. ශ්‍රව්‍යාබාධිතයන්ටත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිගැනීම ඕනෑ | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 14 වැනි සිකුරාදා
ශ්‍රව්‍යාබාධිතයන්ටත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිගැනීම ඕනෑ
2018-12-02 11:20:03 | කටුනායක ටී.කේ.ජී.කපිල

ඉන්දියාවේදී පැවති ශ්‍රව්‍යාබාධිතයන් සඳහා වූ විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා සම්බන්ධ කිරීම තම උත්සාහය බව එහි කළමණාකාරිනිය වන ඉන්ද්‍රානි ආරියරත්න  මහත්මිය කියයි. එවිට මෙම ක්‍රීඩකයින්ට දක්ෂ පුහුණුකරුවන්ගේ සේවය හිමිවන අතරම ජාතික කණ්ඩායමේ සිටින ක්‍රීඩකයින්ට හිමි වන සියලු වරප්‍රසාද ද හිමි වන බවත් ඔවුන් මුහුණ දෙන සම්පත් ඌනතාවයටද පිළියමක් ලැබෙන බවත් කළමණාකාරවරිය වැඩිදුරටත් පැවසුවාය. 

සෙනසුරාදා උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් සිය මව්බිම වෙත පැමිණි අවස්ථාවේදී ශ්‍රව්‍යාබාධිත කණ්ඩායමේ කළමණාකාරවරිය ඒ බව කීවාය. 

මෙම කණ්ඩායම පිළිගැනීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා, ක්‍රීඩා අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු මෙන්ම ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත සංගම් වල නිලධාරීහු සහ එම ක්‍රීඩකයින්ගේ දෙමාපිය නෑදෑ හිතවත්හු විශාල පිරිසක් ද ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ. ජයග්‍රාහී ක්‍රීඩකයින් සහ එම කණ්ඩායමේ නිලධාරීන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් මල් මාල පළඳවමින් ඉතා උසස් ආකාරයට පිළිගනු ලැබිණ. 

මෙම ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරිනිය වන ඉන්ද්‍රානි ආරියරත්න මහත්මිය කියා සිටියේ තරගාවලිය සඳහා කණ්ඩායම තෝරා ගැනීමේදී පළමුව ක්‍රීඩකයන් 60 දෙනෙකු තෝරාගෙන පසුව ඔවුන් අතරින් 15 දෙනෙකු තෝරා ගත් බවයි. 

“මේ කණ්ඩායම සතියකට දින 03 ක් බැගින් මාස 05 ක් වැනි කාලයක් පුහුණුවීම් වල නිරත වුණා. මෙම ජයග්‍රහණයට අපේ කණ්ඩායමේ පුහුණුකරුවන්ගේ උනන්දුව සහ කැපවීමත් විශාල වශයෙන් හේතු වුණා” යයිද ආරියරත්න මහත්මිය පැවසුවාය. 

මෙම තරගාවලියට රටවල් 08 ක් සහභාගි වීමට නියමිතව සිටියද බංගලාදේශය, පකිස්තානය සහ එංගලන්තය යන රටවල් ඊට සහභාගි වී නැත. එහෙත් ඕස්ටේ්‍රලියාව සහ දකුණු අප්‍රිකාව මෙන්ම ඉන්දියාව (අවසන් තරගයට පෙර දෙවරක්) පරාජය කිරීමට ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත කණ්ඩායමට හැකිවිය. 

“ඒකෙන් අපගේ ක්‍රීඩකයින්ගේ චිත්ත ධෛර්යය ගොඩාක් ඉහළ නැංවුණා....අපගේ ක්‍රීඩකයින් ක්‍රීඩා කරන අතරතුර තුවාල සිදු උනත් ඒවා අමතක කර තරගය නිමා වන තෙක් ක්‍රීඩා කළා....එයත් මෙම ජයග්‍රහණයට හේතුවක් උනා” යයිද ආරියරත්න මහත්මිය වැඩිදුරටත් පැවසුවාය. 

මෙම ජයග්‍රහණය නිසා ලබන වසරේ නොවැම්බර් මාසයේ රටවල් 05 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන  ජාත්‍යන්තර ශ්‍රව්‍යාබාධිත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියක් සදහා ආරාධනා දැනටමත් අපේ කණ්ඩායමට ලැබී තිබෙනවා යැයි ද ඇය අනාවරණය කළාය .

inb

rttrt

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අකිල ධනංජයට පන්දු යැවීම තහනම් කරයි...
2018-12-10 22:10:25
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව අන්තර් ජාතින ක්‍රික...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
මාලිංගට - මැතිව්ස්ට කෝටි 5 ක ලංසු...
2018-12-12 17:43:10
ලබන වසරේදී (2019) පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියට ක්‍රීඩකයන් තෝරගැනීම සඳහා පැවැත්වෙන වෙන්දේසියේදී ශ්‍...
නවසීලන්ත ක්‍රීඩකයෝ පෙරමුණ ගනිති...
2018-12-11 19:51:35
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට දින හතරකට පෙර, අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් නිකුත් කරන ලද නවතම ක්&zwj...