. වෝනර්ට ආපසු එන්න බාධාවක් නෑ | කෙළිමඬල
2019 පෙබරවාරි මස 16 වැනි සෙනසුරාදා
වෝනර්ට ආපසු එන්න බාධාවක් නෑ
2018-12-27 17:06:12 | .


ඕස්ට්‍රේලියානු පිලේ හිටපු නායක ඬේවිඞ් වෝනර් නැවතත් ජාතික කණ්ඩායමට එකතු කිරීම සම්බන්ධයෙන් සලකා බැලීමේදී ඔහුගේ කණ්ඩායම් සගයින් පැවසූ දේ කිසිම අකාරයේ බලපෑමක් ඇති නොකරන බව ඕස්ට්‍රේලියානු  ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී කෙවින් රොබට්ස් මහතා කියයි. 

දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නුවරදී පැවැති ටෙස්ට් තරගයකදී පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වැරදිකරුවන් වූ ස්ටීවන් ස්මිත් සහ කැමරන් බැන්ක්‍රොෆ්ට් පසුගියදා මාධ්‍ය හමුවේ කියා සිටියේ එම අපකීර්තිමත් උපායේ නිර්මාතෘවරයා අන් කවරකු හෝ නොව ඬේවිඞ් වෝනර් බවයි. ඕස්ට්‍රේලියානු  පිලේ හිටපු ක්‍රීඩකයන් විසින් මෙම ප්‍රකාශ අර්ථගන්වා ඇත්තේ ‘ඬේවිඞ් වෝනර් නැවතත් ඕස්ටේ්‍රලියානු කණ්ඩායමට පැමිණීමේ ගමන අවහිර කරන අන්දමේ කතා’ වශයෙනි. 

එය එසේ වුවත් ඕස්ට්‍රේලියානු  ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා පවසන්නේ  වෝනර් නැවතත් ඕස්ට්‍රේලියානු පිලට එක්වීම සම්බන්ධයෙන් ස්මිත් සහ බැන්ක්‍රොෆ්ට් දෙදෙනාගේ ප්‍රකාශ කිසිම ආකාරයේ බලපෑමක් ඇති නොකරන බවයි. 

ඒවායින් වෝනර්ට කිසියම් අපහසුතාවක් ඇතිවෙනවාද කියා මා නම් දන්නේ නෑ. ඒත් අපේ අරමුණ වෙන්නේ ඬේව් සමගින් ඉදිරියටත් කටයුතු කිරීමයි. කණ්ඩායමට නැවත එක්වීම සම්බන්ධයෙන් ඔහුගේ සැලැස්ම ගැන මා දවස් තුනකට ඉහතදීත් ඔහු සමග කතා කළා” යයි ද රොබට්ස් මහතා පවසා තිබේ. 

“අපි බලන්න ඕනෑ ක්‍රීඩකයන් සමග ඉදිරියට යන ආකාරය ගැන මිසක් අතීතයේදී සිදුවූ දේවල් ගැන නොවේ” යයිද හෙතෙම පැවසීය. 

ඕස්ට්‍රේලියානු  ක්‍රිකට් ලොක්කා වැඩිදුරටත් කියන්නේ ස්ටීවන් ස්මිත් සහ කැමරන් බැන්ක්‍රොෆ්ට් දෙදෙනා මාධ්‍ය නියෝජිතයන් සමග කළ සාකච්ඡා කාලයට නොගැලපෙන බවයි. එමගින් මෙල්බර්න්හිදී පැවැත්වෙන ටෙස්ට් තරගය කෙරෙහි තිබිය යුතු අවධානය වෙනතක ඇදී ගිය බවද ඔහු කියයි. අනෙක් අතට මෙම සිදුවීම සම්බන්ධයෙන් පැවැති පරීක්‍ෂණ වලදී හෙළදරව් වූ කරුණු සමග සංසන්දනය කිරීමේදී ස්ටීවන් ස්මිත් සහ කැමරන් බැන්ක්‍රොෆ්ට් දෙදෙනා අලුතෙන් යමක් හෙළිදරව් නොකළ බවද රොබට්ස් මහතා කියයි. 

“මේ අපකීර්තිමත් උපායේ නිර්මාතෘ තමන් බව වෝනර් පිළිගත්තා වගේම එහි වගකීමත් බාරගත්තා” යයිද රොබට්ස් මහතා පැවසීය. 

“නුඹලාට මුදල් ගෙවන්නේ සෙල්ලම් කරනවාට නෙමේ. දිනනවාටයි.....ඒත් අපගේ කොන්දේසි විරහිත අපේක්‍ෂාව වෙන්නේ ගෞරවනීයව තරග වැදීමයි” යනුවෙන් ඕස්ට්‍රේලියානු  ක්‍රිකට් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා වන ජේම්ස් සදර්ලන්ඞ් සහ උසස් දස්කම් ආයතනයේ ලොක්කා වූ පැට් හොවාඞ් තමන්ට කී බවද ස්ටීවන් ස්මිත් කියා තිබුණේය. 

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ද්විත්ව ශතක 15 ක් - ශතක 114 ක්...
2019-02-12 18:52:14
අන්තර් සාමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ පැවැති තරගාවලිය අවසන් වනවිට පිතිකරුවන් සිව්දෙනෙකු ලකුණු 100...
දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 235 කට සීමාවෙයි...
2019-02-13 14:59:14
ඩර්බන්හිදී අද (13 වැනිදා) ආරම්භවූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ වැඩි වාසී ශ්‍රී ලංකාවට ලබාදුන් වේග පන්දු යවන්නන් තරගයේ පාලනය සියතට ගනිම...
පාලනය බාරගන්න කියා ක්‍රීඩකයන් මට බලකරනවා...
2019-02-12 18:00:25
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය තමන්ට හැකි ඉක්මණින් ලබගන්නා ලෙස ක්‍රීඩකයන් ඇතුළු සියලුම පාර්ශවලින් තමන්ට බල කරන බව ශ්‍රී ...
විශාලතම මුදල ගෙනාවේ මමයි...
2019-02-11 21:03:55
ශ්‍රී ලංකා ක්‍රිකට් රූපවාහිනී අයිතිය සඳහා විශාලතම මුදල ගෙන ඒමට තම පාලන කාළයේ හැකියාව ලැබුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ...
ජනාධිපති විදුහල් පිහිනුම් තටාකය හෙට විවෘත කරයි ...
කොළඹ කොටිගනන් වියදම් කරලා පිහිනුම් තටාක හදනව මම දැක්කා පිංතූරයක් ගමෙ ඉස්කොලෙක දරවෙක් හෙල්ල විසිකරනව වැටහිරියා පොල්ලකින් පුදුම රටක් මෙක පිංතූරය ඔන්න...
දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට...
ඔලුවේ කැක්කුමට කොට්ටා මාරු කරල හරියයිද? ...
දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට...
මගෙනම් අදහස කුසල් මෙන්දිස්වත් ටිකකලකට නතර කල යුතුයි ...
නායකත්වය නැවතත් මැතිව්ස්ට යන හැඩ...
කණ්ඩායම තෝරන විදිහ හරිම ලජ්ජාසහගතයි. කුසල් මෙන්ඩිස් දිගටම අසාර්ථක වෙද්දී ඔහුව ඉවත් නොකරන්නේ ඇයි? කණ්ඩායමේ ඔහුගේ ස්ථානය ස්ථිරවම වෙන් කර දී අනිත් දහදෙනා...
ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ 5-0 කින් අයර්ලන්ත ‘ඒ’ පි...
සුපිරියි... ජයවේවා !!!...