. සංඝබෝධි විදුහල ඉනිමකින් ජය ලබයි | කෙළිමඬල
2019 මාර්තු මස 20 වැනි බදාදා
සංඝබෝධි විදුහල ඉනිමකින් ජය ලබයි
2019-01-01 17:04:40 | .

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ හුණුමුල්ල සී.ඩබ්.ඩබ්. කන්නංගර විදුහල සහ නිට්ටඹුව ශ්‍රී සංඝබෝධි විදුහල අතර කන්නංගර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයෙන් ඉනිමක සහ ලකණු 52 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී සංඝබෝධි විදුහල සමත් විය. 

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ කවිඳු උමයංග ලකුණු 40 කට කඩුලු 10 ක් දවාගනිමින් සංඝබෝධි විදුහලේ ජයග්‍රහණය පහසු කළේය. එම විදුහලේම තිෂාක්‍ය ඉද්දල ලකුණු 51 ක් රැස්කරමින්, ලකුණු 5 කට කඩුලු 2 ක්ද දවාගත්තේය. 

සංඝබෝධි විදුහල් පළමු ඉනිම - ඕවර 67.2 කදී සියලු දෙනා දැවී 216 
(තිෂාක්‍ය ඉද්දල 51, හිරුණ ලක්ෂාන් 33, රවිඳු බාලසූරිය 31, දිල්ෂාන් ලියනගේ 33, මලිඳු විහඟ 23, සමින්ද තරුෂික 20/4) 

කන්නංගර විදුහල් පළමු ඉනිම - ඕවර 26.3 කදී සියලු දෙනා දැවී 71 
(ඕෂද සදෙව් 20, කවිඳු උමයංග 26/5, මලිඳු විහඟ 03/2, තිෂාක්‍ය ඉද්දල 05/2) 

කන්නංගර විදුහල් දෙවැනි ඉනිම - ඕවර 36.5 කදී සියලු දෙනා දැවී 93 
(ඕෂද සදෙව් 35, කවිඳු උමයංග 14/5, රවිඳු බාලසූරිය 39/2, නිසාද්‍ය උද්දල 07/2) 

-036 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
උදානගේ හුදෙකලා පිතිහරඹය අපතේ යයි...
2019-03-13 16:29:32
  ශ්‍රී ලංකාවට එරෙහිව පෝට් එලිසබෙත්හිදී අද (13 වැනිදා) පැවැති සිවුවැනි එක්දින තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් අත්කර ගැනීමට දකුණු අප...
ශ්‍රී ලංකාව 5-0 කින් එක්දින තරගාවලිය පරදී...
2019-03-16 21:00:46
ටෙස්ට් තරගාවලිය පරාජය වී සති තුනක් යාමටත් මත්තෙන් එහි වාඩුව ගත් දකුණු අප්‍රිකානුවෝ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී 5...
හතුරුසිංහ ආපසු කැඳවයි...
2019-03-14 16:31:50
දකුණු අප්‍රිකාවේදී දැන් පැවැත්වෙන තරග සංචාරයේ විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍ර...
විස්මිත හඹායාමකින් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්...
2019-03-17 19:41:32
අවසන් (සිව්වැනි) අදියරේ විශ්මිත හඹා යාමකින් මිශ්‍ර සහය (අදියර 4ක එකතුව මීටර 1000 - පිරිමි) ඉසව්වේ රිදී පදක්කම (විනාඩි 1 තත්පර 55.04) හ...