. රන් කුසලාන අවසන් මහ තරග 15 දා | කෙළිමඬල
2019 ජනවාරි මස 19 වැනි සෙනසුරාදා
රන් කුසලාන අවසන් මහ තරග 15 දා
2018-12-07 19:55:08 | .

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කරන ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ අවසන් මහ තරග මේ මස 15 වැනිදා මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

එහි විවෘත පිරිමි අවසන් මහ තරගයේදී ගම්පහ සියනෑතරු ක්‍රීඩා සමාජය සහ කොළඹ බලරැස් ක්‍රීඩා සමාජය තරග වදිති.  විවෘත කාන්තා අවසන් මහ තරගයේදී කුරුණෑගල කැෂුවලයින් ක්‍රීඩා සමාජය සහ කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය තරග වැදීමට නියමිතය. 

රුවන්වැල්ල රාජසිංහ ක්‍රීඩා සමාජය සහ නාත්තන්ඩිය ධම්මිස්සර ක්‍රීඩා සමාජය වයස 22 න් පහළ පිරිමි අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටින අතර මහඋස්වැව රතනපාල ක්‍රීඩා සමාජය සහ කෑගල්ල ඇලමෝනා ක්‍රීඩා සමාජය වයස 22 න් පහළ කාන්තා අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටිති. 

ඩයලොග් අසියාටා සමාගමේ අනුග්‍රහය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස වොලිබෝල් සම්මේලනයේ සභාපති රංජිත් සියඹලාපිටිය මහතා සහභාගි වීමට නියමිතය. 

අවසන් මහ තරග කාලසටහන 

වයස 22 න් පහළ (කාන්තා) 
පෙරවරු 9.00 - මහඋස්වැව රත්නපාල ක්‍රීඩා සමාජය සහ කෑගල්ල ඇලමෝනා ක්‍රීඩා සමාජය අතර 

වයස 22 න් පහළ (පිරිමි) 
පෙරවරු 11.00 - රුවන්වැල්ල රාජසිංහ ක්‍රීඩා සමාජය සහ නාත්තන්ඩිය ධම්මිස්සර ක්‍රීඩා සමාජය අතර 

විවෘත කාන්තා  
පස්වරු 1.00 - කුරුණෑගල කැෂුවලයින් ක්‍රීඩා සමාජය සහ කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය අතර 

විවෘත පිරිමි   
පස්වරු 3.00 - ගම්පහ සියනෑතරු ක්‍රීඩා සමාජය සහ කොළඹ බලරැස් ක්‍රීඩා සමාජය අතර 

-036 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා ‘ඒ’ පිලට 1-0 ක තරගාවලි ජයක්...
2019-01-16 12:42:19
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍ර...
තිසරගෙන් පන්දු 26 කදී ලකුණු 74 ක්...
2019-01-13 21:45:55
බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් (බී.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ කොමිලා වික්ටෝරියන්ස් පිල සහ චිතගොන් වයිකිංස් පිල අතර ඩකාහි මීර්පූර් ක්&...
ශ්‍රී ලංකා යොවුන් පිලට කඩුලු 3 ක ජයක් ...
2019-01-12 12:55:36
අභියෝගත්මක ඉලක්කයක් කරා සාර්ථකව ගිය ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති යොවුන් ටෙස්ට් තරගයේදී කඩුල...
පැතුම් - කමිඳු බලාපොරොත්තු රඳවාගනිති...
2019-01-15 16:13:56
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායමට එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය තෙව...