතන්නද... පෘතුගීසි කන්ඩායමට සුබපතන්නද කියලා හිතාගන්න බෑ ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
තේරීම් කමිටු සභාපති පවසන ආකයට මාලිංගගේ නායකත්වය කිසිම ගැටළුවක් නැතත් අනෙත් ක්‍රීඩකයන් සහයෝගය නොදෙක්වීමයි. රටක් නියෝජනය කරන අනෙත් ක්‍රීඩකයන් නායකයට සහය...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
රටට සෙල්ලම් කරන්න බැරි අය වැඩක් නෑ.....තමන්ගේ පෞද්ගලික හිතු මතේට මෙහෙම රටක්....  සෙල්ලම් කරන්න තරගෙකට බැහැ කියන එක මහ අමන වැඩක්..... රටේ සල්ලි...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
මාලිංග කරුණාකර මහජනතාවට පෙන්නන්න ඔබ තනතුරු සඳහා ගිජු පුද්ගලයෙක් නොවන බව....ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉදිරිපත් වී දක්ෂතා පෙන්වන්න. මහජනතාව ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
ආගම පදනම් කරගෙන ක්‍රීඩකයන් තේරීම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට ඉතාමත් අහිතකර වේ. ...