. නැගීඑන කණ්ඩායමේ නායකත්වය අසලංකට | කෙළිමඬල
2019 අපේ‍්‍රල් මස 25 වැනි බ‍්‍රහස්පතින්දා
නැගීඑන කණ්ඩායමේ නායකත්වය අසලංකට
2018-12-02 11:53:48 | ශානුක අරවින්ද

 

ආසියානු ක්‍රිකට් සභාව සංවිධානය කරන නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක චරිත් අසලංකට හිමිව තිබේ. මෙම තරගාවලියේදී අසලංකගේ උප නායකයා ලෙස සම්මු අශාන් නම්කර තිබේ. 

ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා නැගී එන සංචිතයට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ සඳුන් වීරක්කොඩි, අසේල ගුණරත්න, ජෙෆ්රි වැන්ඩසේ, ෂෙහාන් මධුෂංක, කමිඳු මෙන්ඩිස්, අවිෂ්ක ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දු යන ක්‍රීඩකයෝ ඇතුළත්ව සිටිති. 

මේ මස 6 වැනිදා සිට 15 වැනිදා දක්වා මෙම තරගාවලිය පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව ‘ඒ’ කාණ්ඩය යටතේ ඊට එක්ව සිටියි. ‘ඒ’ කාණ්ඩයට අයත් සෙසු රටවල් වන්නේ ඉන්දියාව, ඇෆ්ගනිස්තානය සහ ඕමානයයි. 

පාකිස්තානය, බංග්ලාදේශය, හොං කොං සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ‘බී’ කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතය. 

‘ඒ’ කාණ්ඩයේ මූලික වටයේ තරග දෙසැම්බර් මස 7 වැනිදා සිට ශ්‍රී ලංකාවේදී පැවැත්වේ.  ‘බී’ කාණ්ඩයේ මූලික වටයේ තරග දෙසැම්බර් මස 6 වැනිදා සිට පාකිස්තානයේදී පැවැත්වේ. කාණ්ඩ දෙකේ ශූරයන් සහ අනු ශූරයන් අතර අවසන් පූර්ව තරග පැවැත්වෙන අතර එම තරගවලින් ජය ගන්නා කණ්ඩායම් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගනු ඇත. 

තරගාවලියේ අවසන් පූර්ව තරග දෙසැම්බර් 13 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සහ සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර අවසන් මහ තරගය දෙසැම්බර් 15 වැනිදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. 

ශ්‍රී ලංකා නැගී එන සංචිතය 
චරිත් අසලංක (නායක), සම්මු අශාන් (උප නායක), කමිඳු මෙන්ඩිස්, අවිෂ්ක ප්‍රනාන්දු, හසිත බෝයගොඩ, සඳුන් වීරක්කොඩි, අසේල ගුණරත්න, නිෂාන් මධුෂංක, ජෙෆ්රි වැනිඩසේ, ලසිත් ඇඹූල්දෙණිය, නිෂාන් පීරිස්, ෂෙහාන් මධුෂංක, අසිත ප්‍රනාන්දු, ජෙහාන් ඩැනියෙල් සහ චාමික කරුණාරත්න 

මූලික වටයේදී ශ්‍රී ලංකාව සහභාගි වන තරග 
දෙසැම්බර් 7 - ඕමානයට එරෙහිව ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීද
දෙසැම්බර් 8 - ඇෆ්ගනිස්තානයට එරෙහිව සී.සී.සී. ක්‍රීඩාංගණයේදීද
දෙසැම්බර් 10 - ඉන්දියාවට එරෙහිව ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීද පැවැත්වේ. 

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මුම්බායි පිල හයවැනි ජයත් ලබයි...
2019-04-18 20:15:50
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 34 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර දිල්ලිහිදී අද (18 වැනිදා...
අසන්ත ද මැල්...
2019-04-18 18:39:23
“මම මාලිංගට දුරකථනයෙන් කථා කළා. මම ඔහුට කිව්වා අපිට ඔහුගේ නායකත්වය පිළිබඳව ප්‍රශ්නයක් නෑ. ඒත් මේ වෙලාවේ අපිට ඕනේ කණ්ඩායම එකමුතුව යන්න කිය...
ශම්මි සිල්වා...
2019-04-18 18:37:22
“ලෝක පූජිත ක්‍රීඩකයෙක් වුණ පළියට හොඳ නායකයෙක් වෙන්නේ නෑ. හොඳ නායකයෙක් ලෝක පූජිත ක්‍රීඩකයෙක් වෙන්නෙත් නෑ. මාලිංගට තරග 12 ක් ලබා දුන්නා...
කෝලි බැංගලෝර් පිලට ජය ගෙනෙයි...
2019-04-19 20:34:34
විරාට් කෝලීගේ (100) විශිෂ්ට පිතිහරඹය හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 35 වැනි තරගය ලෙස කොල්කටා නයිට්රයිඩර්ස් සහ රෝය...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
ශ්‍රී ලංකා කන්ඩායමට සුබපතන්නද... පෘතුගීසි කන්ඩායමට සුබපතන්නද කියලා හිතාගන්න බෑ ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
තේරීම් කමිටු සභාපති පවසන ආකයට මාලිංගගේ නායකත්වය කිසිම ගැටළුවක් නැතත් අනෙත් ක්‍රීඩකයන් සහයෝගය නොදෙක්වීමයි. රටක් නියෝජනය කරන අනෙත් ක්‍රීඩකයන් නායකයට සහය...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
රටට සෙල්ලම් කරන්න බැරි අය වැඩක් නෑ.....තමන්ගේ පෞද්ගලික හිතු මතේට මෙහෙම රටක්....  සෙල්ලම් කරන්න තරගෙකට බැහැ කියන එක මහ අමන වැඩක්..... රටේ සල්ලි...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
මාලිංග කරුණාකර මහජනතාවට පෙන්නන්න ඔබ තනතුරු සඳහා ගිජු පුද්ගලයෙක් නොවන බව....ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉදිරිපත් වී දක්ෂතා පෙන්වන්න. මහජනතාව ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
ආගම පදනම් කරගෙන ක්‍රීඩකයන් තේරීම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට ඉතාමත් අහිතකර වේ. ...