. තර්ස්ටන් විද්‍යාලයට ඉනිමක ජයක් | කෙළිමඬල
2019 මාර්තු මස 24 වැනි ඉරිදා
තර්ස්ටන් විද්‍යාලයට ඉනිමක ජයක්
2019-01-04 20:57:33 | ...

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කෑගල්ල ශාන්ත මේරී විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 267 ක ජයක් ලබාගැනීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලය අද (4 වැනිදා) සමත්විය. මෙම තරගය තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ජයවිහාන් මහවිතාන (106) සහ බවන්ත ජයසිංහ (නොදැවී 100) ශතක ලබාගනිමින් තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ අතර ශා.මේරී විද්‍යාලයීය පළමු ඉනිමේදී සඳරු ඩයස් කඩුලු 5 ක්ද දෙවැනි ඉනිමේදී අයේෂ් හර්ෂණ කඩුලු 7 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


ශා. මේරී විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 36.2 කදී සියලුදෙනා දැවී ලකුණු 64
(සඳරු ඩයස් 12/5, දසුන් ජයවර්ධන 17/2)

තර්ස්ටන් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 374
(ජයවිහාන් මහවිතාන 106, බවන්ත ජයසිංහ නොදැවී 100, යොහාන් ලියනගේ 70, රනේෂ් සිල්වා 38, මලීෂ සේනානායක 130/3, ඉෂාන් වීරසූරිය 59/2)

ශා. මේරී විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 15.3 කදී සියලුදෙනා දැවී ලකුණු 43
(අයේෂ් හර්ෂණ 07/7, යොහාන් ලියනගේ 15/2)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දකුණු අප්‍රිකාව සුපිරි ඕවරය ජයගනී...
2019-03-19 21:28:52
තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කේප් ටවුන්හි නිව්ලන්ඞ්ස් ක්‍රීඩාංගණයේදී අද (19) පැවැති පළමු විස්සයි-2...
විස්මිත හඹායාමකින් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්...
2019-03-17 19:41:32
අවසන් (සිව්වැනි) අදියරේ විශ්මිත හඹා යාමකින් මිශ්‍ර සහය (අදියර 4ක එකතුව මීටර 1000 - පිරිමි) ඉසව්වේ රිදී පදක්කම (විනාඩි 1 තත්පර 55.04) හ...
දකුණු අප්‍රිකානු ජ්‍යෙෂ්ඨයෝ විවේක ගනිති...
2019-03-18 18:13:33
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද දකුණු අප්‍රිකානු ස...
උදානගේ ප්‍රවේගකාරී පිතිහරඹය අපතේ යයි...
2019-03-22 21:34:17
ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 48 කදී නොදැවී ලකුණු 84 ක් රැස්කිරීමට ඉසුරු උදාන සමත් වුවද, මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හ...