. මැතිව්ස් ස්කෑන් පරීක්ෂණයකට | කෙළිමඬල
2019 මැයි මස 20 වැනි සඳුදා
මැතිව්ස් ස්කෑන් පරීක්ෂණයකට
2018-12-29 15:26:20 | .

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර ක්‍රයිස්ට්චර්ච්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය තුළදී කලවේ ආබාධයට ලක්වූ ඇන්ජලෝ මැතිව්ස් ස්කෑන් පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කළ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කලමණාකාරීත්වය තහවුරු කරයි.

ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වූ අද (29 වැනිදා) දිවා ආහරයෙන් අනතුරුව පන්දුවට පහරදෙමින් සිටි මැතිව්ස් ලකුණු 2 ක් සඳහා කඩුලු අතර දිවයෑමේදී ඔහුගේ දකුණු කලවේ මස්පිඩු ඇදීමක් සිදුවී තිබේ.

ක්‍රීඩාංගණය තුළදීම එම ආබාධ තත්වය සඳහා තාවකාලික ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව තරමක් අසීරුවෙන් ක්‍රීඩා කළ මැතිව්ස්, මඳ වේලාවකට පසුව අතිරේක ක්‍රීඩකයන්ගේ සහායද ඇතිව පිටියෙන් ඉවත්ව ගියේය.

අද දිනය නිමාවන තෙක් ඔහු නැවත පන්දුවට පහරදීම සඳහා නොපැමිණි අතර ස්කෑන් පරීක්ෂණයේ ප්‍රතිඵලය නිරීක්ෂණය කිරීමෙන් අනුව තරගයේ අවසන් දිනය වන හෙට (30 වැනිදා) නැවතත් ඔහු පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසීමට ඉඩ තිබේ.

 

-036
 

ඔබේ ප්‍රතිචාර
Chandana2018-12-29 10:34:28
තව ඩිප්ස් ගහල පෙන්නුවනම් හරි

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
චන්දිමාල් ප්‍රාන්ත තරගාවලියේ තැනක් සොයයි...
2019-05-17 19:45:08
ලෝක කුසලාන තරගාවලියේ අවස්ථාව අහිමිවූ ජ්‍යෙෂ්ඨ පිතිකරු දිනේෂ් චන්දිමාල් ‘ඒ’ කණ්ඩායමෙන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටි බව තේරීම් ...
මාලිංගට තරග දෙකක් මඟහැරෙයි...
2019-05-17 11:44:00
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා මේ මස 21 වැ...
අමීර්ගේ බලාපොරොත්තු බොඳවෙන ලකුණු ...
2019-05-14 20:11:46
පැපොල රෝගය වැළඳීම හේතුවෙන් සත්කාරක එංගලන්ත පිලට එරෙහිව බි්‍රස්ටල් සහ නොටින්හෑම් හිදී පැවැත්වීමට නියමිත තෙවැනි සහ සිවුවැනි එක්දින තරග ව...
ශ්‍රී ලංකා - ස්කොට්ලන්ත තරගය වැස්සට සේදෙයි...
2019-05-18 15:26:29
ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර ස්කොට්ලන්තයේ ඊයේ (18 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ පළමු එක්දින තරගය වර්ෂාව නිසා අතහැර දමන ලදි. ස්කොට්...