. බ්ලූස්ටාර් අපරාජිතව පෙරමුණට | කෙළිමඬල
2019 පෙබරවාරි මස 22 වැනි සිකුරාදා
බ්ලූස්ටාර් අපරාජිතව පෙරමුණට
2018-11-30 20:54:58 | නාමල් පතිරගේ

අන්තර් සමාජ ඩයලොග් ශූරයන්ගේ පාපන්දු තරගාවලියේ හත්වැනි අදියරේ තරග හෙට සහ අනිද්දා (1 සහ 2) පැවැත්වීමට නියමිතව තිබියදී කළුතර බ්ලුස්ටාර්ස් ක්‍රීඩකයෝ තරගාවලියේ  ප්‍රධාන ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව සිටින්නේ අපරාජිතව පසුවෙමිනි. ඒ ප්‍රසාද ලකුණු 13ක් ලබමිණි.
 
පසුගිය වසරේ ශූරතාව දිනාගත් කොළඹ කණ්ඩායම ඒ වනවිට තරග තුනකට පමණක් සහභාගිවී ප්‍රසාද ලකුණු 9ක් ලබා දෙවැනි ස්ථානයේ පසුවූ අතර පසුගිය තරගාවලිය ප්‍රසාද ලකුණු සටහනේ මුල් පෙළේ ස්ථානවල පසුවූ කණ්ඩායම් ගණනාවක්ම මෙවර තරගාවලිය ආරම්භයේදීම පසුබෑමකට ලක්වීම කැපී පෙනේ.

හෙට පස්වරුවේදී එෆ්. ඒ. කුසලාන අවසන් මහ තරගයට සහභාගි වන සෝන්ඩර්ස් කණ්ඩායම 14 වන ස්ථානයේ පසුවන අතර වසර 2013 දී ශූරතාව දිනාගත් මීගමුව යූත් කණ්ඩායම එතෙක් තරග හතරකට සහභාගිවී සිටියදී 16 වැනි ස්ථානය තෙක් පල්ලම් බැස ගොස් සිටියි.

පසුගිය වසරේ එෆ්. ඒ. කුසලාන අනුශූරයන් වූ ජාවාලේන් කණ්ඩායම ශූරයන්ගේ තරගාවලියේ අවසන් (18 වැනි) ස්ථානයට පත්ව තිබෙන්නේ එතෙක් සහභාගි වූ තරග පහෙන් හතරක්ම පරාජයට පත්වෙමිනි. ඒ අතර පසුගිය ශූරයන්ගේ තරගාවලිය තෙවැනි ස්ථානය ලද වෙන්නප්පු නිව් යන්ග්ස්  කණ්ඩායම අනුරාධපුරය පොලිස් කණ්ඩායම හමුවේ ලද පරාජයෙන් ප්‍රසාද ලකුණු සටහනේ 12 වැනි ස්ථානය තෙක් පහළ වැටී තිබේ.

ඒකලදී පැවැති ගුවන් හමුදා පෙලිකන්ස් අතර තරගය තියුණු මුහුණුවරක් හමුවේ නිමාවට පත්වූයේ ගෝල 2-2 කට ජය පරාජයෙන් තොරවය. එහිදී ගුවන් හමුදා ක්‍රීඩක ලක්මාල් ගුණතිලකගේ නීති විරෝධී හැසිරීම හමුවේ  විනිසුරු රතුපාට කාඞ්පත පෙන්වා සිටියෙන් පිටමං කරනු ලැබීය.

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
කුසල් විශිෂ්ටත්වය විදහා පෙන්වයි...
2019-02-16 15:33:48
  කුසල් පෙරේරාගේ (නොදැවී 155) අති විශිෂ්ට පිතිහරඹය නිසා දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ...
මම ගැහැව්වේ කෝච් වෙනුවෙන් ...
2019-02-17 15:00:45
ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් කළ පිතිහරඹය කණ්ඩායමේ පුහුණුකරු (චන්දික හතුරුසිංහ ම...
ශ්‍රී ලංකාව අසීරු හඹායෑමක...
2019-02-15 16:16:09
ඩර්බන් නුවර කිංග්ස්මේඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (15 වැනිදා) අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරග...
ක්‍රීඩකයන්ගේ හැසිරීම ගැන විනය පියවර...
2019-02-18 20:06:24
දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ඩර්බන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණයෙන් පසුව වීඩියෝ පටයකින් ප්‍රදර්ශනය වූ ශ්‍රී ලංකා...