. නීෂම් විස්සයි20 තරගයෙන් ඉවතට | කෙළිමඬල
2019 ජනවාරි මස 19 වැනි සෙනසුරාදා
නීෂම් විස්සයි20 තරගයෙන් ඉවතට
2019-01-09 16:36:59 | ...

ශ්‍රී ලංකාවට එරෙහිව අනිද්දා (11 වැනිදා) පැවැත්වෙන එකම විස්සයි20 තරගයෙන් ඉවත්වීමට ආබාධයකට ලක්වූ ජේම්ස් නීෂම්ට සිදුවිය. පසුගිය 11 වැනිදා පැවැති තෙවැනි සහ අවසන් එක්දින තරගයේදී කළවේ නහරයක පීඩාවකට නිශාම් ලක්විය.

එක්දින සංචිතයේ සිටි ඩග් බ්‍රේස්වේල් ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන එකම විස්සයි20 තරගයට නම්කළ 13 දෙනෙකුගෙන් සමන්විත සංචිතයෙන් ඉවත්කළද ජේම්ස් නීෂම් ආබාධයකට ලක්විම හේතුවෙන් නැවතත් ඔහුව විස්සයි20 සංචිතයට නම්කිරීමට නවසීලන්ත තේරීම් කමිටුව පියවර ගත්තේය.

අවසන් තරගයේදී පන්දු රකිමින් සිටියදී දකුණු කලවේ ආබාධයකට ලක්වූ නිශාම් තරගය අතරතුර ප්‍රතිකාර සඳහා ක්‍රීඩා පිටියෙන් ඉවත්විය.

2017 ජුනී මාසයෙන් පසුව ජාත්‍යන්තර පිටියට පැමිණි ජේම්ස් නීෂම් ශ්‍රී ලංකාව සමගින් පැවැති පළමු එක්දින තරගයේදී පන්දු 13 කදී නොදැවී ලකුණු 47 ක් රැස්කිරීමට සමත්විය. එහිදී හයේ පහර 5 ක් සමගින් ලකුණු 34 ක් තිසර පෙරේරාගේ ඕවරයකදී ලබාගැනීමට නිශාම් සමත්විය. දෙවැනි එක්දින තරගයේදීද ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරතවූ නීෂම් පන්දු 37 කදී ලකුණු 64 ක් ලබාගත් අතර තරග 3 දී ලකුණු 123 ක් රැස්කිරීමට සමත්විය.

පන්දු 100 කදී ලකුණු ලබාගැනීමේ වේගය 219.64 ක් ක් ලෙස රඳවාගත් නීෂම් හයේ පහර 10 ක් තරග 3 දී ලබාගත්තේය. පන්දුවෙන්ද දස්කම් දැක්වූ නිශාම් කඩුලු 6 ක් දවාගත්තේය.

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා ‘ඒ’ පිලට 1-0 ක තරගාවලි ජයක්...
2019-01-16 12:42:19
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍ර...
තිසරගෙන් පන්දු 26 කදී ලකුණු 74 ක්...
2019-01-13 21:45:55
බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් (බී.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ කොමිලා වික්ටෝරියන්ස් පිල සහ චිතගොන් වයිකිංස් පිල අතර ඩකාහි මීර්පූර් ක්&...
ශ්‍රී ලංකා යොවුන් පිලට කඩුලු 3 ක ජයක් ...
2019-01-12 12:55:36
අභියෝගත්මක ඉලක්කයක් කරා සාර්ථකව ගිය ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති යොවුන් ටෙස්ට් තරගයේදී කඩුල...
පැතුම් - කමිඳු බලාපොරොත්තු රඳවාගනිති...
2019-01-15 16:13:56
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායමට එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය තෙව...