. කසුන් ජයසූරිය සමුගැනීමට සැරසෙයි | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 14 වැනි සිකුරාදා
කසුන් ජයසූරිය සමුගැනීමට සැරසෙයි
2018-11-27 20:02:08 | නාමල් පතිරගේ

සෝන්ඩර්ස් කණ්ඩායමේ ක්‍රීඩක කසුන් ජයසූරිය ලබන සෙනසුරාදා (1) පැවැත්වීමට නියමිත එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයට සහභාගිවීමෙන් පසුව පළමු පෙළ පාපන්දු තරග බිමෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

 38 හැවිරිදි කසුන් ජයසූරිය 1996 සිට ක්‍රීඩා සමාජ පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කරන අතර ශ්‍රී ලංකාවෙන් මෙතෙක් බිහිවූ දක්‍ෂතම පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස සලකන ඔහු ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ හිටපු නායකයෙකි. ඕල්ඞ් ජෝස්, පෙටා යුනයිටඞ්, රත්නම්, මීගමුව යූත් ඔහු මීට පෙර ක්‍රීඩා කළ ක්‍රීඩා සමාජ වේ.  

ශූරයන්ගේ ලීග් තරගාවලියේදී ඔහු වැඩිම ගෝල ලාභියාට හිමි රන් පාවහන් සම්මානය පිට පිටම තෙවරක් දිනා තිබේ. එක් තරගාවලියකදී ඔහු ගෝල 24ක් රැස්කර තිබේ.

වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස ඔහු ඉන්දියාවේ හා මාලදිවයිනේ ක්‍රීඩා සමාජයන්හි වසර අටකට ආසන්න කාලයක් කටයුතු කර තිබේ. ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම නියෝජනය කරමින් අන්තර් ජාතික තරගාවලි රැසකට ක්‍රීඩා කර ඇති කසුන් දේශීය තරගබිමෙන් ඉවත්වීම ගැන ලංකාදීප යට පැවසුවේ වෘත්තීය පාපන්දු ක්‍රීඩාවක් නොමැති ශ්‍රී ලංකාව තුළ පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කිරීම තවදුරටත් දුෂ්කර කටයුත්තක් වන බැවින් තමා මෙම තීරණය ගත් බවයි.

වරක් තරග පාවාදීමේ චෝදනාවකටද ඔහු ඇතුළු ක්‍රීඩකයන් කීපදෙනෙකු ලක්වුවත් පසුව කසුන් ඇතුළු ඔවුන්ගේ තහනම ඉවත් කෙරුණි.

 කසුන් ජයසූරිය දේශීය තරගබිමෙන් සමුගැනීමෙන් පසුව කසුන් ජයසූරිය පාපන්දු ඇකඩමිය නමින් පාපන්දු විද්‍යායතයක් ලබන දෙසැම්බර් 15 වැනිදා ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. බදුල්ල ධර්මදූත හා කොළඹ ශාන්ත ජෝශප් යන විදුහලේහි ආදි ශිෂ්‍යයෙකු වන ඔහු ඉදිරියේදී පාපන්දු පුහුණුකරුවකු ලෙස කටයුතු කිරීමට සූදානමින් පසුවේ. 

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අකිල ධනංජයට පන්දු යැවීම තහනම් කරයි...
2018-12-10 22:10:25
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව අන්තර් ජාතින ක්‍රික...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
මාලිංගට - මැතිව්ස්ට කෝටි 5 ක ලංසු...
2018-12-12 17:43:10
ලබන වසරේදී (2019) පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියට ක්‍රීඩකයන් තෝරගැනීම සඳහා පැවැත්වෙන වෙන්දේසියේදී ශ්‍...
නවසීලන්ත ක්‍රීඩකයෝ පෙරමුණ ගනිති...
2018-12-11 19:51:35
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට දින හතරකට පෙර, අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් නිකුත් කරන ලද නවතම ක්&zwj...